සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා දිවයිනට

0
42

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාවුද් (Faisal Bin Farhan Al Saud) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (මාර්තු14) දින අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ෆර්හාන් අල් සාවුද් මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව ය. 

සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද දින සවස් කාලයේදී ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන් ම ආපසු පිටත්ව යාමට නියමිත ය.

#Colombo | Minister of Foreign Affairs H.H Prince @FaisalbinFarhan arrives in the Democratic Socialist Republic of #Sri_Lanka. ???????????????? pic.twitter.com/Cm6HIcw3kw— Foreign Ministry ???????? (@KSAmofaEN) March 13, 2022