logo

29

කොළඹ

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නැහැ

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම

12:11 PM Jun 19 2019

යාපනයේදී අත්අඩංගුවට ගත ආවා සාමාජිකයින් 10 දෙනා ජුලි 01 දක්වා රිමාන්ඩ්

12:08 PM Jun 19 2019

විදුහල්පතිවරු හා ගුරුවරු උසස් පෙළ වර්ජනය කිරීමේ සුදානමක

11:59 AM Jun 19 2019

කුරුවිතැන්න වීරගොල්ල ගම්මානයේ දෙපිරිසක් අතර ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ

11:41 AM Jun 19 2019

කබීර් හා හලීම් නැවතත් තම ඇමතිධුර භාරගනී

11:15 AM Jun 19 2019

සක්විතිට උසාවි නියෝගයක්

11:07 AM Jun 19 2019

ලංගම බස්රථයක් අඩි20ක ප්‍රපාතයකට වැටී නිවසක් ඇතුලට කඩා වැටිලා (PHOTO)

10:46 AM Jun 19 2019

උතුරේ ලක්ෂ දෙකකට වතුර නෑ

10:42 AM Jun 19 2019
තුරු
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019
ජිවිතය සනසන සුපිරිසුදු බිම්තැන්න සඳතැන්න ...

සීතල නුවරඑළියේ සංචාරයන් සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත නිවමින් අහස් ගැබේ සිට නරඹන්නාක් මෙන්

02:00 AM Jun 01 2019
එතැනට ගියාම මට දැනුණේ මම අහස උඩ ඉන්නවා කියලයි...

රෝහණ බෝගොඩ කියන්නේ හදවතට දැනෙන ගී ගයන ගායකයකු විතරක්ම නෙමෙයි, සංගීතයේ සෑම අංශයකින්ම පාහේ දස්කම් දක්ව

02:00 AM Jun 01 2019
කළුගල් පර්වතයක ඇති පහසුවෙන් ළඟාවිය නොහැකි අළුගල්ලෙන...

බට‍ෙදාඹ ලෙන ‍ෙදාරවක ලෙන වගේ නාමයන් ලංකාවේ අපිට ගොඩක් හුරුපුරුදුයි. ඒ දේවල් ගැන විස්තර අපි අහලා දැකලා

02:00 AM Jun 01 2019
සිහිල් බව රැඳි බ්‍රයෝෆයිට්ස් B r y o p h y t e s...

මහා ප්‍රාකාරයක් මෙන් වට වූ රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් අතරේ ඉපිද හැල්මේ පල්ලම් බසිමි

02:00 AM Jun 01 2019
විඩාබර දිවියට සැනසුම් සුවය ලබාදෙන හුළුගඟ ඇල්ල ...

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගඟ. ඇත්තටම අපි වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ගඟත් මහවැලි තමයි. ඉතින් එහෙම ප

02:00 AM Jun 01 2019
එක රෑන සුන්දර ඉලුක්කුඹුරට...

එක රෑන නන්විධ වන්දනා අතර සුවිශේෂී ගමනක්. මතකනේ වන්දනාවේ දෙණියායට ගියපු එක රෑන. මෙදාපාර එක රෑනෙන් වන්

02:00 AM Jun 01 2019

පහන් හැඟුම් දැනෙන වන අරණකි කදිම උමංගල

තුරු

දකුණු පළාතේ සංචාරයක් එහෙම කරනවා නම් ගොඩක් අය ඒ සංචාරය සඳහා යොදාගන්නේ වෙරළබඩ ප්‍රදේශයේනේ. එහෙම අය ගොඩබිම ඇතුළට වෙන්න තිබෙන ප්‍රදේශවල සංචාරය කරනවා නම් ගොඩක් අඩුයි. අන්න ඒ නිසා අපි හිතුවා අද මාතර ඉඳන් කි.මී. 20ක් විතර රට ඇතුළට ගිහින් සංචාරය කරලා බලන්න. අපි අද එකට තෝරා ගත්තේ මාතර හක්මණ කියන සංචාරක ඉසව්ව.

හක්මණ සංචාරකයන් අතර නම් එතරම් ප්‍රසිද්ධ නැති වුණත් තොරතුරු හොයලා බලන කොට තමයි අපිටත් දැන ගන්න ලැබුණේ ඒ අවට සංචාරය කරන්න පුළුවන් තැන් බොහොමයක් තියෙන විත්තිය.

එරංග සම්පත් කියන්නේ මගේ හොඳ හිතවතෙක්. දවසක් ඔහු මට කතා කළා.

අයියේ මම දැන් හක්මණ පැත්තේ ඉන්නේ. මෙහේ බලන්න ලස්සන තැන් කිහිපයක්ම තියෙනවා. දවසක ඇවිත් යන්න එන්න. මේ විදිහට කිහිප විටක්ම කරපු ආරාධනාව එක්ක තමයි ඔන්න අපි මේ ගමනට සෙට් වුණේ.

කවදත් අපේ ගමන්වලට සම්බන්ධ වන යසස් වගේම සමීරව කඩවතින් වාහනේට දාගත්තු අපි දක්ෂිණ අධිවේගයෙන් මාතරට ළඟාවන විට හවස හතත් පහුවෙලා. මාතරින් හක්මණ මාර්ගයේ කි.මී. 23ක විතර ගමනකින් පස්සේ අපි හක්මණට ළඟා වුණා. අපි අපේ රාත්‍රි නවාතැන ඔන්න හක්මණ තියෙන  Rajinro Eco Resort එක. එහෙම නැත්නම් හෙරළිවත්ත වලව්ව කියලත් මෙතැනට කියනවා. ඇත්තටම මේ වගේ තැනක් රාත්‍රි නවාතැන් ගන්න ප්‍රධානම හේතුව තමයි පසුදා උදෑසනම අපේ ගමන ආරම්භ කරන්න තියෙන පහසුව.

උදේම අවදි වුණු අපි මීටර් තුන්හාර සීයයක් Resort එකේ ඉඳන් ඉහළට ගමන් කළේ ඉහළ කෙළවරේ තියෙනවයි කියන මඪඥඹ නධඪදබ එකට යන්න ඕන නිසා. “අයියේ අර පේන්නේ උමංගල රජමහ විහාරය” කියමින් එරංග අපට උමංගල විහාරය පෙන්නුවා. ඇත්තටම මෙතැනට ආපුවාම හක්මණ වාගේම උමංගල රජමහ විහාරයේ දර්ශන චමත්කාර ලෙස දැකගන්න පුළුවන්. 

අවු රශ්මිය වැටෙන්න කලින් මංගල විහාරය වැඳ පුදා ගන්න ඕන නිසා කි.මී. දෙකක විතර ගමනකින් පස්සේ අපි උමංගල රජමහ විහාරයට ළඟා වුණා. විහාරය වැඳපුදා ගන්න කලින්ම නායක හාමුදුරුවෝ බැහැදැකලාම අපි ගමන පටන් ගත්තා. විහාරයේ ඉහළම තියෙන්නේ චෛත්‍ය. කන්දේ මැද හරියේ තමයි විහාර ගේ තියෙන්නේ. ඔන්න ඉතිත් උමංගල රජමහ විහාරේ වැඳ පුදා ගන්නවා නම් ගල්පඩි හාරසියයක් විතර නඟින්න වෙනවා. අපිත් ඉතින් ඔන්න ගමන පටන් ගත්තා. මීටර් තුන්සියයක් විතර ඉහළට නඟිනකොට තමයි ලෙන් විහාර තුන අපට දැකගන්න ලැබෙන්නේ. උමංගල රජමහ විහාරයත් ඇත්තටම පර්වතයක් තුළ ඉදිවුණු අපූරු විහාරයක්. මේ පර්වතය ආරම්භ වන ස්ථානයේම තමයි ලෙන් විහාර තුනත් ඉදිකරලා තියෙන්නේ.

රජමහ විහාරයක් කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ගේ අනුග්‍රහය ලැබුණු විහාරයක්නේ. ඉතින් මේ උමංගල විහාරයටත් හරි අපූරු කතා තමා තියෙන්නේ. 

ඉස්සර මේ ප්‍රදේශයෙන් ගමන්කරලා තියෙනවා දෙටුතිස් කියලා රජ කෙනෙක්. රජතුමා ඉතින් තනියම ගමන් යන්නේ නැහැනේ. පිරිවරත් එක්ක තමයි ගිහින් තියෙන්නේ. ඒ යන ගමන් රජු මේ පැත්ත පෙන්නලා ඇහුවලු අර මොනවාදැයි කියලා. එවිට පිරිවර ඕවා ගිරි යැයි කියා උත්තර දීලා තියෙනවා. කොහොම හරි රජතුමාට මෙහි විහාරයක් කරවන්න හිතිලා තියෙනවා. ඒ අනුව දෙටුතිස් රජතුමා මෙහි ලෙන් විහාර තුනක් වගේම ඉහළම ඉදිකරලා තියෙන චෛත්‍යයත් ඉදිකළා කියන්නේ.

