logo

26

කොළඹ

නවතම පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් ආපනශාලාවලට අලුත් වැඩක්

රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල්  වල පවත්වාගෙන යන ආපන ශාලා

07:30 PM Jun 25 2019

කොළඹ- නුවර පාරේ අනතුරකින් කාන්තාවක් මියගිහින්

06:45 PM Jun 25 2019

විදුලිසැර වැදීමෙන් අයෙක් මරුට

06:15 PM Jun 25 2019

සංහිඳියාවට ප්‍රශ්න ඇතිකරන දේවල් පාසල් පොත් වල තියෙනවද සොයන්න කමිටුවක්

06:13 PM Jun 25 2019

වැලි ටිපර් රථයක් හා කසිප්පු බෝතල් 58ක් සමඟ පහක් අත්අඩංගුවේ

05:45 PM Jun 25 2019

පැය 6කට පස්සේ රවීගේ දුව CID යෙන් එලියට

05:30 PM Jun 25 2019

කැලණියේ වෙඩි තැබීමකින් ස්වර්ණාභරණ වෙළඳසලක හිමිකරුවෙක් මරුට

05:29 PM Jun 25 2019

අනියම් සැමියා අතින් රනහීන්කන්දේ කතක් මරුට- පිහියකින් ඇන ඔහුත් වස බීලා

05:20 PM Jun 25 2019
තුරු
සුදු ගෝනා ...

මහවැලි ඇරඹුම සනිටුහන් වූ සමනල කඳු අතරදී වාර්තාවුණු සුදු කහකන් කොණ්ඩයෙක් පිළිබඳව මහවැලි සංචාරක සටහන්

02:00 AM Jun 22 2019
කාන්තිය කඩා හැලෙන ශාන්තිපුර...

මේ තමයි ලංකාවේ උසම ගම්මානය. නම ශාන්තිපුර. සුන්දර නුවරඑළිය නගර සීමාවේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීට

02:00 AM Jun 22 2019
නිසංසල ඉසව්වක ඇති ස්වාභාවික ජල තටාකය රංගල ...

මට නම් ගෙදර යන්න බෑ. අපට බැරිද මේ වගේ ටි්‍රප් හැමදාම ප්ලෑන් කරන්න. ලංකාව කියන්නේ මේ තරමට සුන්දර තැනක

02:00 AM Jun 22 2019
කේබල් කාර් බලන්න වෑවියතලාවට ගිය සෞන්දර්යාත්මක චාරිකාව ...

සංචාරයකදී වෙනස්ම අද්දැකීමක් ගන්න පුළුවන් ගමනක් තමයි කේබල් කාර් එකක ගමන කියන්නේ. සිංගප්පූරුව, තායිලන්

02:00 AM Jun 22 2019
ඉලුක්කුඹුරේ හැඩකාරිය තෙලිගමු ඔය...

සීමාවෙන් එහා එක රෑනේ ක¼ඳවුරු රාත්‍රිය නම් අතිශය සුන්දර අත්දැකීමක්. වස්දඬුරාවයටත් ගිනිමැළයටත් මැදිවුණ

02:00 AM Jun 22 2019
මගේ සිත සොරාගත්තා...

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ රොෂාන් පිලපිටිය අද

02:00 AM Jun 22 2019
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019

ඕං හීය තවලම්පතන ඔහිය වූ හැටි

තුරු

නිදහසේ වන්දනාවෙන් මෙදා පාර ගොඩවුණේ ඇල්ලට. පෙරේදා දවසේ නානුඔයෙන් යකඩ යකාට ගොඩවෙලා ඇල්ලට ඇවිත් පුංචි සිරිපාදයේ කඳවුරු බැන්ද වන්දනාකරුවෝ දෙවැනි දවසේ කඳවුරු බැන්දේ ඔහියේ. ඒ ඇල්ලේ ඉඳන් ඉදල්ගස්හින්නට කෝච්චියේ ඇවිත් ඉතිරි ටික ඔහියට එනකන් පයින්ම ඇවිත්. ඉදල්ගස්හින්න - ඔහිය කියන්නේ ලංකාවේ වැඩිම දුම්රිය බිංගෙවල් තියෙන කොටස. ඒ 14ක්. අද තුන්වැනි දවසයි....

