logo

30

කොළඹ

නවතම පුවත්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මිහින්තලේට නොමිලේ දුම්රියක්

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ධාවනය කෙරෙන විශේෂ පො

12:30 PM Jun 16 2019

ඉස්ලාම් අන්තවාදය නැති කරන්න රතන හිමියන් කරන්න යන වැඩේ මෙන්න

12:17 PM Jun 16 2019

පොසොන්දා අනුරාධපුරය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරියයි - අනුරාධපුර ආරක්ෂාව තරකෙරේ

12:06 PM Jun 16 2019

රජයේ වෛද්‍යවරයෙකු ලෙස සිටිමින් ගබ්සාවන් කල හොර දොස්තර ඇල්ලු මෙහෙයුම මෙන්න

11:54 AM Jun 16 2019

මිහිඳු හිමි සමරා ‘පහනක්’ දල්වන්නට ඇරැයුම්

10:15 AM Jun 16 2019

සැබෑ දහම් හරයෙන් ජීවිත පොහොසත් කරගත යුතුයි

09:00 AM Jun 16 2019

පොහොට්ටුවේ මංගල සමුළුව සැප්තැම්බරයේ

07:30 AM Jun 16 2019

බැඳුම්කර ලැයිස්තුවේ පළමු චූදිතයා රනිල් විය යුතුයි

06:00 AM Jun 16 2019
තුරු
දකුණේ පුංචි සීගිරිය මුල්ගිරිගල...

ලංකාවේ පළවන සංචාරක ලිපි දිහා බැලුවාම ගොඩක්ම අඩුවෙන් ලියැවෙන පළාතක් තමයි දකුණු පළාත. අපි පසුගිය දවස්ව

02:00 AM Jun 15 2019
ඇල දියේ සිසිලස කොයි වගේදැයි පෙන්වන ගොලුමලේ...

තෙත බරිත වූ ඇඳුම් පිටින්ම අපි වතුරෙන් ගොඩට ආවේ හෝරා කිහිපයක්ම සීතල දිය දහරේ පහස විඳ ගත්තට පස්සේ. දැන

02:00 AM Jun 15 2019
සුන්දරත්වය පිරි විමානයක් සොයා ගිය ත්‍රාසජනක අත්දැකීම යකුන්ග...

තරමක දුෂ්කර මඟක් ඔස්සේ විටෙක බට පඳුරු අතරින් රිංගා කුඩා පඳුරුවලට බරදී අසීරුවෙන් අපි කන්ද මුදුනට ගමන්

02:00 AM Jun 15 2019
රූස්ස ගස් අතරින් ඔයට වැටෙන හිරු එළිය සැබෑවටම චමත්කාරයි!...

ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ අපේ රටේ රංගනයෙන් දස්කම් දැක්විය හැකි සෑම ඉසව්වකම තම කුසලතා විදහා දැක්වූ න

02:00 AM Jun 15 2019
ඉර දෙවියෝ වඩිනා පුදුමාකාර අහස...

සීමාවෙන් එහා එක රෑනට කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඉගිළ ගිය වන්දනාකරුවෝ මේ වෙනකොට ඉන්නේ මාතලේ ඉලුක්කුඹුරේ

02:00 AM Jun 15 2019
සීතල කඳු අතර සැරිසරනා ඕටුනු පලත් කුමරා...

මහවැලි ගඟේ ඇරැඹුම සනිටුහන් වන ඉහළ කඳුකරයේ ව්‍යාප්ත වුණු වන භූමියක් තමයි සමනොළ අඩවිය කියන්නේ. ඒ භූමිය

02:00 AM Jun 15 2019
මන‍ෙදාළ සපුරා තුරු සුවය බෙදනා තඹ‍ෙදාළ ඇල්ල...

කාලයක් මිනිරන් පතලක් නිසා ප්‍රකටව තිබූ රිදීවිට දැන් ලෝකය හඳුනා ගන්නේ නෙත් වශීකරන දිය කොමලියක් නිසා.

02:00 AM Jun 08 2019
එතැනට ගිය විට මට හැඟුණේ සිංහරාජයට ගියා වගේ...

නව පරපුරේ සංගීතඥයන් අතරින් සමන්ත පෙරේරාට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ගායකයකු හැටියට ගත්තාම, ඔහු ග

02:00 AM Jun 08 2019
සීතල නුවරඑළියේ ජීවිතය විඳිමු අපි ගේ‍රගරි වැව් තුරුලේ!...

