“රට මුහුණ දී සිටින්නේ හැදුණු අර්බුදයකට නොවෙයි, හැදුව අර්බුදයකට” – ගම්මන්පිල

0
40

ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ නිරායාසයෙන් ඇති වුණු අර්බුදයක් හේතුවෙන් නිසා නොව වැරදි තීරණ හේතුවෙන් ඇති කරන ලද අර්බුදයක් නිසා යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, 2021 වසරේදී ශ්‍රී ලංකාව ආනයනය සඳහා ඩොලර් බිලියන 20.6ක් වැය කළ ද ඛනිජ තෙල්, එල්.පී. ගෑස්, ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇත්තේ, ඩොලර් බිලියන 4.6ක් බව ය.

තමන් ඇතුළු පාර්ශව ඉල්ලා සිටි පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා රජය සීමා පැනවීමට කටයුතු කළේ නම්, ජනතාවට මෙලෙස පෝලිම්වල දුක් විඳීමට සිදු නොවන බව ඔහු වැඩිදුරට ත් සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

අදාළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

People are suffering in queues because of a man-made crisis. #SriLanka spent $20.6b for imports in 2021. Only $4.6b for petroleum, LPG, coal & medicine. If Govt restricted import of non essentials a year ago as we demanded, people wouldn’t have suffered in queues now.— Udaya Gammanpila (@UPGammanpila) March 15, 2022