logo

31

කොළඹ

නවතම පුවත්

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

ඩුබායි රටෙන් පිටුවහල් කරනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල ස

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019

මුහුණට දුමක් ගහලා සාක්කුවේ තිබ්බ සල්ලි හොරකම් කරපු හැටි

01:49 PM Jun 26 2019

ලග්ගල කැලෑවක තිබී පුපුරණ ද්‍රව්‍ය සහිත ගෝණිය හමුවෙයි

01:44 PM Jun 26 2019

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ නඩුව ඔක්තෝබර් 2 වනදා

01:40 PM Jun 26 2019

අම්පිටියේ ඇළක තිබී අඩි තුනක් දිග කඩු දෙකක් හමුවෙයි

01:33 PM Jun 26 2019

නේවි සම්පත් තවදුරටත් රිමාන්ඩ්

12:55 PM Jun 26 2019
තුරු
සුදු ගෝනා ...

මහවැලි ඇරඹුම සනිටුහන් වූ සමනල කඳු අතරදී වාර්තාවුණු සුදු කහකන් කොණ්ඩයෙක් පිළිබඳව මහවැලි සංචාරක සටහන්

02:00 AM Jun 22 2019
කාන්තිය කඩා හැලෙන ශාන්තිපුර...

මේ තමයි ලංකාවේ උසම ගම්මානය. නම ශාන්තිපුර. සුන්දර නුවරඑළිය නගර සීමාවේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීට

02:00 AM Jun 22 2019
නිසංසල ඉසව්වක ඇති ස්වාභාවික ජල තටාකය රංගල ...

මට නම් ගෙදර යන්න බෑ. අපට බැරිද මේ වගේ ටි්‍රප් හැමදාම ප්ලෑන් කරන්න. ලංකාව කියන්නේ මේ තරමට සුන්දර තැනක

02:00 AM Jun 22 2019
කේබල් කාර් බලන්න වෑවියතලාවට ගිය සෞන්දර්යාත්මක චාරිකාව ...

සංචාරයකදී වෙනස්ම අද්දැකීමක් ගන්න පුළුවන් ගමනක් තමයි කේබල් කාර් එකක ගමන කියන්නේ. සිංගප්පූරුව, තායිලන්

02:00 AM Jun 22 2019
ඉලුක්කුඹුරේ හැඩකාරිය තෙලිගමු ඔය...

සීමාවෙන් එහා එක රෑනේ ක¼ඳවුරු රාත්‍රිය නම් අතිශය සුන්දර අත්දැකීමක්. වස්දඬුරාවයටත් ගිනිමැළයටත් මැදිවුණ

02:00 AM Jun 22 2019
මගේ සිත සොරාගත්තා...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ රොෂාන් පිලපිටිය අද

02:00 AM Jun 22 2019
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019

හඳ එළියත් එක්ක සිතුල්පව්වේ තිබෙන ලස්සන වෙන කොහෙවත් නැහැ

තුරු

ඉඳිආප්ප නාට්‍යය ලෙස බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත් හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගිය චම්පා ශ්‍රියාණි විශේෂයෙන්ම ටෙලි නාට්‍ය රසිකයන් අතර ඉතා කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් තරුවක්. මේ සතියෙ අපේ සිත්ගත් ඉසව්වට තමන් දුටු සුන්දරම තැන ගැන කියන්න ඉදිරිපත් වෙන්නේ ඇයයි. 

“මගෙ ජීවිතයෙ මං දුටු සුන්දරම තැන තමයි කල්තොට ප්‍රදේශයේ දූවිලි ඇල්ල අවට පරිසරය. ඒත් මීට කලින් ඒ ගැන මේ පිටුවට කවුරු හරි කියලා තිබුණා මට මතකයි. ඒ හින්දා මං ඊළඟට වඩාත්ම කැමැති තැන තමයි, තෝර ගන්නේ. ඒ තමයි සිතුල්පව්ව. සිතුල්පව්ව විතරක් නෙවෙයි, සිතුල්පව්වට යන පාරත් හරිම සුන්දරයි. මං මේ කියන්නේ තිස්සමහාරාම පැත්තෙන් නෙවෙයි, කතරගම පැත්තෙන් සිතුල්පව්වට යන්න තියෙන පාර ගැනයි. ඒ කියන්නේ කටගමුව පැත්තෙන් යන්න තියෙන පාර. මට දැනුණු විදිහට යාල කැලය මායිම දිගේ කිලෝමීටර් 15කට වඩා මේ ගමන යන්න ඕනෙ. 

