logo

30

කොළඹ

නවතම පුවත්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මිහින්තලේට නොමිලේ දුම්රියක්

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ධාවනය කෙරෙන විශේෂ පො

12:30 PM Jun 16 2019

ඉස්ලාම් අන්තවාදය නැති කරන්න රතන හිමියන් කරන්න යන වැඩේ මෙන්න

12:17 PM Jun 16 2019

පොසොන්දා අනුරාධපුරය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරියයි - අනුරාධපුර ආරක්ෂාව තරකෙරේ

12:06 PM Jun 16 2019

රජයේ වෛද්‍යවරයෙකු ලෙස සිටිමින් ගබ්සාවන් කල හොර දොස්තර ඇල්ලු මෙහෙයුම මෙන්න

11:54 AM Jun 16 2019

මිහිඳු හිමි සමරා ‘පහනක්’ දල්වන්නට ඇරැයුම්

10:15 AM Jun 16 2019

සැබෑ දහම් හරයෙන් ජීවිත පොහොසත් කරගත යුතුයි

09:00 AM Jun 16 2019

පොහොට්ටුවේ මංගල සමුළුව සැප්තැම්බරයේ

07:30 AM Jun 16 2019

බැඳුම්කර ලැයිස්තුවේ පළමු චූදිතයා රනිල් විය යුතුයි

06:00 AM Jun 16 2019
තුරු
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019
ජිවිතය සනසන සුපිරිසුදු බිම්තැන්න සඳතැන්න ...

සීතල නුවරඑළියේ සංචාරයන් සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත නිවමින් අහස් ගැබේ සිට නරඹන්නාක් මෙන්

02:00 AM Jun 01 2019
එතැනට ගියාම මට දැනුණේ මම අහස උඩ ඉන්නවා කියලයි...

රෝහණ බෝගොඩ කියන්නේ හදවතට දැනෙන ගී ගයන ගායකයකු විතරක්ම නෙමෙයි, සංගීතයේ සෑම අංශයකින්ම පාහේ දස්කම් දක්ව

02:00 AM Jun 01 2019
කළුගල් පර්වතයක ඇති පහසුවෙන් ළඟාවිය නොහැකි අළුගල්ලෙන...

බට‍ෙදාඹ ලෙන ‍ෙදාරවක ලෙන වගේ නාමයන් ලංකාවේ අපිට ගොඩක් හුරුපුරුදුයි. ඒ දේවල් ගැන විස්තර අපි අහලා දැකලා

02:00 AM Jun 01 2019
සිහිල් බව රැඳි බ්‍රයෝෆයිට්ස් B r y o p h y t e s...

මහා ප්‍රාකාරයක් මෙන් වට වූ රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් අතරේ ඉපිද හැල්මේ පල්ලම් බසිමි

02:00 AM Jun 01 2019
විඩාබර දිවියට සැනසුම් සුවය ලබාදෙන හුළුගඟ ඇල්ල ...

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගඟ. ඇත්තටම අපි වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ගඟත් මහවැලි තමයි. ඉතින් එහෙම ප

02:00 AM Jun 01 2019
එක රෑන සුන්දර ඉලුක්කුඹුරට...

එක රෑන නන්විධ වන්දනා අතර සුවිශේෂී ගමනක්. මතකනේ වන්දනාවේ දෙණියායට ගියපු එක රෑන. මෙදාපාර එක රෑනෙන් වන්

02:00 AM Jun 01 2019

මහියංගණ පුරවරයේ ආදර්ශය සොරබොර වැව

තුරු

රළ සරැලි නංවමින් සිහින් හ¾ඩින් ඉකිබිඳින රළ ගෙඩි තුළ සැඟව ඇත්තේ මහා ඉකිබිඳුමෙකැයි ඒ හඬ සවන් පත් අතරේ රැව් නඟත්ම සිතේ ඇඳී මැකී යයි. මේ සා විසල් වූ ජලස්කන්ධයක් තුරුලු කරගෙන උපන් වැව් තොමෝ ඉදිවූයේ එක් මිනිසකුගේ කාය සහ චිත්ත ශක්තියේ ප්‍රතිඵලයකිනැයි කෙසේ නම් සිතන්නද? අදින් වසර කිහිපයකට පෙර එනම් දුටුගැමුණු රජ තෙමේ රාජ්‍ය විචාරණ සමයේදී ඉදිවූ මෙකී වාපී නිමැවුමේ පීතෘත්වය දැරුවේ රජුට බුලත් මෙහෙවරේ නිරත වුණු බලතිරාල නමැති මහා කළු සිංහලයා වීම සොරබොර නාමයට ආඩම්බරයකි.

