සජබ අද තුන් පැත්තකින් කොළඹ වටලයි

0
22

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පවත්වන විරෝධතා රැලිය අද (මාර්තු 15) කොළඹදී සවස 02.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් මාර්ග තුනක් මූලික කරගෙන මෙම විරෝධතා රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම විරෝධතා රැලිය සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එමෙන් ම, සමගි ජන බලවේගයේ සියලු ම ආසන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සඳහා කොළඹට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.