කැරට් 22 140,000 පනීකැරට් 22 140,000 පනී

0
47

මෙරට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 140,000 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට රන් වෙළෙඳපොලේ රත්රන්වල දැඩි හිඟයක් පැවතීම හේතුවෙන් එලෙස මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.

වැඩ කුලියත් සමග රන් පවුමක ආභරණයක් රු. 157,000 ත් රු. 159,000ත් අතර මිලකට අලෙවි වන බව මෙරට රන් භාණ්ඩ අලෙවිසල් හිමියෝ සඳහන් කරති.

කෙසේ වුව ද ඊයේ (මාර්තු 14) සවස වන විට ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළ අතර රන් අවුන්සයක මිල ලෙස සඳහන් වූයේ අමෙරිකන් ඩොලර් 1957.15ක අගයකි.

එය පැවති මිලට වඩා -31.04ක අඩුවීමකි.