25

කොළඹ

හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි

සැණකෙලිය

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කටයුතු නොකළහොත් වසර 2001 පමණ වනවිට එය සම්පූර්ණයෙන්ම දිය වී යනු ඇතැයි විද්‍යාඥයන් කණ්ඩායමක් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබෙනවා. 

අනාගතයේදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා අවම කිරීමේ පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරා ගැනීමට සමත්ව සිටියද මේ ග්ලැසියර්වලින් 1/3ක් අතුරුදන් වීම වැළැක්විය නොහැකි බව “හින්දුකුෂ් හිමාලයා ඇගයුම් වාර්තාව“ මඟින් හෙළිදරව් වෙනවා. මේ ග්ලැසියර් හින්දුකුෂ් හිමාලයා කලාපයේ ජීවත් වන ජනයා මිලියන 250කට පමණ සහ ඉන් පහළ ගංගා නිම්නයේ ජීවත් වන බිලියන 1.5කට අධික ජනගහනයකට තීරණාත්මක ජල සම්පතක් බවට පත්ව ඇති බව මේ අධ්‍යයනයේදී හෙළි වුණා. ඒ අනුව මේ ග්ලැසියර්වලින් සැපයෙන ජල සම්පතින් පල ලබන සංඛ්‍යාව බිලියන 1.75කට අධිකයි. හිමාලයානු ග්ලැසියර් මඟින් පෝෂණය වන ලොව අතිශයින් වැදගත් ගංගා පද්ධති සංඛ්‍යාව 10ක්. ඒ අතර ඉන්දු, කහ, මීකොං සහ ඉරවඩි ආදී ගංගාද වෙනවා. මේ ගංගා පද්ධති මඟින් සෘජුව සහ වක්‍රාකාරයෙන් ආහාර, බල ශක්තිය, පිරිසුදු වාතය සහ ආදායම් මාර්ග සපයන ජනතාව බිලියන ගණනක්. රටවල් වශයෙන් ගත් කල ඇෆ්ගනිස්තානය, පාකිස්තානය. ඉන්දියා, නේපාලය, චීනය, භූතානය, බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවලට මින් ඇති වන බලපෑම අති විශාලයි. 

වායු දූෂණය, ගෝලීය උෂ්ණත්වය පාලනය නොකිරීම ඇතුළු විවිධ හේතූන් නිසා මෙම ග්ලැසියර් දියවී යෑම හේතුවෙන් නාගරික පානීය ජල සැපයුමට බාධා ඇතිවීම, බලශක්ති උත්පාදනය ඇනහිටීම, ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ජලය හිඟවීම ආදී බරපතළ ගැටලු රැසක් පැනනැඟීමේ අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා. 

මෙම හින්දුකුෂ් හිමාලයා අධ්‍යයනය වසර 5ක කාලයක් පුරා සිදුකොට ඇති අතර ඒ සඳහා පර්යේෂකයන් හා ප්‍රතිපත්ති විශේෂඥයන් 350 දෙනෙක්, විවිධ සංවිධාන 185ක්, තොරතුරු සම්පාදකයන් 210ක්, සමාලෝචක සංස්කාරකවරු 20ක්, බාහිර සමාලෝචකයන් 125ක් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 

ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් කඳු මුදුන් වසා සිටින ග්ලැසියර් ස්තර දියවී යෑමට ලක් වීමේ අවදානම මෙතෙක් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව නැති බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන පිලිප්පස් වෙස්ටර් සඳහන් කරනවා. ඔහු සඳහන් කරන ආකාරයට මේ හේතුවෙන් ඉදිරි සියවස තුළ රටවල් 8ක ග්ලැසියර් මේ අන්දමින් දියවී යෑමට ලක්ව අතුරුදන්ව යනු ඇති. මේ තත්ත්වයට හේතු වන ගෝලීය උෂ්ණත්වය අවම කර ගැනීමට 2015දී පැරිස් ගිවිසුමට අස්සන් තැබුණා. එහි අරමුණ වූයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට වඩා අවම මට්ටමක පවත්වා ගැනීමයි. නමුත් එය සෙල්සියස් අංශක 1.5 නොඉක්මවන මට්ටමක පවත්වාගෙන යා යුතු බව පසුව තීරණය කෙරුණා. මෙහිදී ලොව ප්‍රමුඛතම පරිසර දූෂකයන් වන ඇමෙරිකාව සහ සෞදි අරාබිය වැනි රටවල් මේ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා  නැහැ. කෙසේ වෙතත් සෙල්සියස් අංශක 1.5ක ඉලක්කය සපුරා ගනු ලැබුවද හිමාලයා කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.1ට වඩා අවම කර ගැනීමේ හැකියාව ලැබී නැති අතර ගෝලීය උෂ්ණත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී එය සෙල්සියස් අංශක 5 දක්වා ඉහළ යනු ඇතැයි සඳහන් වෙනවා. 

වසර 2015 දී දේශගුණික විපර්යාසය පාලනය කර ගැනීමේ අරමුණින් පැරිස් ගිවිසුමේදී ලොව රටවල් රැසක් ඒ සඳහා අස්සන් තබනු ලැබුවා. එහි අරමුණ වන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට වඩා අවම මට්ටමක පවත්වාගෙන යෑම සහ එය සෙල්සියස් අංශක 1.5ට වඩා ඉහළ යා නොදී පාලනය කිරීමයි. මෙසේ සිදු නොකළහොත් ලොවින් 25%ක පමණ ප්‍රදේශයක් වියළි බිම් බවට පත්වීමේ අවදානමක් පවතින බව සඳහන් වෙනවා. වසර 2017දී ලොව හරිතාගාර වායු පරිසරයට නිකුත් කිරීම අතින් දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින ඇමෙරිකාව මෙම ගිවිසුමෙන් ඉවත් වීමට අදහස් කරන බවට ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කොට තිබෙනවා. 

හිමාලයානු ග්ලැසියර් නිර්මාණය වී ඇත්තේ මීට වසර මිලියන 70කට පමණ අෑත අතීතයක බවයි සඳහන් වන්නේ. එය වෙනස් වන උෂ්ණත්වයට අතිශයින් සංවේදියි. විවිධ පාරිසරික බලපෑම් හේතුවෙන් මෙම හිමෙන් වැසී ඇති ප්‍රදේශ හා හිමපතන ප්‍රමාණයෙන් අඩු වෙමින් පවතිනවා. මේ අන්දමින් ග්ලැසියර් දියවීම නිසා ග්ලැසියර් විල්වල ජල මට්ටම ඉහළ යෑමේ හේතුවෙන් ඒවා උතුරා යෑමට ලක් වන නිසා සමතුලිතව ජලය බෙදී යෑම සිදු නොවීමේ අවදානමක්ද මතුව තිබෙනවා. වසර 1990 වනවිට මේ අන්දමින් උතුරා යෑමේ අවදානමට ලක්ව තිබූ විල් 3350ක සංඛ්‍යාව  දශකයක් තුළදී 4260 දක්වා ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් දත්තවලින් අනාවරණය වී තිබෙනවා. 

ලොව බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති කලාප අතරින් එකක් වන ඉන්දු ගංගා තැනිතලා ප්‍රදේශයේ වායු දූෂණය හේතුවෙන් ග්ලැසියර මත කළු පැහැති කාබන් හා දූවිලි තැන්පත් වීම නිසා හිම දියවීම කඩිනම් වෙනවා. මෙය මේ වනවිට කලාපයේ මෝසම් වර්ෂා රටාව වෙනස් කිරීමට පවා බරපතළ හේතුවක් බවට පත්ව ඇති බවත් මේ අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා. 

ගැමුණු රත්නායක

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්
ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

රජ බස!

