logo

28

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
තුරු
සුදු ගෝනා ...

මහවැලි ඇරඹුම සනිටුහන් වූ සමනල කඳු අතරදී වාර්තාවුණු සුදු කහකන් කොණ්ඩයෙක් පිළිබඳව මහවැලි සංචාරක සටහන්

02:00 AM Jun 22 2019
කාන්තිය කඩා හැලෙන ශාන්තිපුර...

මේ තමයි ලංකාවේ උසම ගම්මානය. නම ශාන්තිපුර. සුන්දර නුවරඑළිය නගර සීමාවේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීට

02:00 AM Jun 22 2019
නිසංසල ඉසව්වක ඇති ස්වාභාවික ජල තටාකය රංගල ...

මට නම් ගෙදර යන්න බෑ. අපට බැරිද මේ වගේ ටි්‍රප් හැමදාම ප්ලෑන් කරන්න. ලංකාව කියන්නේ මේ තරමට සුන්දර තැනක

02:00 AM Jun 22 2019
කේබල් කාර් බලන්න වෑවියතලාවට ගිය සෞන්දර්යාත්මක චාරිකාව ...

සංචාරයකදී වෙනස්ම අද්දැකීමක් ගන්න පුළුවන් ගමනක් තමයි කේබල් කාර් එකක ගමන කියන්නේ. සිංගප්පූරුව, තායිලන්

02:00 AM Jun 22 2019
ඉලුක්කුඹුරේ හැඩකාරිය තෙලිගමු ඔය...

සීමාවෙන් එහා එක රෑනේ ක¼ඳවුරු රාත්‍රිය නම් අතිශය සුන්දර අත්දැකීමක්. වස්දඬුරාවයටත් ගිනිමැළයටත් මැදිවුණ

02:00 AM Jun 22 2019
මගේ සිත සොරාගත්තා...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ රොෂාන් පිලපිටිය අද

02:00 AM Jun 22 2019
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019

අමුතු විදිහට හැසිරෙන පියාඹන ලේනා !

තුරු

මහවැලි ගඟ දිගේ හැට එක්වැනි කඩඉමට අපි ළඟා වෙලා. ඒ කියන්නේ කඩඉම් හැටක් පසු කරමින් මේ ආපු ගවේෂණාත්මක චාරිකාව තුළදී විසල් වූ පරාසයක් පුරා දිව යන මහවැලිය හා බැඳුණු විෂය පථයන් රැසක් පිළිබඳවම අපි අපේ අවධානය යොමු කළා. එහිදී වැඩි ඉඩක් වෙන් කළ විෂය වුණේ මහවැලිය හා බැඳුණු ජෛව විවිධත්ව අංශයයි. මොකද මහවැලිය කියන්නේ රටේ හදවත හා බැඳුණු මධ්‍යම කඳුකරය තුළින් උත්පාදනය වෙලා තමන්ට අයත් ගැලුම් පෙදෙස් පුරා ව්‍යාප්ත පාරිසරික කලාපයන් ජීවයෙන් පුරවාලමින් මුළු මහත් රටම සුවපත් කරන ජල ප්‍රභවයක්. අන්න ඒ කරුණ පිළිබඳව තුරු ඔබත් එක්ක එකතු වෙලා මුළු රටටම පහදා දීමේ අරමුණින් තමයි අපි මේ කර්තව්‍යයට මුල පිරුවේ. 

මහවැලියත් සමඟ බැඳුණු ගහ - කොළ - සතා - සීපාවා අතරේ ඒ හා බැඳුණු ජන ජීවිත ජන කතා ගැනත් හදාරමින් උඩුගං ගවේෂණයේ නියැළුණු අපි එහිදී වැඩි ඉඩකඩක් සොබාදහමට ලබාදුන්නේ සොබාදහමේ නිත්‍ය නියෝජිතයන් වුණු ගහ - කොළ සතා සීපාවුන්ගෙන් ශ්‍රී  ලාංකේය ජෛව විවිධත්වයට ලැබෙන අනුපමේය වූ අගය අපමණ බැව් ඒත්තු ගන්වන අරමුණිනුයි. මේ දක්වා මහවැලි උඩුගං ගවේෂණ සංචාරක සටහන් එක්ක එකතු වී හිඳිනා තුරුට හිතැති ඔබට නම් ඒ කියපු කාරණය අරුමයක් නොවන බව නම් සත්‍යයක්. ඉතින් යළිත් වරක් සිහිපත් කරන්නේ ඔබට හැකිනම් ඒ නිහඬ වනජීවිත නාමයෙන්, ඔවුන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් කරන්නට එක් දෙයක් නඟන්නට හඬක් මේ ඒ සඳහා හොඳම වෙලාවයි. 

