logo

30

කොළඹ

නවතම පුවත්

කුඩු විකුණලාම ආදරය කරන්න පටන් ගත්ත අනියම් යුවල සුදු යකඩ මාලයක් නිසා පොලිස් නිලධාරීන් ඉදිරියේ රණ්ඩු වූ හැටි

පොලිස් නිලධාරිණියකගේ රාජකාරි කටයුතුවලට බාධා කළ කාන්තාවක් හා

11:54 AM Jun 17 2019

උණවටුනේ සෙල්ෆි ගන්න ගිය තරුණිය මුහුදට බිලි - තරුණයෙක් අතුරුදහන්

11:45 AM Jun 17 2019

2014 සිට දකුණු පළාතේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් - දරුවන් 15124 කට අධ්‍යාපන අයිතිය අහිමි වෙලා

10:55 AM Jun 17 2019

පාස්කු ප්‍රහාරය ඉදිරියට දාලා ජනාධිපතිවරණය කල් යවන්න ගහන සැලසුම ගැන මැ.කෝ ගෙන් හෙළිදරව්වක්

10:46 AM Jun 17 2019

නිවසේ මුරට සිටි දෙදෙනාගේ කටට රෙදි ඔබා රන් භාණ්ඩ හොරකම් කල කල්ලියක්

10:40 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019

වෙල්ලකන්නි පල්ලියේ ප්‍රතිමා කවුදෝ කඩලා - පිං කැටයද රැගෙන ගිහින්

10:16 AM Jun 17 2019
තුරු
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019
ජිවිතය සනසන සුපිරිසුදු බිම්තැන්න සඳතැන්න ...

සීතල නුවරඑළියේ සංචාරයන් සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත නිවමින් අහස් ගැබේ සිට නරඹන්නාක් මෙන්

02:00 AM Jun 01 2019
එතැනට ගියාම මට දැනුණේ මම අහස උඩ ඉන්නවා කියලයි...

රෝහණ බෝගොඩ කියන්නේ හදවතට දැනෙන ගී ගයන ගායකයකු විතරක්ම නෙමෙයි, සංගීතයේ සෑම අංශයකින්ම පාහේ දස්කම් දක්ව

02:00 AM Jun 01 2019
කළුගල් පර්වතයක ඇති පහසුවෙන් ළඟාවිය නොහැකි අළුගල්ලෙන...

බට‍ෙදාඹ ලෙන ‍ෙදාරවක ලෙන වගේ නාමයන් ලංකාවේ අපිට ගොඩක් හුරුපුරුදුයි. ඒ දේවල් ගැන විස්තර අපි අහලා දැකලා

02:00 AM Jun 01 2019
සිහිල් බව රැඳි බ්‍රයෝෆයිට්ස් B r y o p h y t e s...

මහා ප්‍රාකාරයක් මෙන් වට වූ රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් අතරේ ඉපිද හැල්මේ පල්ලම් බසිමි

02:00 AM Jun 01 2019
විඩාබර දිවියට සැනසුම් සුවය ලබාදෙන හුළුගඟ ඇල්ල ...

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගඟ. ඇත්තටම අපි වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ගඟත් මහවැලි තමයි. ඉතින් එහෙම ප

02:00 AM Jun 01 2019
එක රෑන සුන්දර ඉලුක්කුඹුරට...

එක රෑන නන්විධ වන්දනා අතර සුවිශේෂී ගමනක්. මතකනේ වන්දනාවේ දෙණියායට ගියපු එක රෑන. මෙදාපාර එක රෑනෙන් වන්

02:00 AM Jun 01 2019

හද අරගත්ත සුවිශාල කඳු රාජධානිය කිරිගල්පොත්ත

තුරු

සීතල නුවරඑළිය කියන්නේ බොහෝ දෙනෙක් ඇලුම් කරන පෙදෙසක්. මේ විදියට අපේ අය නුවරඑළියට ඇලුම් කරන්නේ ඒ ප්‍රදේශයේ පවතින දේශගුණික රටාව නිසාමයි. නමුත් මේ සුන්දර පරිසර පද්ධතියේ බොහෝ දෙනාගේ නෙත් සුලබව ගැටුණු තැන් සීමිතයි. ඊටත් වඩා නෙත නොගැටුණු තැන් අසීමිතයි. 

ඒ අතර හෝර්ටන්තැන්න, එහෙමත් නැත්තම් මහඑළිතැන්න කියන්නේ නම් අන්න ඒ වගේ බොහෝ දෙනා දන්න කියන තැනක්. හැබැයි මේ දන්න කියන තැනට නුදුරින් වැඩි අවධානයක් නොලද ස්ථානයක් වෙන්නේ කිරිගල්පොත්ත කන්දයි. ඒවගේම තවත් අතකින් කිරිගල්පොත්ත කන්ද කියන්නේ සුවිශේෂී වටිනාකමකින් යුතු ප්‍රදේශයකටයි. 

ඇත්තටම මොකක්ද මෙහි ඇති

සුවිශේෂීත්වය? ඔබට එහෙම හිතෙන්න පුළුවන්.

කිරිගල්පොත්ත කන්ද අපේ රටේ ඇති කඳුවලින් දෙවැනි වන්නේ පිදුරුතලාගල කඳු මුදුනට පමණයි. තවත් විධියකින් සඳහන් කළොත් ලංකාවේ දෙවැනියට උසින් වැඩි කන්ද කිරිගල්පොත්තයි. එහි උස මිටර් 2388ක්.