 

රැයේ කිටි කිටි සීතලත් එක්ක ගෙවුණු ඔහියේ කූඩාරම් රැය නම් වන්දනාවේ මතක පොතෙන් කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි. ඒ මතකත් අවුස්සාගෙන අපි ආයෙත් ඔහිය ස්ටේෂම දිහාවට ඇදෙන ගමන්. හා හා පුරා කියලා ඉස්සෙස්සෙල්ලාම මුණිච්ච වුණු පැටි අයියා ඇහුවේ “මල්ලියේ කොහොමද ඊයේ රෑ හිටියේ? පුදුමාකාර සීතලක්නේ තිබ්බේ” කියන එක. එහෙම ඇහුවා කියලා අපිත් ඉතින් තව අඩුම කුඩුම එක් කරන්නද? ඒ සීතල නම් සීතලම තමා කියලා පැටියාට කිව්වේ ඉස්තරම් කෝපි කෝප්පයක් වක්කරලා දෙන්න කියලා ඉල්ලමින්. මේ වෙනකොට නිදහසේ වන්දනාවේ අපේ අපේක්ෂාවන් සාක්ෂාත් වෙලා. ඒ කියන්නේ අපි බලාපොරොත්තුවෙන් ආව සියලු කාරණා මේ වෙනකොට හරියාකාරවම ඉෂ්ට සිද්ධ වෙලා. 

ඇඟ රත් වේගෙන එන ගමන්ම හැමෝගෙම සල්ලාපය ඊයේ ඉඳන් මේ ගමනේ ආගිය විස්තර තොරතුරු ආයේ ආයේ මතක් කරන එක. අපි මේ වන්දනාව පිටත් වුණේ පෙරේදා උදේම. ඒ කොළඹින් සහ මහරගමින් ආපු කාණ්ඩෙයි නුවරින් ආව කාණ්ඩෙයි ගිනිගත්හේනේදී එකතුවෙලා. එතැනින් එකට එක්කාසු වුණු නිදහසේ වන්දනාකරුවෝ තලවාකැලේ හරහා පිටත් වුණේ නානුඔයට. නානුඔයෙන් යකඩ යකාට ගොඩවුණේ ඇල්ලට යන්න හිතාගෙන. හිතාගෙන ආපු විදියටම ඇල්ලට සේන්දු වුණු අපේ පළමුදා කුඩාරම් රැය ගම්පති මාමාත් එක්කම පුංචි සිරිපාදේ. ඉර දෙයියොත් වන්දනාවෙන් පස්සේ දෙවැනි දවසේ අපි පිටත් වුණේ ඉදල්ගස්හින්නට ආයෙ ඒ අයත් යකඩ යකාට ගොඩවෙලා. එහෙම ඇවිත් අපි ඉතිරි ටික ඔහියට එනකන් රේල් පාර දිගේ පයින්ම ආවා. ඒ වන්දනාවේ තිඹිරි ගෙය වෙච්චි රේල් පාර දිගේ දවස් 6ක් කිලෝමීටර් 106ක් ගෙවා දැමූ සුන්දර වගේම දුෂ්කර ගමන

සිහිවෙන්නත් එක්කම. එහෙම ආපු අපි ඊයේ රෑ නතර වුණේ ඔහිය ස්ටේෂම ආසන්නයේ පිහිටලා තියෙන අතිශය සුන්දර ඉසව්වක. කෝපි කෝප්පයක් බොන ගමනට එක හුස්මට ගමනේ විස්තරය සරලව කියලා දැම්මේ හිත් අවකාශය මේ නිදහසේ වන්දනාවෙන් ආයේ ආයේ උත්තේජනය වුණු නිසාමයි. 

කොහොමෙන් කොහොම හරි උදේ සප්පායමත් පැටියාගෙන් සපයාගෙන අපි ඊළඟට ගියේ ගයාන් මලයා මුණගැහෙන්න. ඒ පැටියාගෙන් ලැබුණු සහයෝගය ස්තුතියෙන් මතක් කරගෙනමයි. යකඩ යකා ස්ටේෂමට එන්න තව වෙලා තියෙන නිසාම ගයාන් මල්ලී අපිට මුණගැස්සුවේ මේ ඔහිය වගේම සුන්දර මනුස්සයෙක්. ඒ තමා සිසිර මහත්තයා. එතුමා තමා ඔහිය තැපැල් කන්තෝරුවේ තැපැල් ස්ථානාධිපතිතුමා. 

