දෙවන ටෙස්ට් තරගයෙනුත් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

0
117

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු ක පරාජයක් අත් විය.

පළමු ඉනිමේදී ඉන්දියාව ලකුණු 252ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවේ ලකුණු 109කට සියලු කඩුලු බිඳ වැටිණි.

දෙවන ඉනිම සඳහා ඉන්දියාව කඩුලු 9කට ලකුණු 303ක් රැස් කළේ ය.

තරගයෙන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 477ක් රැස් කළ යුතු වුව ද ශ්‍රී ලංකා දෙවන ඉනිම 208කට සීමා විය.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගිය ද නායක දිමුත් කරුණාරත්න හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 107ක් රැස් කළේ ය.

ඉන්දියාවට ලකුණු 238ක ජයක් හිමි විය.