නුවරඑළිය පාරිසරික කලාපයට අනුකූලව ස්වාභාවික ලෙස සැදුම්ලත් මෙම වැව මුල් කාල වකවානුවේ තලගල ඔය හා නුවරඑළ

02:00 AM Jun 08 2019
ගං දෑලේ සැරිසරමින් වියෝ ගී ගයන්නා ‘මයිලගොයා’...

මහවැලි ගඟ දිගේ උඩුගං චාරිකාවේ ඉහළ කඳු අතරේ ඇවිද යන අතරේ හරිම ගැඹුරු අත්පොළසන් හඬක් කන වැකුණේ සිත තුළ

02:00 AM Jun 08 2019
පෞරාණික වටිනාකමකින් යුත් ඓතිහාසික ගල්ලෙන පාහියංගල...

ලංකාව කියන්නේ සුන්දරත්වයෙන් අනූන පුංචි දූපතක්. හැබැයි මේ පුංචි දූපතේ ඉතිහාස කතන්දරය නම් ඒ තරමටම පුංච

02:00 AM Jun 08 2019
තිත්ත කළුවරේ බටදඬුකන්දට ...

ලංකාවේ ස්කූටර් පදින සොබාදහමට ආදරේ කරන වන්දනාවට හිතැති එක රෑනේ කණ්ඩායම අද උදේම කොළොම්තොට නිදහස් චතුරස

02:00 AM Jun 08 2019
ජිවිතය සනසන සුපිරිසුදු බිම්තැන්න සඳතැන්න ...

සීතල නුවරඑළියේ සංචාරයන් සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත නිවමින් අහස් ගැබේ සිට නරඹන්නාක් මෙන්

02:00 AM Jun 01 2019
එතැනට ගියාම මට දැනුණේ මම අහස උඩ ඉන්නවා කියලයි...

රෝහණ බෝගොඩ කියන්නේ හදවතට දැනෙන ගී ගයන ගායකයකු විතරක්ම නෙමෙයි, සංගීතයේ සෑම අංශයකින්ම පාහේ දස්කම් දක්ව

02:00 AM Jun 01 2019
කළුගල් පර්වතයක ඇති පහසුවෙන් ළඟාවිය නොහැකි අළුගල්ලෙන...

බට‍ෙදාඹ ලෙන ‍ෙදාරවක ලෙන වගේ නාමයන් ලංකාවේ අපිට ගොඩක් හුරුපුරුදුයි. ඒ දේවල් ගැන විස්තර අපි අහලා දැකලා

02:00 AM Jun 01 2019
සිහිල් බව රැඳි බ්‍රයෝෆයිට්ස් B r y o p h y t e s...

මහා ප්‍රාකාරයක් මෙන් වට වූ රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් අතරේ ඉපිද හැල්මේ පල්ලම් බසිමි

02:00 AM Jun 01 2019
විඩාබර දිවියට සැනසුම් සුවය ලබාදෙන හුළුගඟ ඇල්ල ...

අපේ රටේ දිගම ගංගාව තමයි මහවැලි ගඟ. ඇත්තටම අපි වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න ගඟත් මහවැලි තමයි. ඉතින් එහෙම ප

02:00 AM Jun 01 2019
එක රෑන සුන්දර ඉලුක්කුඹුරට...

එක රෑන නන්විධ වන්දනා අතර සුවිශේෂී ගමනක්. මතකනේ වන්දනාවේ දෙණියායට ගියපු එක රෑන. මෙදාපාර එක රෑනෙන් වන්

02:00 AM Jun 01 2019

මහ රෑ කූඩාරම ළඟට ආ අමුත්තා

තුරු

ඉදල්ගස්හින්නේ ඉඳන් ඔහියට තියෙන්නේ කිලෝමීටර් 9කට ආසන්න දුරක්. ඒ දුර අතර තමා ලංකාවේ වැඩිම දුම්රිය බිංගෙවල් ගණන තියෙන්නේ. ඉතින් ඔය කියපු බිංගෙවල් 14ම පහු කරගෙන පයින්ම අපි ආවේ ඔහියට. මේ ලෑස්තිය නිදහසේ වන්දනාවේ දෙවැනි රාත්‍රියටයි....

