යුක්‍රේනයේදී අමෙරිකානු මාධ්‍යවේදියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

0
57

යුක්‍රේනයේ සේවය කරමින් සිටි අමෙරිකානු මාධ්‍යවේදියෙකුට ඉර්පින් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

50 හැවිරිදි බ්‍රෙන්ට් රෙනෝඩ් නමැති එම මාධ්‍යවේදියා Time සඟරාව වෙනුවෙන් සේවය කිරීම සඳහා යුක්‍රේනයේ රැඳී සිට ඇත.

යුක්‍රේන පොලිසිය පැවසුවේ, රුසියානු භටයින්ගේ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු අසල සිටි තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය.