25

කොළඹ

සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ

හදගැස්ම

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?

ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්සේ යන්න හිතන් හිටිය ගමන් බිමන් ඔක්කොම නවත්තන්න වුණා දැන් තියෙන තත්ත්වයත් එක්ක.

අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

ප්‍රසන්න ප්‍රියදර්ශන අයියා අධ්‍යක්ෂණය කරන ‘රකුන් ගිර’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක වෙනස්ම විදිහේ චරිතයක්. මම සාමාන්‍යයෙන් නයි නටවන තැනකවත් ඉන්නේ නැති කෙනෙක්. හැබැයි මේ නාට්‍යයෙත් නයි එක්ක ළඟ ළඟම ගැවසෙන්න වුණා. ලොකු අභියෝගයක් තිබ්බ චරිතයක් කළේ. ඒ වෙනස ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

විවාහයට කලින් වැඩ කිහිපයක පේන්න හිටියට දැන් ගීතිකා වැඩ ගොඩක පේන්න නෑනේ. ඇයි ඒ?

දැන් මම වැඩිපුර නිදහස හොයනවා වෙන්න ඇති. කොහොම වුණත් වැඩ සියයක් කරනවට වඩා එක හොඳ වැඩක් කළොත් ඒක වටිනවා.

තාමත් ඔබට බොහෝ දෙනා ආදරය කරන්නේ ‘සුදු හාමිනේ’ නිසා වෙන්න ඇති?

ඔව්. මම ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිත කළාට ගොඩක් අයට මාව මතක හිටියේ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ ‘සුදු හාමිනේ’ගේ චරිතයෙන්. ඉතිං ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහත්මයාට ලලිත් වසන්ත මහත්මයාට වගේම ඒ වගේ චරිතයක් ලියපු උදය අයියටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒකයි මම විශ්වාස කරන්නේ නාට්‍ය සියයක් කරනවට වඩා එක හොඳ දෙයක් කළොත් කාලයක් යනකල් අපිව ප්‍රේක්ෂකයන්ට මතක හිටිනවා කියන දේ.

නිදහස හොයන නිසාමද සමහර වැඩ අතහරින්නේ?

මෙහෙමයි, මට කතා කරපු වැඩ තියෙනවා. වැඩක් කරද්දී අගයක් වටිනාකමක් තියෙනවානේ. ලෝ බජට් කියලා ඉතිං අපේ අගය, වටිනාකම නැතිව වැඩ කරන්නත් අමාරුයිනේ. මූණ පෙන්නගන්න ඕනේ කියලා රඟපාන්නේ නැහැ. මාවම නිර්මාණයකට ඕනේ නම් ඒ අය මාව සම්බන්ධ කරගනියි.

ඒ කියන්නේ ගීතිකා ජනප්‍රියත්වය කියලා ඕන දෙයක එල්ලෙන්නේ නැද්ද?

ඇත්තටම ජනප්‍රියත්වය මොකටද? ජනප්‍රියත්වය ගැන ඉස්සර හිතුවා. එක නාට්‍යක දෙකක පේන්න ඉද්දී ජනප්‍රිය වෙනවා. නමුත් තව පිරිසක් ආවම ඔවුන් ජනප්‍රිය වෙනවා. නමුත් ජනප්‍රියත්වය පස්සේ හඹාගෙන ගිහින් වැඩක් නෑ. පාඩුවේ තමන්ගේ ගමන ගියාම ලැබෙන දේ ලැබෙයි. මිනිස්සුන්ගේ ආදරය සහ ගෞරවයත් ලැබෙයි.

ඔබ බිරියක් විධියට වගකීම් ඉෂ්ට කරන්න ලොකු කැපකිරීමක් කරනවා වගේ?

ඇත්තටම මම කැමැතියි මගේ අතින්ම සියලුම වැඩ කරන්න. මම රූගත කිරීම්වලට ගියත් මගෙන් වියයුතු දේවල් කරලා යන්නෙ. සැමියාගේ අම්මාගේ සහායත් මට ලැබෙනවා.

