“ජනතාවට පාරට බහිනවා හැරෙන්න කරන්න දෙයක් නෑ” – මෛත්‍රී

0
68

”රටේ ජනතාවට පාරට බහිනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නොමැති බව” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බදුල්ලේදී පැවැසීය.

“ඔළුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. පසුගිය වසර දෙකේදී රජය තීන්දු තීරණ ගනිද්දී අපි සම්බන්ධ කර ගත්තේ නැතැයි”ද සිරිසේන මහතා පැවැසීය.

“අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු තෙල් මිල වැඩිවීමත් සමග ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණවලට පෙළඹීමට පටන්ගෙන තිබෙනවා. 

පක්ෂ 13ක් එකතු වී මේ ආණ්ඩුව හදද්දී මමත් සභාපතිවරයෙක් හැටියට පත් කරගත්තා. ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නැහැ.

බණ්ඩාරනායක මැතිනියගේ යුගයෙන් පස්සේ මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව. මම ප්‍රජාතන්ත්‍රවාදීව රට කර ගෙන ගියා. ලෝකයේ සියලු ම රටවල් මට උදවු කළා. මම 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. නමුත් මම දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණත් මට ඒක කරන්න බැරි වුණා.

විදුලිය, ගෑස් නැතිව කොළඹ නගරවැසියන් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය නැතිව ලොකු අර්බුදයකට මුහුණ දී අසරණ වී සිටිනවා. ජනතා විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වෙනවා. මුළු රට ම අද ඉන්නේ කඳුළින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරු සංවිධානය කළහ.