බලතිරාලගේ කාය ශක්තියෙන් උපන් මේ වැවට නාමකරණයක් එක් වන්නේත් දුටුගැමුණු රජු මේ වාපී කර්මාන්තයේ අවසන් ඵලය වුණු දියෙන් පිරී ගිය වැව දැක සතුටු වැඩිකමට හැබෑටම මේක නම් අපූරු හරබර යෝධ වාපී කාර්යයක් යැයි පැවසීමෙන් ඉනික්බිතිවය. හර බර යන්න පසුකාලීනව සොරබොර බවට ව්‍යවහාර වී අද දිනයේ සොරබොර ලෙසින් වියළි කලාපය තුළ ව්‍යාප්තව ඇති වැවක් සේ මහියංගණය පුරවරයට ආශීර්වාදයක් බවට පත්ව ඇත.

මෙම වැව මහියංගණ පුරවරයට අයත් තෙත් බිම් පාරිසරික කලාපයක් බවට පත්ව හමාරය. ඒ ආශි්‍රතව ජලජ සත්ත්ව විශේෂයන් බොහෝමයක්ම නිරීක්ෂණය කළ හැකිය. කර්කශ කටුක පාරිසරික වටපිටාවක් තුළ නෙතට සහ ගතට සිසිලක් එක් කිරීමට සමත් සිහිල් ගුණයෙන් හෙබි මේ වැව් තොමෝ දුටු සිතක ඇති කරනුයේ නිරාමිස සතුටක් බව නම් නොරහසකි. එබැවින් මහියංගණය ආශි්‍රතව සිදු කරන සංචාරයන් අතරතුරදී බින්තැන්නේ මනාලිය සේ ප්‍රකට සොරබොර වැව දැකබලා ගන්නත් අමතක නොකළ යුතුමය. අෑ අබියසදී ඔබ සිත් සතන්හි සනිටුහන් වන ඒ සිතුවිලි දාමය සහ චිත්තරූපාවලිය කෙදිනකදීවත් ඔබ සිත් සතන් තුළින් මැකී නොයනු ඒකාන්තය. ඉන් උපදිනා පහන් සිතුවිලි මේ වැවේ නිර්මාතෘ බලතිරාලගේ සහ කළු එතනාගේ නමටද හිමි විය යුතුමය. 

මහියංගණයට එහා ඉමේ කඳු වළලුවලින් වටවුණු උඩුදුම්බර කිරිපට්ටිය ගමේ නිවැසියෙක් වුණු බලතිරාල කඳු ශිඛර දුර්ගයන් පසු කරමින් පල්ලම් බහිද්දී දුටුවා මහියපොක්ඩල. ඒ කියන්නේ වර්තමාන මහියංගණ පුරවරය. අවට පරිසරයේ භූ පිහිටීම සහ මහවැලි ගඟට යාවෙන හද්දත්තා ඔයේ ගැලුම් රටාවේ අපූර්වත්වය. ඒ අනුව ඒකාන්තයෙන්ම පහළ මිටියාවතේ වැවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින ආකාරය ඔහු දුටුවා. ඒ සිතුවිල්ලත් හිතේ තියාගෙනම ඒ සමය වෙන විට මහියංගණයේ කඳවුරු බැඳගෙන උන්නු දුටුගැමුණු රජු ඇතුළු සේනාවේ බුලත් රාජකාරි සඳහා දිනපතා උඩුදුම්බර ඉඳන් මහියංගණයට යන එන සෑම වාරයකදීම වැව තැනිය යුතු ආකාරය ගැන සිතින් දළ සටහන් ඇන්දා. මේ වන විටදී එළාර රජු සමඟ යුද වැදෙනු පිණිස රුහුණෙන් පිටත්ව මහා චතුරාංගනී සේනාව හා දසමහා යෝධයන් සමඟ පැමිණි දුටුගැමුණු කුමරු මහියංගණේ කඳවුරු බැඳගෙනයි උන්නේ. ඒ එළාර රජුගේ මහියංගණ පාලකයා වුණු ඡත්‍ර සමඟ සිදු කළ මහා සටනකින් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. 

