logo

27

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
තුරු
සුදු ගෝනා ...

මහවැලි ඇරඹුම සනිටුහන් වූ සමනල කඳු අතරදී වාර්තාවුණු සුදු කහකන් කොණ්ඩයෙක් පිළිබඳව මහවැලි සංචාරක සටහන්

02:00 AM Jun 22 2019
කාන්තිය කඩා හැලෙන ශාන්තිපුර...

මේ තමයි ලංකාවේ උසම ගම්මානය. නම ශාන්තිපුර. සුන්දර නුවරඑළිය නගර සීමාවේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීට

02:00 AM Jun 22 2019
නිසංසල ඉසව්වක ඇති ස්වාභාවික ජල තටාකය රංගල ...

මට නම් ගෙදර යන්න බෑ. අපට බැරිද මේ වගේ ටි්‍රප් හැමදාම ප්ලෑන් කරන්න. ලංකාව කියන්නේ මේ තරමට සුන්දර තැනක

02:00 AM Jun 22 2019
කේබල් කාර් බලන්න වෑවියතලාවට ගිය සෞන්දර්යාත්මක චාරිකාව ...

සංචාරයකදී වෙනස්ම අද්දැකීමක් ගන්න පුළුවන් ගමනක් තමයි කේබල් කාර් එකක ගමන කියන්නේ. සිංගප්පූරුව, තායිලන්

02:00 AM Jun 22 2019
ඉලුක්කුඹුරේ හැඩකාරිය තෙලිගමු ඔය...

සීමාවෙන් එහා එක රෑනේ ක¼ඳවුරු රාත්‍රිය නම් අතිශය සුන්දර අත්දැකීමක්. වස්දඬුරාවයටත් ගිනිමැළයටත් මැදිවුණ

02:00 AM Jun 22 2019
මගේ සිත සොරාගත්තා...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ රොෂාන් පිලපිටිය අද

02:00 AM Jun 22 2019
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019

කැලණි ගංගා මිටියාවතේ ඇවිද යමු නිදහසේ

තුරු

කැලණි ගංගා මිටියාවත කියන්නේ පූජනීය සමනල කඳු මිටියාවතින් මඳක් මෙහාට වෙන්න තිබෙන ලස්සන තෝතැන්නක්. ඉතිං වංගු ගැහුණු පාරවල් දිගේ එක පැත්තකින් කැලණි ගංගා කොමලියද වගේම අනෙක් පැත්තෙන් මහා විශාල කඳු පර්වත පසුකරගෙන තුරුලතා මැදින් ඇවිදයන්න ඇත්නම්, ඒක කෙතරම් සොඳුරු මතකයක් වේවිද? මම ඊට වාසනාවන්ත වුණා.

ඉතින් ජීවිතය සොයා නිදහසේ පියමනින මංසලකුණු කණ්ඩායමේ මම පහුගිය දවසක අපූරු දිය ඇලි සොයා මේ ඉසව්වට පියමැන්නා. උදෑසනම යතුරුපැදියට නැඟුණු මම මගේ මිතුරා සමඟ අවිස්සාවේල්ල පහුකරල කරවනැල්ල හන්දියට ආවා. කරවනැල්ල හන්දිය කියන්නේ හැටන් පිවිසුම. එහෙම නැත්නම් මේ කැලණි ගංගා මිටියාවතට යන ආරම්භක ස්ථානය කියලා හඳුන්වන්නත් පුළුවන්. ඊළඟට කැලණි ගංගා මිටියාවතේ ආභරණයක් වන ඕලු ඇල්ල හොයා පියමැන්නා. ඒකට යන්න යටියන්තොටින් හැරිලා සිපොත් මාර්ගය හෙවත් පැලම්පිටිය පාරේ කිලෝමීටර් 10ක විතර දුරක් ඉදිරියට ගමන් කරන්න ඕනෑ. 