ඔබ ජනප්‍රියම තලයේ සිටිද්දී තමයි විවාහ වෙන්නේ. ඒ තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

ජනප්‍රියත්වයේ ඉහළ ඉන්නකොට විවාහ වෙන්න ගත්ත තීරණය ගැන බොහෝ අය මට දේවල් කිව්වා. ඒ ගැන හිතන්න කිව්වා. නමුත් ජනප්‍රියත්වයේ හිටපු කාලේ විවාහ වුණ එක ගැන පසුතැවීමක් මට දැනිලා නැහැ. සුදුසු කාලේ මම විවාහ වුණා. ලැබිලා තිබ්බ ජනප්‍රියත්වයත් මදෑ ඉතිං.

දැන් ගීතිකාගේ ජනප්‍රියත්වය අඩු වෙලාද?

මම ක්ෂේත්‍රයට ආවට පස්සේ එකම කාලේ නාළිකා කිහිපයක මම රඟපාපු නාට්‍ය විකාශය වුණා. ඒ කාලේ ලොකු ජනප්‍රියත්වයක් තිබුණා. දැන් ඒ ජනප්‍රියත්වය ටිකක් අඩු වෙලා. හැබැයි ජනප්‍රියත්වය අඩුවෙලා කියලා දුකක් නෑ. මොකද හැමදේම අනිත්‍යයිනේ. හැමදේම සතුටින් භාරගන්නවා මම.

ගීතිකා කාලයක් නිවේදන කටයුතුවලටත් එකතු වුණානේ. ආයෙත් නිවේදනයට එන්න අදහසක් නැද්ද?

අධ්‍යාපන වැඩකටයුතු සහ රංගන කටයුතු නිසා 2016දී මම නිවේදන කටයුතුවලින් අෑත් වුණා. නිවේදන කටයුතුවලට වෙන් කරන කාලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඇති වුණේ. දැන් නම් කාලය තියෙනවා. හොඳ වැඩසටහනක් ලැබුණොත් සම්බන්ධ වෙන අදහසක් තියෙනවා. අපි රාවණ රජුගේ ජීවිත කතාව සොයාගෙන යන වැඩසටහනක් කළා. ඒක මඟදි නතර වුණා. ඒක ගවේෂණශීලී වැඩසටහනක්. සමහරවිට ඒ වැඩසටහන ඉදිරියෙදී එන්න පුළුවන්.

ගත්ත උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්නේ කවදද?

ගත්ත උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. පරිපාලන විභාගය කරන්නත් හිතාගෙන ඉන්නවා. දැන් පොතක්පතක් අල්ලන එකත් හරිම අමාරු වැඩක්. මනස එක තැනක තියාගන්න හරි අමාරුයි. කොහොම වුණත් උපාධියෙනුත් වැඩක් ගන්න ඕනේ. දන්නෙම නැතිව දැන් ටික ටික ගෙදරටම කාලය වෙන් වෙලා.

සැමියා ගීතිකාට සීමා දාන්නේ නැද්ද?

එයා මට සීමාවන් දාන්න තරම් මම සීමාවෙන් පිට ගිහින් නැහැ. හැබැයි එයා ගෙදර එද්දි මම ගෙදර හිටියේ නැත්නම් එයාට අප්සට්. මම එයාට කියලා තමයි හැමදේම කරන්නේ. ඉතිං ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

මවක් වෙන හීනය ගැන දැන්මම හිතන්නේ නැද්ද?

මම සම්බන්ධ වුණ නාට්‍ය පහළොවක් විතර විකාශය වෙන්න තියෙනවා. විකාශය වෙන නාට්‍යවලට අසාධාරණයක් කරන්න මම කැමැති නැහැ. කොහොම වුණත් මවක් වෙන හීනය ගැන දැන්මම හිතලා නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායරූප - අශාන් ගමගේ

හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්
ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

රජ බස!

