රුසියා-යුක්‍රේන සාම සාකච්ඡා සිව් වන වටය ඔන්ලයින් ක්‍රමයට ඇරඹෙයි

0
46

රුසියාව සහ යුක්‍රේනය අතර සිව් වන වටයේ සාම සාකච්ඡාව වීඩියෝ ඇමතුමක් හරහා සිදු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කියෙව් නගරයේ සිට එම සාකච්ඡාවට සහභාගී වී සිටින නිලධාරියෙකු මේ වන විට යුක්‍රේනයේ සහ රුසියාව අතර සිදු වන සාකච්ඡාවේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර ඇත.

යුක්‍රේන නිලධාරී මයිකේලියෝ පොඩොලියේක් (Mykhailo Podolyak) පවසන්නේ, දෙපාර්ශවය ම මේ වන විට ඔවුන්ගේ ස්ථාවරයන් ඉදිරිපත් කර ඇති බව ය.

මෙම සාක්ච්ඡාවේදී සටන් විරාමයක් ඇති කිරීම, රුසියානු හමුදා ඉවත් කර ගැනීම සහ යුක්‍රේනයේ  ආරක්ෂාව සහතික කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරන බව ඔහු මීට පෙර පැවසීය.