Scam Alert: WhatsApp පරිශීලකයින්ට දැනුම් දීමක්

0
311

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ඔබට ලැබුණේ නම්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, ඔබ දන්නා අයෙකුගෙන් එම පණිවිඩය ලැබුණේ නම්, එය වෙනත් අයෙකු අදාළ පුද්ගලයාගේ අනුදැනුමින් තොරව සිදු කළ හැක්කක් විය හැකි බවත් ඒ පිළිබඳව අදාළ පුද්ගලයා දැනුවත් කරන ලෙසත් ය.  

ඒ හේතුවෙන්, තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘2 factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙයි.

SCAM ALERT: If you receive a WhatsApp message noting you have been sent a 6 digit code by mistake, DO NOT REPLY. If the message came from a known contact, ensure to inform that their account may be compromised.Enable 2 factor authentication to secure WhatsApp account #trcsl #lka pic.twitter.com/yGrXlB22aV— TRCSL (@TRCSL) May 15, 2021