IMF නියෝජිතයා අද ජනපති හමුවෙයි

0
34

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ චැන්යොං රී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (මාර්තු 15) පැවැත්වීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම් වාර්තාව පිළිබඳ කරුණු දක්වනු ඇති බව ය.

ඊයේ (මාර්තු 14) ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද හමු වී සකච්ඡා පවත්වා ඇති බව මූලාශ්‍ර දෙකක් තහවුරු කළ බව එම වාර්තා සඳහන් කළේ ය.

විදෙස් සංචිත ඉහළ නැංවීමට සහ එහි වර්ධනය තිරසාර මාවතකට ගෙන යා හැකි වැඩසටහනක් පිළිබඳව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.