25

කොළඹ

දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු

හටන

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්පාවෙනි. මෙම සංවේදී ඡායාරූපය ප්‍රංශ AFP පුවත් සේවයෙන් උපුටා ගන්නා ලද්දකි. ඉකි බිඳිනා ඇගේ උණු කඳුළු ලෝකයම හඬවන්නට සමත්ය. 

දුවේ අඬන්න එපා! ඔබ හඬන විට මේ මොහොතේ ඔබ සමඟ මුළු ලොවම හඬනවා. නමුත් ඔබට මේ කඳුළු උරුම කළ අපරාධයට වගකිව යුත්තකු නැහැ. ඔබේ කඳුළු බිඳුවලට වගකියන කිසිවකු නැහැ. ඔබේ කඳුළු අපට දෙන පණිවුඩය අප මේ මොහොතේ කොපමණ අසරණද යන්නයි. 

ලෝකයේ රාජ්‍ය නායකයෝ බොහෝ සිටිති. ඔවුන්ගෙන් බහුතරය නිබඳ වෙහෙසෙන්නේ තම රටේ ජනයා සුවෙන් තබන්නටය. ජනයාගේ ආරක්ෂාව සහතික කරන්නටය. හැම නිවෙසකම හැම වේලකම බතක් ඉදෙන රටක් හදන්නටය. කිරි දරුවන්ගේ සහ මහල්ලන්ගේ සිනා හඬ ‍ෙදාරක් ‍ෙදාරක් පාසා ඇසෙන ලොවක් හදන්නටය. කොටින්ම සතුටු සිනාව මිසක කඳුළු නොනැඟෙන ජනතාවක් දැකීම රාජ්‍ය නායකයන්ගේ ප්‍රාර්ථනාවය. 

අපේත් අපේ දරුවන්ගේත් අවාසනාවට රටේ පුරවැසියන්ට ආදරය කරන, රටට ආදරය කරන නායකයන් සොයා ගන්නට අපට නොහැකි වී තිබේ. අපි රටේ ආරක්ෂාවත් අපේ ආරක්ෂාවත් භාරදුන් නායකයෝ ඒ දෙකම අනතුරේ හෙළා ඇත. මට සමාවන්න, ඔබ මට පැවරූ වගකීම මා අතින් අතහැරුණා. මගෙන් ප්‍රමාද දෝෂයක් සිදුවුණා යැයි ඔවුහු කිසිවකුත් නොපවසති. ඔවුන් කියන්නේ අරයා දන්නවා මට කිව්වේ නැහැ. මම දන්නවා ඒත් මෙච්චර ලොකු දෙයක් වෙයි කියා හිතුවෙ නෑ වැනි අහස පොළොව නුහුසුලන කතාය. 

හඬා වැටෙන මිනිසුන්ගේ නෙත්වල කඳුළු වියැළෙන්නටත් පෙර අපේ දේශපාලන නායකයෝ පාස්කු ඉරිදා විනාශය අමතක කර මහා දේශපාලන බලපොරයකට වැටී සිටිති. බි්‍රතාන්‍යයන් පාලනය අත්හැරියාට පසුව ගෙවුණු වසර 70 තුළ කීවරක් නම් ඔවුන් මේ රට ලෙයින් සෝදා හැරියාද? ලක්මව කඳුළු ගංගාවක ගිල්වූවාද? ඉතිහාසය යළි යළිත් පුනරුච්චාරණය වෙමින් තිබේ. අවුරුදු 10න් 20න් මිනිස් ජීවිත බිලිගැනීම නතර කරන බවක් නොපෙනේ. රටේ පුරවැසියන්ට ජීවත් වන්නට සිදුව තිබෙන්නේ අසුරු සැණෙන් රට අමු සොහොනක් වීමේ මහා අනතුරට මුහුණ දෙන සූදානම ඇතිවය. 

දුවේ ඔබ හඬන්නේ අතේ සිටින කිරි දරුවාට මේ රට උරුම කර දෑස් පියාගන්නේ කෙසේද කියා හිත පාරවන සිතිවිල්ලත් සමඟ නොවේද. ඇත්ත, අපි හැමදෙනාම මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නය එයයි. ඒත් අපි වැටිලා බැහැ. දෝතට සිරවී සිටින බිලි¼දාගේ නාමයෙන් ඔබ ශක්තිමත් විය යුතුයි. ලෝකය වැටුණු හැම විටම නැඟිට තිබෙන්නේ අම්මලගේ හයියෙන්. වගකීම් අත්හළ රාජ්‍ය නායකයන්ගේ පිහිට පැතීම මුලාවක් අපි අපේම ශක්තියෙන් යළි නැඟී සිටිමු. 