යළිත් යුද පෙරමුණට යෑමට පෙර අරාජිකව පැවැති සමය තුළදී විනාශ වුණු මහියංගණ සෑ රජුන්ගේ අලුත්වැඩියා කටයුතු පිළිබඳ අධීක්ෂණය කරමින් දින කිහිපයක් මෙහි කඳවුරු බැඳගෙන රැඳෙන්නත් රජු අමතක කළේ නෑ. ඔය අතරේ තමයි බුලතට තමන්ගේ රාජකාරි කටයුතු සඳහා දිනපතා උඩුදුම්බර ඉඳන් මහියංගණයට පැමිණෙන්න සිදු වෙන්නේ. මේ ආකාරයට බුලතාගේ පැමිණීම නිසාවෙන් ඔහුගේ සිත තුළ ක්‍රියාත්මක වෙමින් පැවැති වාපී සැලසුම පසුකාලීනව සැබැවින්ම මහියංගණ පුරවරයට මහත් වූ ශක්තියක් බවට පත් වුණා. මන්ද යත් නැතිනම් මෙවැනි වූ විසල් වාපී නිමැවුමක් බිහි නොවනු ඒකාන්තයි. 

සොරබොර වැවේ උත්පත්ති කතාව හරිම රසවත් වූ කතාන්දරයකි. වැව හදපු බලති රාලගේත්, වැව හදන කාලය පුරාවට ඔහුට ආහාර පානාදිය අරගෙන උඩුදුම්බර කඳු අතරේ ඉඳන් මහියංගණයට පල්ලම් බහින්න පහසු වෙන්න ගල් පඩි පෙළක් හදපු බලතිරාලගේ ඇඹේණිය වුණු කළු එතනගේ ගල් පඩි පෙළ ගැනත් ජනප්‍රවාදයන් තුළ සඳහන්ව ඇත්තේ හරිම රසවත් විදියටයි. ඒ කියැවෙන කරුණු කාරණාවන් සනාථ කරන නිහඬ සාක්ෂි අදටත් මේ කියන මාවතේ තැන තැන දැක ගන්න පුළුවන්. ඒ ගැන පසු ගවේෂණයකට ඉඩ තබා මේ ඇරයුම සොරබොර සැඟවුණු සුදු නෙලුම සෙවීමටයි. සොරබොර නම ඇසූ සෑම විටෙකදීම සිත දිව යන්නේ ඒ දුක්බර කවි පද කිහිපය වෙතටමයි. 