මේ පාර බොහොම නිහඬ පරිසරයක් මැද්දෙනුයි වැටිලා තියෙන්නේ. වාහනයක් යන්නෙත් ඉඳහිටලා. ඒ නිසා වන සතුන් පාරට එනවා. මොනරු, වල් උෟරන්, මුවන් එහෙම හරියට ඉන්නවා. සමහර වෙලාවට අලිත් එනවා. උදෙන්ම වගේ යද්දි සිය ගණනක් කුරුල්ලන්ගෙ සද්ද අහන්න පුළුවන්. රූස්ස ගස් මැද්දෙන් වැටිලා තියෙන ගුªරු පාරේ දූවිල්ල අවුස්සගෙන වාහනයෙන් යන එක පවා හරිම සුන්දර අත්දැකීමක්. 

මං පුංචි කාලෙ ඉඳන්ම කීප වතාවක් සිතුල්පව්වෙ ගිහින් තියෙනවා. ඒත් මේ මං කියන අත්දැකීම මීට අවුරුදු 20කට විතර කලින් ලබපු අත්දැකීමක්. එදා මට විඳින්න ලැබුණු අත්දැකීමට මං හරි ආසයි. මොකද එදා සිතුල්පව්ව භූමියේ අද තරම් ගොඩනැඟිලි ඉදිවෙලා තිබුණෙ නැහැ. මිනිසුන්ගෙ යාම් - ඊම් වැඩි වුණාම පහසුකම් සපයන්න ඒ වගේ ගොඩනැඟිලි ඉදි නොකර ඉන්න බැරි බව මං පිළිගන්නවා. ඒත් එදා ඒ ගොඩනැඟිලි අඩුවෙන් තිබුණු දවස්වල අදට වඩා සොබා සුන්දරත්වය සෑහෙන්න ඉහළයි.

සිතුල්පව්ව එදා හඳුන්වලා තියෙන්නේ ‘චිත්තල පබ්බත’ කියලයි. ක්‍රිස්තු පූර්ව 100 _ 140 අතර කාලයේ මෙය ඉදිකරලා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා විසින්. එතුමා මේක ඉදිකරලා තියෙන්නේ අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් හැටියටයි. පර්වතය මුදුනට නැග්ගාම දැකගන්න ලැබෙන දර්ශනය මං හිතන්නේ මේ ලෝකෙ දකින්න ලැබෙන සුන්දරම දර්ශනවලින් එකක්. පැති කීපයකින්ම අෑතට යන තුරු පෙනෙන්නේ යාල මහ කැලයයි. ඒ කැලයේ නිදහසේ හැසිරෙන මුව රංචු, අලි, දිය කඩිති ළඟ ඉන්න කුරුල්ලන් සිය ගණන් නොවරදවාම දකින්න පුළුවන්. අර කැලෑ මායිමෙන් එහා අෑතින් පෙනෙන්නේ මහ මුහුද. වට පිටාව හොඳින් පැහැදිලි දවස්වලට හොඳට බලන කෙනකුට ඒ මුහුද මැද තියෙන මහාරාවණ ප්‍රදීපාගාරයත් දැක ගන්න පුළුවන්.

බොහෝ වෙලාවට සිතුල්පව්වට එන අය හැන්දෑ වෙන්න කලින් ආයෙත් යනවා. මොකද වන සතුන් එළි බහින හින්දා. ඒත් මගෙ පුදුම ආසාවක් තියෙනවා, හඳ තියෙන පෝය දවසක සිතුල්පව්ව පර්වතය උඩට වෙලා පැය කීපයක් ගත කරන්න. සිතුල්පව්ව කියන්නේ හිත එක තැන් කරගෙන ඉන්න පුළුවන් අපූරුම පුදබිමක්. ඒ හින්දා මං කෙහොම හරි ළඟදීම හඳ තියෙන දවසක ආයෙත් සිතුල්පව්වෙ යනවා.”

ගැමුණු රත්නායක