“රුසියාවට සහය දුන්නොත් චීනයට දරුණු ප්‍රතිවිපාක අත්වේවි” – අමෙරිකාව අනතුරු අඟවයි

0
34

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය ලබා දුනහොත් චීනයට දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේදී යුද්ධ සහය ලබා දෙන ලෙස රුසියාව චීනයෙන් ඉල්ලීමක් කළ බව ය.

කෙසේ වෙතත්, අමෙරිකාවේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, එවැනි ඉල්ලීමක් පිළිබඳව තමන් දැනුවත් නැති බව ය.

අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ, අමෙරිකාව සහ චීනය අතර ඉහළ පෙළේ බලධාරීන්ගේ හමුවක් පැවැත්වීමට පැය කිහිපයක් තිබියදී ය.

යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු චීනය, රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, ප්‍රසිද්ධියේ අවිආයුධ ලබා දීම හෝ මූල්‍යමය සහයෝගයක් ලබා දුන්නේ නැත.