ඉතින් මහවැලි උඩුගං ගවේෂණයේ මධ්‍යම කඳුකරය ආශි්‍රතව ගවේෂණයේ නියුතු අපිට මේ පාරිසරික කලාපය පිළිබඳව කතා බස් කරන්න අපමණවත් දෑ හමු වන බව සෑම විටෙකදීම සිහිපත් කළ ආකාරය ඔබට මතක ඇති. ඒ කියන්නේ අවසන් ගවේෂණ කලාපය තුළදී පසු කළ යුතු ස්ථානයන් සීමිත වුණත් ඒ ඇසුරේ දිවි ගෙවන ශාක හා සත්ත්ව ප්‍රජාව ගැන අධ්‍යයනය කරන්න නම් කරුණු කාරණාවන් බොහොමයක්ම ඇති බව නම් යළිත් සිහිපත් කළ යුතු වෙනවා. අන්න ඒ නිසයි මහවැලි ගඟ දිගේ නමට වෙන් වන අද දවසේ පත්ඉරුව මධ්‍යම කඳුකරය ඇසුරේදී හමුවුණු තවත් දුර්ලභ සත්ත්වයෙක් ගැන කතා කරන්න වෙන් කරන්න හිතුවේ. මෙයා ගැන බොහෝදෙනෙක් අහලා තිබුණට දැකලා නම් නැති බවත් නොඅනුමානයි. නමින් හම්බාවා ලෙස තමයි හඳුන්වන්නේ. 

පියාඹන ලේනා ලෙසින් පටබැඳුණු නමක් මේ සත්ත්වයාට හිමි වෙන්නේ එයාගේ අපූර්ව හැසිරීමක් මුල්කර ගෙනයි. ඒ කියන්නේ ගහක උස අත්තක ඉඳන් පහළ මට්ටමේ පිහිටි ගහකට හරි අත්තකට හරි යන්න ඕනවුණු විටදී මෙයා කරන්නේ සෙසු ලේනුන් වාගේ අත්තෙන් අත්තට පැන පැන අවශ්‍ය තැනට යෑම වෙනුවට නොබියව තමන් ලැග ඉන්න ගසෙන් බිමට, ඒ කියන්නේ හිස් අවකාශයට පැනීමයි. මෙය පියෑඹීමක් සේ ඇතැමුන් වරදවා වටහා ගන්න අවස්ථාවන්ද නැතිවාද නොවේ. නමුත් සිදුවන්නේ ඉහළ සිට පහළට පාවී ඒම සඳහා මෙකී ශාරීරික පිහිටීම භාවිතයට ගැනීම පමණයි. ඒ සඳහා මේ සත්ත්වයාගේ ඉදිරිපස හා පසුපස ගාත්වල වළලුකර දක්වා රෙද්දක් ගැට ගැසුවාක් හා සමාන වූ හම් පටලයක් සොබාදහම විසින් ලබා දීලා තියෙනවා. මේක මේ සත්ත්වයා සාමාන්‍ය ඉරියව්වෙන් ඉන්න වෙලාවට පේන්න නැත්තේ ඒ සම් කොටස් දෙක රැලි ගැසී බඩවත පෙදෙසින් වැසී ඇති නිසාවෙනුයි. නමුත් ඉහළක සිට පහළට සුළඟේ පාවී එන්න අවශ්‍ය වුණු වෙලාවල්වලදී නම් මෙයා කරන්නේ පැරෂුටයක් හා සමානව ඉදිරි පස හා පසුපස ගාත් අතරේ විහිදී ඇති මේ සම් කොටස් දෙක පියාපතක් මෙන් විහිදුවා ගැනීමයි.