එතුමා කියන විදියට ඔහිය නම හැදුණු තවත් ප්‍රවාදයක් තියෙනවා. ඒ තමා රාවණ රජ කාලයට. ඒ යටගියාවේදී රාවණාගේ බල පරාක්‍රමය පැවැති ඉසව්වක් විදියටලු මේ ඔහිය උඩවේරිය මහඑළිය එහෙම පැවතිලා තියෙන්නේ. ඒ කාලේ විෂ්ණු දෙවියන් විසින් රාවණා රජුනට හීයක් විද්ද කතාවක් ප්‍රවාදයේ තියෙනවාලු. ඉතින් ඔය විදපු හීය නැත්නම් ඊතලය එනවා දැක්ක කෙනෙක් කිව්වලු. “ඕං ඊය” කියලා. පස්සේ කාලේදී ඕං ඊය කියන එක ඔහිය වුණා කියලත් කතාවක් තියෙනවා කියලාලු සිසිර මහත්තයා කියන්නේ. 

ඒත් එක්කම අපි කලින් කිව්ව යකාගේ පඩිපෙළ ගැනත් එතුමා සඳහනක් කළේ අපේ උත්තේජන කාරක සැලසුම්වලට තවත්

පෝෂණ කොටස් එකතු කරමින්. ඒ කියන විදියට මේ යකාගේ පඩිපෙළේ ගමන සුන්දර වගේම දුෂ්කර ගමනක්. ඒ නිසාම තමාලු ඒ පාරට යකාගේ පඩිපෙළ නැත්නම් යක්ෂයාගේ පඩිපෙළ කියලා නම දැම්මේ. ඒත් එක්කම ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹරකන්ද ඇල්ලට ඉහළින් තමා මේ පාර වැටිලා තියෙන්නේත්. ඒකත්

විශේෂයක්. ඉතින් කවුරුත් දන්නවානේ සුන්දරම වූත් දුෂ්කරම

ගමන්වලට වන්දනාකරුවෝ කොයිතරම් කැමැතිද කියලා. ඒ නිසා ඒ ගමන වැඩි කාලයක් ගන්නේම නැතුව එමුකෝ.

සිසිර මහතාගේ සීයා තමා ඔහියට ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නේ. ඒත් මේ තැපැල් කන්තෝරුවේ ස්ථානාධිපති විදියට. ඒ 1952දීලු. ඒ නිසා අතීත කතා නම් එමටයි. ඒ සීයලාගෙන් ලැබුණු තොරතුරු එක්ක බලනකොට ඔහිය කියන්නේ ඉස්සර මහ කැලයක්ලු. ඉතින් බි්‍රතාන්‍යයන්ගේ තේ වගාවට ඕනේ දර කපන්නත් ටර්පන්ටයින් වගා කරන්නත් එක්ක මේ ස්වාභාවික මහ කැලේ විනාශ කළාලු. අතීතයේ නම් මේ ඉසව්වේ බොරලන්ද පැත්තට යද්දී දිය කඩිති, කුඩා ඔයවල් එක්ක මහා දිය සීරාවක් තිබිලා තියෙනවා. ඒ වගේම පසත් කළු පාටට සාරෙට තිබිලා තියෙන්නේ. ඒත් මේ වෙනකොට ඒ ස්වභාවය නැති වෙලා තියෙන්නේ අර විදියට කැලේ කපලා විනාශ කරපු එකත් ටර්පන්ටයින් වගාවත් නිසාලු. අපිට කලිනුත් ආරංචි වුණානේ මේ මඟ තවලම් මඟක් කියලා. ඉතින් ඒ තවලම් මඟේ නැවතුමක්ලු ඔහිය. ඒ නිසා ඒ කාලේ ඔහියට කියලා තියෙන්නේ “තවලම්පතන” කියලාලු. ඔය ඉතින් සිසිර මහත්මයාගෙන් අපිට අහගන්න ලැබුණු තොරතුරු අංශුමාත්‍රයක් විතර. තවත් සෑහෙන්න ආගිය යටගියාව එමටයි. ඉතින් ඒකට කොහෙද වෙලාවක්. යකඩ යකා අෑතින් හූවක් තියාගෙනම ආවේ කතාව ඇති දැං යං කියාගෙනමයි.

නොනිමි වන්දනාවට කාලය හා අවකාශය තබමින් තාවකාලිකව නවතිමු 

වන්දනාකරුවන් වෙනුවෙන්

ගයාන් ප්‍රසන්න ගමගේ