මුදල් ඇමති බැසිල් ඉන්දියාවට

0
33

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (මාර්තු 15) පිටත්ව ගියේ ය.

ඔහු සමග මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද මෙම සංචාරය සඳහා ඉන්දියාවට පිටත්ව ගොස් තිබේ.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ, අද පස්වරු 2.20 ටඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ය.

මේ අතර, පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීමට බලා සිටන බව ත් ඔහුගේ මෙම සංචාරයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරට ත් ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රයත්නයන් සවිමත් කරනු ඇති බව ත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.