වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවති ෆේස්බුක් සාදයක් වැටලීමෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, ගණේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල සහ මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 110ක්, හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, ගංජා ග්‍රෑම් 27ක් සහ මත්පෙති 15ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් 39 දෙනා ඊයේ (මාර්තු 13) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.