ඔවුහු විනාශ වූ දෙව් මැඳුරු යළි ගොඩනංවනු ඇත. එහෙත් බෝම්බකරුවන් උදුරා ගත් අපේ ඥාතීන්ගේ ජීවිත අපට යළි කවදා හෝ නොලැබෙනු ඇත. දෙව් මැඳුරු පිළිසකර වුවත් බිඳුණු හද මැඳුරු කිසිදා සුවපත් නොවනු ඇත. අපි ඔබට තනි වන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් කැපවූ කෝටි සංඛ්‍යාත ජනතාවක් ලෝකය පුරා සිටින බව සිතන්න. අපි ඒ සියල්ලන්ගේ ශක්තිය ඇතිව නැඟී සිටිමු. ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමු. මෙවැනි මරාගෙන මැරෙන මිනිසුන් නොව ලොව දිනන හෘදයාංගම මිනිසුන් සහිත ලෝකයක් නිර්මාණය කර ගැනීම උදෙසා අධිෂ්ඨානයෙන් නැඟී සිටිමු.


උදේනි සමන් කුමාර


හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්
ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

රජ බස!

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණට 1956 මහ මැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට ‘භාෂා ප්‍රශ්නය’ ආශීර්වාදයක් විය. සිංහල භාෂාව පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරය තුළ රැව් දුන්නේය. පැය විසිහතරෙන් කෙසේ වෙතත් බලයට පැමිණ, වසර කිහිපයකින් සිංහල 'රාජ්‍ය භාෂාව' කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේය.ඉංග්‍රීසියට ලැබී තිබුණ තැන අහිමි කොට බහුතරයක් කතා කරන භාෂාව වූ සිංහලයට මුල්තැන දීම කළ යුතුව තිබුණකි. කිසිවකු එහි වරදක් දකින්නේ නැත. වරද වූයේ දමිළ භාෂාවට නිසි තැන ලබා නොදීමය. මේ භාෂා ප්‍රශ්නය දමිළ අන්තවාදය පෝෂණයට මහත් දායකත්වයක් ලබා දුන් අතර වාර්ගික ප්‍රශ්නය උග්‍ර කළ සාධකයක් විය. පසුකලෙක දමිළ භාෂාවට නිසි තැන ලබාදීමට පාලකයන් කටයුතු කළද ඒ වන විට පෙරහර ගොස් අවසන්ව තිබිණි.සිංහල භාෂාවට මුල් තැනද දමිළ භාෂාවට නිසි තැන ලැබුණද මේ වන විට රටේ වැඩි තැනක් ලැබී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවටය. පෞද්ගලික අංශයේ බොහෝ විට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය අංශයේද ඉංග්‍රීසියට විශේෂ තැනක් ලැබී ඇත. සිංහල භාෂාව වැරැදියට පාවිච්චි කළද කිසිවකුට ඒ ගැන ලැජ්ජාවක් තිබෙන බව නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි භාෂාව ගැන ඇති සැලකිල්ල ඉමහත්ය. ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු සාමාන්‍ය භාෂාවකි. අසල්වැසි ඉන්දියාව සමඟ සසඳන විට ලංකාවේ ඉංග්‍රීසි  අධ්‍යාපනය දුර්වලය. ඒ අංශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත විශාල දියුණුවක් ලබා ඇත.කාරණය අනෙකකි.‘භාෂාව‘ සම්බන්ධයෙන් ලංකාව දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඒ ඒ බලධාරීන්, ඒ ඒ පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය ආකාරයට ‘භාෂාව‘ යොදා ගනිමින් සිටී. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් ඇතැම් පළාත්වල 'අරාබි' භාෂාවෙන්ද නාමපුවරු ප්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇත. ඇතැම් තැනක 'සිංහල' ලියා ඇත්තේ වැරැදියටය. රාජ්‍ය භාෂාව දෙවැනි තැනට දමා වෙනත් භාෂාවක් මුල්තැනට දමා ඇති තැන්ද තිබේ. දිවයින පුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශීය කටයුතු ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විය යුතුය.ඒ අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවලින් කිසිදු වීදි නාම පුවරුවක් නම් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.වීදි නාම පුවරු පමණක් නොව පාසල්, නිවාස සංකීර්ණ ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැඟිලිවල මෙලෙස ‘භාෂාව‘ අනවශ්‍ය ආකාරයෙන් යොදා තිබීම පිළිබඳවද රජයේ අවධානය යොමු කළ යුතුය.වාද භේද ඇති කර ගනිමින් ‘සිංහල’ රාජ්‍ය භාෂාව කළ රටක රාජ්‍ය භාෂාවට තිබිය යුතු ‘තැන’ අහිමි වීම කනගාටුදායකය. දමිළ භාෂාවද පසෙකට විසි කර අරාබි වැනි භාෂාවට මුල් තැනදීම විකාරයකි. මේ පිළිබඳව පමා වී හෝ අවධානය යොමුවීම සතුටට කරුණකි. කොතැනින් හෝ වැරැදි නිවැරැදි කිරීම ඇරඹිය යුතුය.
වීඩියෝ