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණට 1956 මහ මැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට ‘භාෂා ප්‍රශ්නය’ ආශීර්වාදයක් විය. සිංහල භාෂාව පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරය තුළ රැව් දුන්නේය. පැය විසිහතරෙන් කෙසේ වෙතත් බලයට පැමිණ, වසර කිහිපයකින් සිංහල 'රාජ්‍ය භාෂාව' කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේය.ඉංග්‍රීසියට ලැබී තිබුණ තැන අහිමි කොට බහුතරයක් කතා කරන භාෂාව වූ සිංහලයට මුල්තැන දීම කළ යුතුව තිබුණකි. කිසිවකු එහි වරදක් දකින්නේ නැත. වරද වූයේ දමිළ භාෂාවට නිසි තැන ලබා නොදීමය. මේ භාෂා ප්‍රශ්නය දමිළ අන්තවාදය පෝෂණයට මහත් දායකත්වයක් ලබා දුන් අතර වාර්ගික ප්‍රශ්නය උග්‍ර කළ සාධකයක් විය. පසුකලෙක දමිළ භාෂාවට නිසි තැන ලබාදීමට පාලකයන් කටයුතු කළද ඒ වන විට පෙරහර ගොස් අවසන්ව තිබිණි.සිංහල භාෂාවට මුල් තැනද දමිළ භාෂාවට නිසි තැන ලැබුණද මේ වන විට රටේ වැඩි තැනක් ලැබී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවටය. පෞද්ගලික අංශයේ බොහෝ විට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය අංශයේද ඉංග්‍රීසියට විශේෂ තැනක් ලැබී ඇත. සිංහල භාෂාව වැරැදියට පාවිච්චි කළද කිසිවකුට ඒ ගැන ලැජ්ජාවක් තිබෙන බව නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි භාෂාව ගැන ඇති සැලකිල්ල ඉමහත්ය. ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු සාමාන්‍ය භාෂාවකි. අසල්වැසි ඉන්දියාව සමඟ සසඳන විට ලංකාවේ ඉංග්‍රීසි  අධ්‍යාපනය දුර්වලය. ඒ අංශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත විශාල දියුණුවක් ලබා ඇත.කාරණය අනෙකකි.‘භාෂාව‘ සම්බන්ධයෙන් ලංකාව දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඒ ඒ බලධාරීන්, ඒ ඒ පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය ආකාරයට ‘භාෂාව‘ යොදා ගනිමින් සිටී. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් ඇතැම් පළාත්වල 'අරාබි' භාෂාවෙන්ද නාමපුවරු ප්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇත. ඇතැම් තැනක 'සිංහල' ලියා ඇත්තේ වැරැදියටය. රාජ්‍ය භාෂාව දෙවැනි තැනට දමා වෙනත් භාෂාවක් මුල්තැනට දමා ඇති තැන්ද තිබේ. දිවයින පුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශීය කටයුතු ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විය යුතුය.ඒ අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවලින් කිසිදු වීදි නාම පුවරුවක් නම් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.වීදි නාම පුවරු පමණක් නොව පාසල්, නිවාස සංකීර්ණ ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැඟිලිවල මෙලෙස ‘භාෂාව‘ අනවශ්‍ය ආකාරයෙන් යොදා තිබීම පිළිබඳවද රජයේ අවධානය යොමු කළ යුතුය.වාද භේද ඇති කර ගනිමින් ‘සිංහල’ රාජ්‍ය භාෂාව කළ රටක රාජ්‍ය භාෂාවට තිබිය යුතු ‘තැන’ අහිමි වීම කනගාටුදායකය. දමිළ භාෂාවද පසෙකට විසි කර අරාබි වැනි භාෂාවට මුල් තැනදීම විකාරයකි. මේ පිළිබඳව පමා වී හෝ අවධානය යොමුවීම සතුටට කරුණකි. කොතැනින් හෝ වැරැදි නිවැරැදි කිරීම ඇරඹිය යුතුය.
වීඩියෝ