iPhone 12: ඇපල් සමාගමෙන් අධිවේගී 5G තාක්ෂණයට අනුගත ජංගම දුරකතනයක්

0
348

අධිවේගී 5G තාක්ෂණයට අනුකූලව Apple සමාගම නිපදවන පළමු ජංගම දුරකතනය ලෙස iPhone 12 වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.

මෙම දුරකතන මාදිලියේ අඟල් 5.4ක් විශාලත්වයෙන් යුත් කුඩා පරිමාණයේ නිෂ්පාදනයක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇපල් සමාගමේ පසුගිය වසරේ ජංගම දුරකතන අලෙවිය බෙහෙවින් පහත වැටී තිබිණි.

කෙසේ වෙතත්, iPhone 12 ජංගම දුරකතනයේ ඇතුළත් නව විශේෂාංග හේතුවෙන් ඇපල් සමාගමේ දුරකතන අලෙවිය පෙර නොවූ විරූ ලෙස ඉහළ යනු ඇතැයි වෙළෙඳපොල විශ්ලේෂකයෝ පවසති.

“5G තාක්ෂණය හරහා ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කිරීමේදී නව මානයක අත්දකීමක් ලැබෙනවා වගේ ම, උසස් තත්ත්වයේ වීඩියෝ දර්ශන, දුරකතන ක්‍රීඩාවලදී අත් වන පහසුව වගේ තවත් බොහෝ  දේවල් අත්දකින්න පුළුවන් වේවි,” ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් පැවසීය.

මෙම දුරකතනය නිමාව අතින් ද සිත්ගන්නාසුලු එකක් බව සමාගමේ අදහසය.

කෙසේ වෙතත්,  iPhone 12 ජංගම දුරකතනය සමග චාජර්, හෙඩ් ෆෝන් වැනි උපාංග ලබා නොදෙන බව සමාගම පවසයි. අදාළ උපාංගවලින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමට එම පියවර ගත් බව ඇපල් සමාගම පවසයි.