ඉදිරියේදී දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ වන විට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ද ඊයේ (මාර්තු 14) දිනයේදී ලබා දුන් බව ය.
“තව ම තීන්දු කරලා නැති වුණත් අවම ප්‍රමාණයකින් ඉන්ධන මිල පියවා ගැනීමට සරිලන ආකාරයෙන් දුම්රිය ගාස්තු ඉදිරියේදී සුළු සංශෝධනයකට ලක් කරන්න නියමිතව තිබෙනවා.”