ලංකාවේ උසින් 5 වන ස්ථානය ගන්නේ මේ ඕලු ඇල්ලයි. කොටස් 5කට කඩා හැලෙන මේ දිය ඇල්ල පාරේ සිටම ඔබට නරඹන්නත් පුළුවන්. ඕලු ඇල්ල වගේම මේ අවට පරිසරයත් අවට ජනයාත් හරිම සුන්දරයි. 

ඕලු ඇල්ලට ඉහළින් තියෙන්නේ වේවැල්තලාව කඳු පන්තිය. ඒවාගේම ඕලු ඇල්ලට ඉදිරියෙන් යෝධයෙක් වගේ ආරක්ෂාව දෙන්නේ ‍ෙදාම්බෙපොල කන්ද හෙවත් වවුලගල කන්දයි.

ඕලු ඇල්ලේ සියලු කොටස් එකවර බලන්න නම් බැහැ. මොකද ඕලු ඇල්ල පහළ කොටස් 2ක තියෙන්නේ ඇල්ල මතින් ඇති පාලමට පහළින්. ඕලු ඇල්ල මතින් ඇති පාලම ලංකාවේ ඇති පාලම් අතරින් පැරැණි හා තවමත් භාවිත කරන එකම ලී පාලම වෙනවා. වර්ෂා කාලය නොවන නිසා වර්ෂාව අඩු වුවත් ජලය වැඩි වාර්ෂා කාලයේදී මේ ඇල්ල ඉතාමත් ලස්සනයි. ඒ වගේම භයානකයි. ඇල්ල ඉහළට ගමන් කරන්න පුළුවන් වුවත් එය වර්ෂා කාලයේදී නම් ඉතා අවදානම් බවයි ප්‍රදේශවාසීන් කියන්නේ.

ඕලු ඇල්ල ළඟ මඳ වේලාවක් ගත කරපු අපි නැවත යතුරුපැදියේ නැඟලා යටියන්තොටට ඇවිත් ඉහළට ගමන් කළා. ඒ කිතුල්ගල හා ගිනිගත්හේනට යන්න. යටියන්තොට ඉඳන් මඳ දුරක් ගමන් කරද්දී කිතුල්ගල මුණගැසෙනවා. කිතුල්ගල නම් බොහෝ දෙනා දන්නා සංචාරක තෝතැන්නක්. ලෝකයේ රාෆ්ටින් ජල ක්‍රීඩාවට ලොව හොඳම සුදුසු ස්ථානයක් ලෙස කිතුල්ගල දක්වන්න පුළුවන්. 

එම ක්‍රීඩාවට උචිත ලෙස සකස් වුණු පරිසර පද්ධතියත් ඊට හේතුවී තියෙනවා. විශේෂයෙන්ම සංචාරක ආයතන රැසක් ඔබට මේ රාෆ්ටින් අත්දැකීම ලබා දීමට බැඳී සිටින බවත් කිව යුතුයි.

ඒ වාගේම කිතුල්ගල සඳුන් ඇල්ල. ලංකාවේ වෝටර්ෆෝල් ඇබ්සලින් හෙවත් දිය ඇලි දිගේ බැසීම සඳහා යොදා ගන්නා හොඳම සහ එකම දිය ඇල්ලද වෙනවා. මීටර් 50ක් උස මේ ඇල්ල උඩ සිට ආරක්ෂිතව ඔබට මේ ත්‍රාසජනක අත්දැකීම ලබාගන්න පුළුවන්. 

කිතුල්ගල පහුකරලා ගිනිගත්හේන වෙත යද්දී ඔබට එහි ඇති පොලිස් මුරපොළත් සමඟ පහළට ඇති මඟ ඔස්සේ ගමන් කළහොත් ලක්ෂපාන ඇල්ලට මෙන්ම ලක්ෂපාන විදුලි බලාගාරය වෙත ගමන් කරන්නත් පුළුවන්.