ඉතින් ඕවාගිරි යැයි කියූ නිසා පසුව මෙම විහාරයට ඕවාගිරි විහාරය ලෙස භාවිත කළා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඉතින් පර්වතයක් ඇතුළත උමං මාර්ගයක් තියෙන නිසා උමංගල විහාරය ලෙසත් මේ විහාරය හඳුන්වනවා. මේ උමංගල විහාරයේ ඉඳන් මුල්ගිරිගල විහාරය දක්වා කි.මී. 20 දිග උමඟක් තියනවා කියලා විශ්වාස කරනවා. ඉස්සර ඔය මුල්ගිරිගල විහාරයේ ඉඳන් නාගයකු මේ උමංගල විහාරය දක්වා පැමිණුණා කියලා ජනප්‍රවාදයේ තවත් කතාවක් තියෙනවා. කොහොම හරි ඔන්න අද වන විට මේ විහාරය උමංගල රජමහ විහාරය වගේම ඕවාගිරි විහාරය ලෙසද හඳුන්වනවා.

උමංගල විහාරයේ චෛත්‍ය පිහිටි ස්ථානය කියන්නේ කඳුවැටියේ ඉහළම කෙළවරයි. අපිත් ගල්පඩි හාරසියයක් විතර නැඟලා ඔන්න චෛත්‍ය මළුවට ළඟාවුණා. මෙතැනට අහස පැහැදිලි දවසට තංගල්ල මුහුදු තීරය දක්වා දැක බලාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොමත් අංශක 180 වගේ View එකක් තමා එතැන තියෙන්නේ. මාතර ඉඳන් තංගල්ල දක්වා ප්‍රදේශයේ සොඳුරු දසුන් වගේම හවසට ඉර බැසගෙන යන දර්ශනය නම් චමත්කාර ලෙස දැක ගන්න පුළුවන් කියලා තමයි එරංග අප සමඟ පැවැසුවේ. හක්මණ කියන්නේ ගොඩක් කුඹුරු යායවල් තියෙන පළාතක්. අන්න ඒ කුඹුරු යායවල සුන්දරත්වයත් මෙතැනට හොඳට දැකබලාගන්න පුළුවන්.

උමංගල රජමහ විහාරයට සමුදුන්න අපි කෙළින්ම ආවේ උයන්වැවට. උයන්වැව කියන්නෙත් හක්මණ තියෙන තවත් සුන්දර වැවක්. ඔය දෙටුතිස් රජතුමාගේ ප්‍රාදේශීය රජ කෙනෙක්ගේ මාලිගාව තිබුණා කියන්නේ මේ උයන් වැවේ තියෙන පුංචි දූපතේලු. ඒ මාලිගාවේ ලස්සන වැඩි කරන්න ඉදිකරපු පොකුණ තමයි අද වන විට විශාල වැවක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වැව් පතුලේ නිධානයක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. ඒක ආරක්ෂා කරන බහිරවයෝ සෑම වසරකම බිල්ලක් ගන්නවා කියලා ගම්මුන් අතර විශ්වාසයක් තිබෙනවා.

කොහොම හරි ඉතින් ඔය කතා එන්නේ ජනප්‍රවාදයේ තමයි නමුත් හොයලා බලපුවාම කතාව ඇත්ත. මේ වැවේ දියේ ගිලීම් වැඩි නිසා අනතුරු ඇඟවීම සඳහා පුවරුවක් පවා සවිකර තියෙනවා කියන එකයි. ඔබත් මෙහි සංචාරය කළොත් තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම හක්මණ ඉඳන් වලස්මුල්ල පාරේ කි.මී. 2ක් විතර ඉදිරියට ගියාම හමුවන දෙනගම වැවත් ඇත්තටම තවත් සුන්දර වැවක්. මේ වැවේ තියෙන විශේෂත්වය තමයි වැව වටේම ගිහින් සුන්දරත්වය දැක බලාගන්න පුළුවන්වීම. දෙනගම වැව අයිනේ තියෙන විශාල මාර ගස්වල ඉන්න වවුල් ජනපදයත් තවත් බලන්න ඕන දෙයක් තමා. කොහොම හරි දහස් ගණනක් වවුලන්ගේ නිවහන වී ඇත්තේ මේ දෙනගම වැව අයිනේ තියෙන විශාල මාර ගස් ටිකයි.

ඉතින් හක්මණ පැත්තේ ඔබත් දවසක් සංචාරය කළොත් මේ වගේ බලන්න තැන් තව ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේම අපේ සංචාරය සාර්ථක කරගන්න උදවු කළ Rajinro Eco Resort එකේ කළමනාකාරතුමා වන එරංග සම්පත් මහතා සහ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරී චානක ලියනගේ මහතාටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕන.

සටහන - අනුර පල්ලමුල්ල

ඡායාරූප - යසස් සචින්තක