සුදු නෙලුම කෝ සොරබොර වැවේ

මල් සුවඳ දුන් මහියංගණේ

පුන් පෝය දා පාළොස්වකේ

මල් නෙළා විකුණූ­ පන්සලේ

වැවට කළුවර යා වුණා

සංසාර දුක බෝ වුණා

නෙලූ මල් මිට ඉහිරුණා

එහා ඉවුරට පාවුණා

සිහින් සිරි පොද වෑහුණා

ඉවුරු දෙකොපුල සේදුණා

සුදු නෙලුම් මල දෑස පියවී

මෙහා ඉවුරට පා වුණා

සොරබොර වැව් තාවුල්ල ඉහත්තේ සිට හඬාගෙන ආ වියළි සුළං මුළු ගම්මානයටම ඒ හැඬුම සම සමව බෙදාහැරියේ මිනිස්සු වුණාම දුක කියන්නේ පොදු දේපළක් බව සැමට කියන්නාක් මෙන්ය. හවස් යාමයට දෙමට මල් විහාරය අසබඩ හිඳගෙන අනේ “එන්න මගෙනුත් සුදු නෙලුම් මල් ගන්න” පවසමින් උගුර ලේ රහවන තුරු කෑමොර දෙමින් ලබාගන්නා සොච්චම් මුදලින් කවකටු පෙට්ටියක්, පොත් දෙකක්, පැන්සලක් ආදී වූ අල්පේච්ඡ දේ මිලට ගෙන කෙසේ හෝ ඉගෙනගෙන සිප් සයුරෙන් එතෙර වන්න හීන මවපු සිඟිති සුදු නෙලුම් මල මිලිනව ගිය කතාව සැබැවින්ම දුක්බරය. ඒ සුදු නෙලුම අද කොයිද? ආන්න ඇය පූදින්නටත් මත්තෙන් දිය රකුසකුට බිලිවෙලා. සොරබොර ජල තලය පිසගෙන හැමූ සුළඟට මුසු වුණු ඒ පණිවුඩය ගම්මුන්ගේ කන වැකෙන්නට ගත වුණේ නිමේෂයකි.

“අනේ මහත්තයෝ කෙලී දියේ මියැදිලා තිබුණේ ඊයේ හවා. අද පෝය වෙද? පාළොස්වකේ පෝයට මල් ටිකක් කඩාගන්ටයි ඒකි දියට බැහැලා තියෙන්නේ. මහත්තයෝ කෝ මයේ සුදු නෙලුම” ඇගේ අප්පුච්චා මහමෙරක් තරමටම දුක් කන්දරාවක් උහුලාගෙනයි උන්නේ. දුක් ගින්දරෙන්ම අඬ අඬා ජීවත් වෙන මිනිස්සුන්ට අලුත් දුක් පැමිණුනත් හඬන්නට අමතක වීලා. නමුත් බොඳ අළු පැහැති ඒ දෙනෙත් කියන කතාන්තරය ඇසුවොතින් නම් ඔබ ඉකිබිඳිමින් හඬනු නියතයි. පුංචි සිඟිත්තියගේ පාසලේ අකුරු උගන්වන ගුරුතුමා ඇගේ අකල් වියෝ වීම ගැන ආරංචි වී සුදු කොඩිවලින් සැරසූ මාවත දිගේ ඉදිරියට ඇදෙමින් විමසුම් නෙතින් සොයන්නේ ඒ මල් කැකුළ බව දැනගත් පියා “ආන්න අර මඩුවෙයි මහත්තයෝ දූ ඉන්නේ” පැවසූ බසට අඩි තැබුවා නොව, විසික් වී ගොස් දෙපා නතර කළේ ගෙට අල්ලා තාවකාලිකව ඉදිකර තිබූ පියස්සක් යට වූ මිනී පෙට්ටියක් මත්තේ සැතපී සිටිනා ඒ දැරිවියගේ නිසල වූ දේහය අබියසයි. “මේ ඉන්නේ මගේ සුදු නෙලුම තමයි මහත්තයෝ...” දැරිවියගේ නිසල සිරුර වෙත දිගු කළ පියාගේ කෝටුකිතයි දෑත් දිගේ දෙනෙත් යැවූ ගුරුතුමාගේ නෙත් නතර වූයේ කටුමැටි වරිච්චි, බිත්තියකට පලයක් බා ඉටිකොළ ආවරණයකින් වට කර තිබූ කුඩා මැස්සේ හරි මැද ඉතිරි වූ ඉඩේ තැන්පත් කර තිබූ ලී පෙට්ටිය වෙතයි.

“ඒයි උඹ මේ පෝයට මල් විකුණනවාද? මට නම් හෙට ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ බං. අනිද්දා පෝය හින්දා හෙට දවසම මල් කඩන්නයි හිතාගෙන ඉන්නේ” 

“ඇයි සුදූ ඒ හැටි මල්”

“හෙට බුදුන් වඳින්න එන ඇත්තන්ට සුදු නෙලුම් මල් ගොඩක් විකුණලා හම්බවෙන සල්ලිවලින් මම අලුත් ගවුම් රෙද්දක් ගන්නවා. එතකොට මට ගවුම් දෙකයි”

ටික්කි ටිකිරි හුරතල් සිනාවක් පෑ ඇය අවසන් වරට පවසා ඇත්තේ එවැන්නකි. ඒ බැව් කියමින් ගුරුතුමාගේ අතේ එල්ලී හැඬූ­ මිලිනව ගිය නෙලුමේ තනියට සිටි පාසල් මිතුරිය ගුරුතුමාගේ අතින් නික්මී පිටව ගියේ නිසල දේහය තබා ඇති කුටියට පිවිසිය හැක්කේ එක් වරකට එක් අයකුට පමණක් වන සේ ඇති සීමිත ඉඩ ගුරුතුමා වෙත පිරිනමමිනුයි. 

