පාසල් පෙළ පොත් මුද්‍රණය ත් අර්බුදයක

0
65

ලබන වසර සඳහා පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය mawbima.lk වෙබ් අඩවියට පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, කඩදාසි මිල දෙගුණයකින් පමණ ඉහළ යාම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බව ය.

පසුගිය වසරේ පෙළ පොත් මුද්‍රණය සඳහා යොදා ගත් කඩදාසි මෙට්‍රික් ටොන් 1ක මිල රුපියල් 165,000ක් වූ බව ත් එය මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ත් මුද්‍රණාලයාධිපතිනිය පැවසීය.

මෙවර මුද්‍රණය කිරීම සඳහා ලැබෙන ඇණවුම් සංඛ්‍යා අනුව ඊට අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට සිදුවනු ඇති බව ත්, කඩදාසි මිල ඉහළ යාම සෑම ක්ෂේත්‍රයකට ම බලපා ඇති බව ත් ඇය පෙන්වා දුන්නා ය.

මේ සම්බන්ධයෙන් අද මුද්‍රණාලයාධිපතිනිය සහ එහි නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.