IMF නියෝජිතයෝ ජනපති හමු වෙති

0
30

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙකු අද (මාර්තු 15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීහු එම පිරිස අතර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.