logo

30

කොළඹ

දුම්රිය සේවයෙන් විශ්‍රාම ගත් නිලධාරීන් යළි කැඳවේ

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ස

11:44 AM Jun 26 2019

කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් යලි දිවයිනට

11:32 AM Jun 26 2019

රතන හිමිට එරෙහිව අසාද් සාලි ගෙන් එන්තරවාසියක්

11:24 AM Jun 26 2019

ගල්කන්ද රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 100 සියයක් විනාශයි

11:01 AM Jun 26 2019

මීගමුව කළඹවමින් අහසට වෙඩි තැබුවේ ඇයි? - ඇත්ත කතාව මෙන්න

10:16 AM Jun 26 2019

ජූලි 02 වැනිදා ඥානසාර හිමියෝ හෙළි කරන්න යන්නේ කුමක්ද?

10:01 AM Jun 26 2019

රුසියාවත් එක්ක තිබෙන ආරක්ෂක සබඳතා නවත්තන්න අමෙරිකාවෙන් ඉල්ලලා

09:47 AM Jun 26 2019

ගායිකා ඉන්ද්‍රාණිගේ අවසන් කටයුතු හෙට(PHOTOS)

09:25 AM Jun 26 2019
තුරු
සුදු ගෝනා ...

මහවැලි ඇරඹුම සනිටුහන් වූ සමනල කඳු අතරදී වාර්තාවුණු සුදු කහකන් කොණ්ඩයෙක් පිළිබඳව මහවැලි සංචාරක සටහන්

02:00 AM Jun 22 2019
කාන්තිය කඩා හැලෙන ශාන්තිපුර...

මේ තමයි ලංකාවේ උසම ගම්මානය. නම ශාන්තිපුර. සුන්දර නුවරඑළිය නගර සීමාවේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීට

02:00 AM Jun 22 2019
නිසංසල ඉසව්වක ඇති ස්වාභාවික ජල තටාකය රංගල ...

මට නම් ගෙදර යන්න බෑ. අපට බැරිද මේ වගේ ටි්‍රප් හැමදාම ප්ලෑන් කරන්න. ලංකාව කියන්නේ මේ තරමට සුන්දර තැනක

02:00 AM Jun 22 2019
කේබල් කාර් බලන්න වෑවියතලාවට ගිය සෞන්දර්යාත්මක චාරිකාව ...

සංචාරයකදී වෙනස්ම අද්දැකීමක් ගන්න පුළුවන් ගමනක් තමයි කේබල් කාර් එකක ගමන කියන්නේ. සිංගප්පූරුව, තායිලන්

02:00 AM Jun 22 2019
ඉලුක්කුඹුරේ හැඩකාරිය තෙලිගමු ඔය...

සීමාවෙන් එහා එක රෑනේ ක¼ඳවුරු රාත්‍රිය නම් අතිශය සුන්දර අත්දැකීමක්. වස්දඬුරාවයටත් ගිනිමැළයටත් මැදිවුණ

02:00 AM Jun 22 2019
මගේ සිත සොරාගත්තා...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ රොෂාන් පිලපිටිය අද

02:00 AM Jun 22 2019
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019

රූස්ස ගස් සෙවණේ ලතාවට ගලා බසින සුකුමාල දිය කොමළිය අලුපොළ ඇල්ල

තුරු

හීන් දිය බිඳති සුළඟත් එක්ක එකතු වෙලා උඩු ගුවනේ පාවෙන ගමන් අපේ ගතේ දැවටෙන්නේ අමුතුම විදිහේ සිසිලක් එක්කරමින්. අපි ඒ ආශ්වාදය මොහොතක් වින්දා.

සුදෝ සුදු සේලයක් ගත දවටාගෙන ඇද හැලෙන මේ දිය කොමළිය අවට වටපිටාවට එක් කළේ අමුතුම සිරියක්.

මේ දිනවල හිටි හැටියේ ඇද හැලෙන වර්ෂාව නිසා දිය කොමළියගේ සුන්දරත්වය තවත් වැඩි වෙලා. අපි සෙමින් සෙමින් දිය ඇල්ල වෙතට ළඟාවෙන්න පටන් ගත්තා.

ලංකාවේ වැඩිම දිය ඇලි ප්‍රමාණයකට හිමිකම් කියන සුන්දර මැණික්පුරයේ තමයි මේ දිය ඇල්ලෙත් නිජ බිම වෙන්නේ.