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණට 1956 මහ මැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට ‘භාෂා ප්‍රශ්නය’ ආශීර්වාදයක් විය. සිංහල භාෂාව පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරය තුළ රැව් දුන්නේය. පැය විසිහතරෙන් කෙසේ වෙතත් බලයට පැමිණ, වසර කිහිපයකින් සිංහල 'රාජ්‍ය භාෂාව' කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේය.ඉංග්‍රීසියට ලැබී තිබුණ තැන අහිමි කොට බහුතරයක් කතා කරන භාෂාව වූ සිංහලයට මුල්තැන දීම කළ යුතුව තිබුණකි. කිසිවකු එහි වරදක් දකින්නේ නැත. වරද වූයේ දමිළ භාෂාවට නිසි තැන ලබා නොදීමය. මේ භාෂා ප්‍රශ්නය දමිළ අන්තවාදය පෝෂණයට මහත් දායකත්වයක් ලබා දුන් අතර වාර්ගික ප්‍රශ්නය උග්‍ර කළ සාධකයක් විය. පසුකලෙක දමිළ භාෂාවට නිසි තැන ලබාදීමට පාලකයන් කටයුතු කළද ඒ වන විට පෙරහර ගොස් අවසන්ව තිබිණි.සිංහල භාෂාවට මුල් තැනද දමිළ භාෂාවට නිසි තැන ලැබුණද මේ වන විට රටේ වැඩි තැනක් ලැබී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවටය. පෞද්ගලික අංශයේ බොහෝ විට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය අංශයේද ඉංග්‍රීසියට විශේෂ තැනක් ලැබී ඇත. සිංහල භාෂාව වැරැදියට පාවිච්චි කළද කිසිවකුට ඒ ගැන ලැජ්ජාවක් තිබෙන බව නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි භාෂාව ගැන ඇති සැලකිල්ල ඉමහත්ය. ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු සාමාන්‍ය භාෂාවකි. අසල්වැසි ඉන්දියාව සමඟ සසඳන විට ලංකාවේ ඉංග්‍රීසි  අධ්‍යාපනය දුර්වලය. ඒ අංශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත විශාල දියුණුවක් ලබා ඇත.කාරණය අනෙකකි.‘භාෂාව‘ සම්බන්ධයෙන් ලංකාව දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඒ ඒ බලධාරීන්, ඒ ඒ පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය ආකාරයට ‘භාෂාව‘ යොදා ගනිමින් සිටී. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් ඇතැම් පළාත්වල 'අරාබි' භාෂාවෙන්ද නාමපුවරු ප්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇත. ඇතැම් තැනක 'සිංහල' ලියා ඇත්තේ වැරැදියටය. රාජ්‍ය භාෂාව දෙවැනි තැනට දමා වෙනත් භාෂාවක් මුල්තැනට දමා ඇති තැන්ද තිබේ. දිවයින පුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශීය කටයුතු ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විය යුතුය.ඒ අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවලින් කිසිදු වීදි නාම පුවරුවක් නම් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.වීදි නාම පුවරු පමණක් නොව පාසල්, නිවාස සංකීර්ණ ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැඟිලිවල මෙලෙස ‘භාෂාව‘ අනවශ්‍ය ආකාරයෙන් යොදා තිබීම පිළිබඳවද රජයේ අවධානය යොමු කළ යුතුය.වාද භේද ඇති කර ගනිමින් ‘සිංහල’ රාජ්‍ය භාෂාව කළ රටක රාජ්‍ය භාෂාවට තිබිය යුතු ‘තැන’ අහිමි වීම කනගාටුදායකය. දමිළ භාෂාවද පසෙකට විසි කර අරාබි වැනි භාෂාවට මුල් තැනදීම විකාරයකි. මේ පිළිබඳව පමා වී හෝ අවධානය යොමුවීම සතුටට කරුණකි. කොතැනින් හෝ වැරැදි නිවැරැදි කිරීම ඇරඹිය යුතුය.
වීඩියෝ