හම්බාවාගේ සම් පටලය වවුලාගේ අත්තටු මෙන් සකස්ව ඇති සම් පටලය හා සමාන වුවත් හම්බාවන් විසින් වවුලන් මෙන් පියාසැරීමට එම පටලය චලනය කිරීමක් සිදුනොකරයි. මෙකී ශාරීරික පිහිටීම ඝනකම් ලෝම ආවරණයකින් වැසී ඇති බැවින් භාවිත නොකරන අවස්ථාවන්හිදී පිටතට නිරීක්ෂණය වන්නේ නැති තරම්ය. තමන්ගේ සම් පටලය විහිදුවා ගනිමින් හම්බාවන් සිදුකරනුයේ තමන් රැඳීසිටිනා ගසේ ඉහළ අත්තක සිට ගුවනට පැන තමන්ට අවශ්‍ය කරනා පහළ අත්තක් වෙත හෝ ගසක් වෙත ළඟා වීමේදී අවශ්‍ය දිශාව ලබා ගැනීම සඳහා පටලය

හකුළමින්, විහිදුවමින්, විහිදුම් ආනතිය වෙනස් කරමින් තමන්ට අවැසි තැනට පහත් වීම සිදුකරයි. ඉහළ සිට පහළට පැමිණීමේදී ඇති වන වේගයට සාපේක්ෂව සිරුරේ සමබරතාව රැක ගනිමින් සහ ස්ථාවරව ගමනාන්තය වෙත ළඟා වී ගස හෝ අත්ත තදින් ග්‍රහණය කර ගතහැකි ආකාරයට වූ අනුවර්තනයන් සහිතව හම්බාවාගේ ඉදිරි සහ පසුපස පාදයන්හි ඇඟිලි දිගුව පිහිටා ඇත. ශ්‍රී  ලංකාව තුළදී හම්බාවන් විශේෂ දෙකක් හමුවේ. ඒ ඉහළ කඳුකරය ඇසුරේ වාර්තා වන මහ හම්බාවා සහ පහළ පෙදෙස් ඇසුරේ වාර්තා වන කුඩා නැතිනම් හීන් හම්බාවාය. මහ හම්බාවාට සාපේක්ෂව හීන් හම්බාවාගේ පුළුල් වූ ව්‍යාප්තියක් දැකගත හැකිය. ඉහළ මහවැලි කලාපය ඇසුරේ වාර්තා වන මහ හම්බාවාගේ ව්‍යාප්තියට බෙහෙවින්ම තර්ජනයක් බවට පත්ව ඇත්තේ සමස්ත වනජීවී ප්‍රජාවගේම යහපැවැත්මට බලපෑමක් බවට පත්ව ඇති වනාන්තර විනාශය බවත් සිහිපත් කළ යුතුමයි. 

මහවැලියේ ඉහළ ගැලුම් කලාපයට අයත් පාරිසරික කලාපය කියන්නේ සංවේදී වූ ශාක හා සත්ත්ව විශේෂයන් රැසකගේ නිජබිම.කඳුකරයේ පැතිරුණු ගිරි දුර්ග, වනදුර්ග, ජල දුර්ග අතරේ රැඳෙමින් එවැනි පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසෙමින් දිවි ගෙවන වනජීවී ප්‍රජාව වෙත යම් යම් බාධා කිරීම් සිදුවන්නේ විවිධ වූ මානව ක්‍රියාකාරකම් නිසාවෙන් බවත් සඳහන් කළ යුතුයි. ඒකනේ සමහරක් උදවිය ජෛව විද්‍යාත්මක අගයෙන් පිරිපුන් මෙකී පාරිසරික කලාපයන් ඇසුරේ දිවි ගෙවන මේ අනගි ජෛව සම්පත් හොර රහසේම මංකොල්ල කන්න උත්සාහ කරන්නේ. එවැනි වූ ක්‍රියාවන් දැඩි දඬුවම් ලැබිය හැකි වැරැදි බවත් සිහිපත් කරමින්ම අද දවසේ හමාර සටහන මෙසේ තබමි. 

වනවදුළු අතර හැංගෙමින්

දුවා දරුවන් සමඟින්

ගෙවන ඒ නිදහස් දිවිය

එපා බිලි ගන්න

මුදලට කෑදරකමින්

සුරකින්න වනදිවිය 

යුතුකමයි ඉටු කළ යුතු

සොබා දහමේ නමින්...

සටහන - සඳමල් රශ්මි ශ්‍රී  බුද්ධික

ඡායාරූප - රෝහිත ගුණවර්ධන