රත්නපුරයේ වේවැල්වත්ත දක්වා කිලෝමීටර් 30ක් පමණ ගිය තැන හමුවන ප්‍රධාන හන්දියෙන් වම් පැත්තට ඇති මාර්ගයේ තවත් කිලෝමීටර් 4ක් පමණ ගිය තැන තමයි මේ අලුපොල දිය කොමළිය පිහිටලා තියෙන්නේ.

මහල් දෙකකින් යුක්ත අලුපොල ඇල්ල මීටර් 68ක් පමණ උසකින් යුක්ත වෙනවා. බොහොමයක් දිය ඇලි සඳහා නාමයන් ලබාදුන් ලෙසට මේ දිය කොමළියටත් නාමය ලබාදී ඇත්තේ ඇල්ල පිහිටලා තියෙන වත්ත සම්බන්ධ කර ගනිමින්. එනම් අලුපොල වත්ත මූලික කර ගනිමින්.

මේ සුන්දර දිය කොමළියගේ ආරම්භය සනිටුහන් කරන්නේ මීටර් 1047ක් පමණ උසින් යුක්ත බසුරාගල කන්දේ දකුණු පසින් පිහිටි කළුගල් දෝව යන ස්ථානයයි.

මෙතැනින් ආරම්භ වන දිය දහරට අතරමඟදී එක්වන පුංචි පුංචි දිය කඩිති ද එක් කර ගනිමින් මහ ජල ධාරාවක් ලෙස අලුපොල ඇල්ල ගලා බසිනවා.

මේ දිය කොමළිය හීන්‍ෙදාළ ද සමඟත් එක්ව වලවේ ගඟ සිපගනිමින් මහ මුහුදේ සැඟව යන්නේ සොබාදම් මෑණියන්ට මනාලෙස අවනත වෙමින්.

කතාවෙන් කතාවෙන් ඇල්ල ආසන්නයටම අපි පැමිණිලා. සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ සුන්දර මනාලියකගේ රූ සපුව වැඩි කරන වේල් එක වගේ මේ දිය ඇල්ල අපට නැවුම් අත්දැකීමක් ලබාදෙනවා.

සීතල දිය දහරින් ගතට දැනෙන්නේ අමුතුම ආශ්වාදයක්. ගල් තලාව දිගේ ඔහේ රූරා වැටෙන මේ දිය කොමළිය අපේ සිත් පත්ලටම කි¼දා බැස්සේ සුන්දරත්වය අඩුවක් නැති නිසයි. හරිත වර්ණ රූස්ස ගස් හරියට සෙබළුන් පිරිසක් මෙන් දිය කොමළිය වටා සිට ඇයව ආරකෂා කරනවා.

රැහැයියන්ගේ නාදයත් දිය කොමළියගේ නාදයත් සමඟ එක්ව හරි හරියට රැව් පිළි රැව් දෙන්නේ අපගේ දෙසවන් කරා මිහිරි සංගීත රාවයක් එක් කරමින්.

අතු පතර විහිදා වැඩුණු රූස්ස ගස් නිසා දිය කොමළිය අවටට ඉතා හොඳ සෙවණක් ලබා දෙනවා. ඒ නිසාම අපේ විඩාව නිරන්තරයෙන්ම අඩුවෙන බව දැනුණා. උදෑසනින්ම ගිය නිසා අපට හිරුගෙන් නම් කරදරයක් තිබුණේ නෑ.

රැගෙන ගිය පාතරාසය ගිල දැමූ අපි දිය කොමළියගේ සුන්දරත්වය මතක සටහන් ලෙසින් කැමරා කාචයේ රඳවා ගන්නටත් වැඩි කාලයක් වෙන්කළා. අපට අන්තිමේදී ඉතිරි වන්නේ ඒ මතක පමණයිනේ.

පුංචි පුංචි මාළු පැටව් දිය මත සෙල්ලම් කරන අපූරුව බලා ඉන්න අපි හුඟාක් ආසයි. හැබැයි පරෙස්සමට. මොකද අපි ඇවිද ගිය ගල් මත ඉතා තදින් දියසෙවෙල බැඳිලා.

කොහොම කොහොම හරි දැන් ඉතින් අපට මේ දිය කොමළියගෙන් සමුගන්න කාලය එළඹිලා. සුන්දර මතක සටහන් ගොන්නකුත් සිත් මත්තේ තියාගෙන අපි ආපසු එන්නට හැරුණා.

මේ සුන්දරත්වය තවත් පරපුරකට දායාද කරන්න නම් අපි මුලින්ම එය ආරක්ෂා කරගන්න ඕන. එහෙම නැත්නම් මේ සොඳුරු ඉසව් අතීතයට පමණක් සීමාවී අනාගතයෙන් වියැකී යාවි.

සටහන - ඔමාලි මුණසිංහ