හෝර්ටන්තැන්න එහෙමත් නැත්තම්

මහඑළිතැන්න නම් ඉතින් කොයි කවුරුත් හොඳින් දන්නවා. ඒ පළාත කා අතරත් ජනප්‍රියයි. ඒ නිසා මේ පළාතට යන ගමන්මාර්ගය අමුතුවෙන් සඳහන් කරලීම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. 

කොහොම වුණත් කිරිගල්පොත්ත කන්ද ගැන කතා කරද්දී මේ කන්ද සැබැවින්ම සංචාරක පා පහස අඩුවෙන් ලද සොඳුරු ඉසව්වක්. මේ නිසාම මේ ප්‍රදේශයේ පවතින ආකර්ෂණීය බව නෙත් සිත් වශී කරන්නට සමත්කමක් දක්වනවා. හරියටම සඳහන් කළොත් හෝර්ටන්තැන්න ප්‍රධාන කාර්යාලයේ ඉඳලා කිලෝමීටර් 7ක දුරින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ගමන්මාර්ගය නම් තරමක් දුෂ්කරයි. හැබැයි ගමනාන්තය සුන්දරයි.

කිරිගල්පොත්ත සංචාරය විවේකයට, විනෝදයට කට්ටියත් එක්ක යන්න තියෙන හොඳම ගමනක් හැටියටත් සඳහන් කළ හැකියි. කොහොම වුණත් හැමදාම වගේ සොබාදහම රස විඳින්න කලින් සොබාදහමට ආදරේ කරන්න පුරුදු වෙන්න. කිසිම විධියකින් මේ සුන්දර පරිසර පද්ධති විනාශ කරන්න එපා. ඒ වගේම හොඳ සූදානමක් ඇතිව ගමන යන්න. එහෙම කියන්නේ සමහර තැන්වලදී අවදානමක් ගන්න සිදුවන නිසා. ඊටත් වඩා බෑවුම් සහිත මාර්ගයේ ගමන් කරන අවස්ථාවලදී මීදුම නිසා අවට හරි හැටි නොපෙනී ඇති වන අනතුරු නිසා. 

කිරිගල්පොත්ත කන්ද ආශි්‍රත ප්‍රදේශයේ විශාල වශයෙන් ගෝනුන් සැරිසරනවා. ඒ නිසාම ඔවුන් ගමන් කළ මාර්ග එහෙමත් සුලබයි. ඉතිං ඒ මාර්ගයන්වල ගියොත් නම් පාර වරදින එක පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. මේ නිසා ටිකක් අවධානයෙන් දන්න කියන කෙනෙක්ව මේ ගමනට එක්කර ගන්න එක නම් ඇඟට ගුණයි. 

කිරිගල්පොත්ත කඳු මුදුනට යන ගමන අතරවාරයේදී ගමන් මාර්ගය අපහසු වන තවත් කාරණා කිහිපයක් පවතිනවා. ඒ අතරින් එක් කාරණාවක් වෙන්නෙ තැන් තැන්වල ඇති මඩ වගුරු. ඒ නිසා ඒවා ගැනත් සැලකිලිමත් විය යුතුයි. 

ගමන අපහසුයි කිව්වට එක අතකින් බැලුවොත් මේ ගමන සංචාරකයකුට ලැබෙන සුවිසල් සුන්දර අත්දැකීම්. මඩවගුරු, බෝවිටියා පඳුරු අතරින් යන අතරවාරයේ ලැබෙන මේ අත්දැකීම හරිම සුන්දරයි. 

ඒ ආස්වාදය වචනවලට පෙරළීම එතරම් ලෙහෙසි වෙන්නෙ නෑ.

මඩවගුරු වගේම පුංචි දිය පාරවල් පවා මේ ගමන අතරවාරයේදී අපට හමුවුණා. එමෙන්ම මේ දිය පාරෙ නිකමට හරි කකුලක් ඔබලා බැලුවොත් සීතල දේශගුණයේ පහස

ක්ෂණයකින් විඳගන්න එක එතරම් අපහසු වෙන්නේ නෑ. 

හැබැයි මේ ගමනේදී බොන වතුර නම් විටින් විට ඕන වෙනවා. ඒ නිසා ජල බෝතල් ටිකක් රැගෙන යන්න වග බලා ගන්න.

මේ විධියට යන අපූරු ගමන අවසන් වෙන්නේ ගල්පොත්තට නැඟීමත් එක්කමයි. ගමන පුරාවට කොයි තරම් වෙහෙසක් එක් කළත් අවසානයේ දැනෙන සතුට නිසා ඒ හැම විඩාවක්ම අපට මොහොතකින් අමතක වී යනවා. අවසානයේදී දැනෙන්නේ හරියටම සුර ලොවක ජීවත්වනවා වගෙයි. 

හරිත වර්ණ ගහකොළ දෑස් පෙනෙන මානය පුරාවට පැතිරිලා මිනිස් පහස හරිහැටි නොලද ගහකොළ සුළඟ එක්ක මොනවදෝ මුමුනනවා වගේ අපට දැනුණා. 

මේ අතරවාරයේ කඳු මුදුනට නෙත ගැටෙන පහළ මිටියාවත හරියටම පේන්නේ වැවක් වගෙයි. ඒ දර්ශනය හරිම අපූරුයි.

ඉතින් මේ සොඳුරු දර්ශනය දැකගන්න නම් අනිවාර්යයෙන්ම කිරිගල්පොත්ත තරණය කරගන්නම වෙනවා. මේ නිසා පරිසරයට ආදරය කරන සොඳුරු මිනිසෙක් විදියට මේ අත්දැකීම ලබාගන්න අමතක කරන්න නම් එපා.

සටහන - නදීෂා ගයානි ගුණතිලක

ඡායාරූප - කසුන් චින්තක