සෑම දිනෙකම පාසලට දිව ආ ඇය අද සුදු නෙලුම් මල් මිටක් තුරුලු කරගෙන අහිංසක වූ මන්දස්මිතයක් මුව පොඩියට නඟාගෙනම සුව නින්දක පසුවන හැඩයි. මෙතෙක් විඳි දුක්ඛ දෝමනස්සයන්ගෙන් නික්ම යෑමට ඇයට හැකිව ඇත්තාක් වාගෙයි. හැමදාම පාසලට ඇඳගෙන එන ඒ සුදු ගවුම් පොඩිය අවසන් ගමන් යන අදත් ඇය ඇඟලා හිඳියි.

ඇය අසලින් හීන් සරින් ඇදී යන සුළඟට මුසුව ඇත්තේත් සුදු නෙලුම් මල් සුවඳයි. ඒ හුළං පාරට හසුව නැටූ දැරියගේ කෙහෙ රොදක් දෙස නිසොල්මනේ බලා සිටි ගුරුතුමාගේ මුවින් පිට වූයේ මහා සුස්මක්. දැරියගේ අවසන් කටයුතුවලට සහභාගි වූ ගුරුතුමා එදින තම සිත තුළ උපන් සංවේගාත්මක සිතුවිලි සමුදාය සුදු නෙලුම කෝ යනුවෙන් කවි පදවලට නැඟූයේය. මේ ගුරුතුමා වූ කලී රත්න ශ්‍රී විජේසිංහ මහතාය. රත්න ශ්‍රී සූරීන් ලියූ ගේය පද නැසී ගිය පණ්ඩිත් අමරදේව සූරීන් විසින් සංගීතවත් කර සුදු නෙලුම කෝ ගීතය නිර්මාණය කර ඇත. එවකට ටවර් රඟහලේ පැවැත්වූ අමරදේව ප්‍රසාදිනී උත්සවයකදී රත්න ශ්‍රී නමැති ගුරුතුමා මේ ගේය පද රචනා කිරීම සඳහා මුල් වූ වස්තු බීජය පිළිබඳ අත්දැකීම අමරදේවයන් විසින් විස්තර කර අවසානයේ ස්වකීය ගැඹුරු ළයාන්විත හ¾ඩින් ගීතය ගායනා කර ඇත. ඇසූ සිත් සතන් කම්පනය කරමින් නෙතින් කඳුළු බිඳුවක් ගලා නොගිය දෙනෙතක් එදා නොවූ බැව් ප්‍රකට සිදුවීමකි. සුදු නෙලුම් මල් මිට ඉහිරුණු දා දෙමට මල් ගම්මානයේ නොගැලූ කඳුළු බිඳු එදා දිනයේ සැම නෙතින් ගලා ගිය බව සැබෑමය.

වැව් තාවුල්ලේ සිටි කෑරලකුගේ කඨෝර වූ ඉකිබිඳුමින් සුදු නෙලුම් ගැන සොරබොර කියූ කතාන්තරයට සමවැදී හුන් සිතුවිලි දාමයෙන් මම මිදුණෙමි. ඒ හරබර මේ සොරබොර සුපුරුදු රිද්මයෙන් රළ සරැලි නඟමින් ඉවුරු තෙර හා මුණුමුණුවේ පසුවේ. ඒ බස අපට වැටහෙත් නම් අන්තර්ගතයේ හරි අරුත් පසක් කරගත හැකි වනු ඇත. එහි වැඩිමනත්ම ඇත්තේ සොරබොර වැවත් සමඟ ගනුදෙනු කරනා මිනිසුන්ගේ දුක් දෝමනස්සයන් බව නම් ඒකාන්තය.

සටහන - සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

ඡායාරූප - රෝහිත ගුණවර්ධන