අපගේ කාලය සීමිත නිසා ලක්ෂපාන ඇල්ල නරඹන වැඩේ අපි ටිකක් පස්සට දාලා කැලණි ගංගා මිටියාවතේ තවත් ලස්සන ඉසව් සොයා තවත් දුරක් පියමැන්නා. 

කැලණි ගංගා මිටියාවතේ සුරූපිනිය හෙවත් ඇලිදෝනා ඇල්ල හෙවත් බොහෝ දෙනා දන්නා ඇබර්ඩින් ඇල්ල ලංකාවේ දියඇලි අතරින් උසින් 18 වන ස්ථානය ගන්නා ඇල්ලයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන නගරයට ආසන්නව ඇති මේ ඇල්ල කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ කොටසක්ද වෙනවා. මුලින්ම ඇලිදෝනා ඇල්ල ලෙස නම් තිබ්බත්, එංගලන්තයේ ස්කොට්ලන්ත ජාතිකයෙක් මේ ඇල්ල සොයාගත් නිසා ස්කොට්ලන්තයේ දෙවැනි විශාලතම නගරය වන ඇබර්ඩින් නගරය සිහි වෙන්න මේ නම් තැබූ බවත් සඳහන් වෙනවා. 

ගිනිගත්හේන නගරයට මඳක් කලින් හමුවන ඇල්ල උඩ සුන්දර මාවත දිගේ ගමන් කරපු අපි ඒ ඇල්ලට ආසන්නයේ ඇති තරමක් අබලන් මාර්ගයකට තමයි ගමන් කළේ. 

ඇල්ලට ආසන්න මෙන්ම අවට ඇති කැලෑබද පරිසරය මැදින් සියුම් හඬකින් ගලා හැලෙන ඇබර්ඩින් ඇල්ල අපි අෑතින් දුටුවා. විශාල ගල්තලාවකින් පහළට ඇද හැලෙන මේ ඇබර්ඩින් ඇල්ල අෑත තියා දකින විට සිතට අරන් ආවේ පුදුමාකාර සතුටක්. ඒ වගේම සැහැල්ලුවක්. වැසි සමය නොවූ නිසා ඇබර්ඩින් ඇල්ලේ ජල පරිමාව ඇල්ලේ සුන්දරත්වයට නම් කිසිදු අඩුවක් කර තිබුණේ නැහැ.

දෙපස ඇති කැලෑව මැදින් ඇල්ල අසලටම පහළට පඩිපෙළක් සාදා ඇති නිසා ඇල්ල වෙත ගමන් කිරීම ඉතා පහසුයි. හෝ හෝ ශබ්දයෙන් ගලා හැලෙන ඇල්ල පාමුල ඉතා විශාල වූ ජල තටාකයක් දක්නට ලැබිණි.

තවමත් උදෑසන වූ නිසා ඇල්ලට වැටෙන හිරු එළියත්, ඇල්ලේ කඩා හැලෙන දිය දහරාවත් එක් කරන්නේ අමුතු වූ කලාවක් වගේම රටාවක්. ඒ දෙස බලා සිටීමත් හිත සුවපත් කරන භාවනාවක්.

ඇල්ල පාමුල ඇති විශාල ජල තටාකය මැදින් ගමන් කළ හැකි වැලි තලාවක් ඇති නිසා ඇල්ල මැදටම ඉතා පහසුවෙන් ගමන් කරන්නත් හැකියි. ඉතින් මේ සුන්දර ඇලි දැක ගන්න ඔබත් එන්න. නමුත් මේ දිය ඇලිවල සුන්දරත්වයත් නොකිලිටි පරිසරයත් එලෙසම තබා ගන්න. ඒ වාගේම ඔබේ වටිනා ජීවිතය පිළිබඳවත් අවධානයෙන් පසුවන්න. එවිට එය ප්‍රීතිමත් සංචාරයක් වේවි නිතැතින්ම...

මං සලකුණු අපි වෙනුවෙන්

සටහන - තිවංක රත්නසේකර

ඡායාරූප - තිවංක, ප්‍රභාත්