රැයේ සප්පායම පිළිවෙළක් කරලා දුන්න අයියාටත් ස්තුතිය මුල් කරගෙන හෙට ආයෙත් හමුවන බලාපොරොත්තුව ඉතිරි කරගෙන අපි ඔහියෙන් බොරලන්ද පැත්තට සේන්දු වුණේ ගස් අතරින් බේරෙන මීදුම අතරින්. ඇසට දැනෙන ඒ අඩුපාඩුවක් නොවෙන්නට ගත දැවටෙන සීතලක් දැනුණේ ඒකටම එකතු වුණු සෞම්‍යයක් විදියටයි.

අපි අදාළ තැනට එනකොටත් ගොම්මන් අඳුර වටපිටාවම යටත් කරගන්න ගමන්. එහෙම කියලා මේ ඉසව්වේ සුන්දරත්වය මෙතෙකැයි කියලා කියාගන්නට නම් වචන නැතිවම ගියා. වන්දනාවේ කඳවුරු බිම් අතර ඔහියේ මේ ඉසව්ව නම් අතිශය වින්දනීයයි. එහෙම කිව්වේ එක් පසෙකින් ගලාගෙන යන ‍ෙදාළ පාර. ඒ ‍ෙදාළපාරින් වටවෙලා තියෙන තැනිතලාව. තැනිතලාව කියන්නේ තණකොළ පිට්ටනියක්. එතැනින් එහාට ගියාම මේ තැනිතලා බිම, වටෙන්ම මහා වනස්පතීන්ගෙන් වසාගෙන. මිහිපිට පරාදීසයක ස්වරූපයකට චිත්‍රණයන් මවන මේ ඉසව්ව හිතත් ගතත් එකහෙළාම නතර කළේ තප්පර කාලාවකාශයකින්.

හැන්දෑ අඳුර වටපිටාව අරක් ගන්න කලියෙන් ඔය කියන ලස්සන අපි දැක්කේ ඡායාවට වගේ වුණත් ඒ දැක්ම නම් අතිශය සුන්දර චිත්‍රණයක්. එළිය තියෙන වෙලාවක දකින්න ඕනේ දේවල් ඒ විදියට දකින්න හිතාගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ අඳුරේම ඔහියේ ලස්සන දකින්න. වැඩි වෙලාවක් යන්න නොදී තරු බිලියනයේ හෝටලය ලක ලෑස්ති කළේ රැයට අයිති කාලය තවත් ඉතිරි කරමින්. ඊයේ රැය පුංචි සිරිපාදයේ ගෙවුණු රාත්‍රියට නොදෙවැනි රැයක් තමා මේ ගෙවෙන්නට නියමිතය. එහෙම කියන්නේ වනස්පතීන් අතරින් මෝදු වන හඳත් මුළු අහසම තරුවලින් හැඩ වෙලා තියෙනාකාරයත් නිසාමයි.

එන්න එන්නම සීතලත් ආරෝහණය වෙද්දී අපිත් ගිනි මැළයක් මැදි කරගෙන ගතත් හිතත් උණුසුම් කරගන්න හිතුවේ කඳවුරු රැය තවත් ආලෝකවත් කරගන්න හිතාගෙනමයි. ගින්නේ උණුසුමත් එක්ක පැටී අයියාගේ රොටියත් අපිම හදාගත්ත ප්ලේන්ටියත් සුර ලොවින් ගෙනා අමා බොජුන් වගේ. හැබැයි ඉතින් ඒ දේවල් ඒ විදියට රසවත් වෙන්නේ ඊට අදාළ අනෙක් සියලු අවකාශයන් තව තවත් රසවත් නිසාමයි.

කාලය රෑ මැදියමේ කිට්ටුවටම ඇවිත්. ඊයේ රෑ කූඩාරම ගාවට ආව අමුත්තා වගේම අදත් කූඩාරම වටේටම අමුත්තෝ ගොඩයි. ඒ වෙන කවුරුත් නෙවෙයි ගෝන්නු. ඉතින් මේ ඉසව්වේ ගෝනුන්ගේ අඩුවක් වෙන්න විදියක් නෑනේ. මොකද අපි ඉන්නේ ගොන්තැන්න ආසන්නයෙනේ. හැබැයි ඉතින් මැදියම් රැය කිට්ටු කරලා ගෝනුන්ගේ කෑගැහිල්ල ඕනවටත් වඩා අහපු පළමු වැනි දවස තමා අද. වටේ පිටේ වෙන කිසිම සද්දයක් නැති කොට ‘ටං ටං...’ සද්දෙන් මුළු කඳවුරු බිමම දෙවනත් කරන්න ඔහියේ ගෝනුන් සමත් වුණේ අපේ නින්දටත් ආයුබෝවන් කියන ගමන්.

සතා කවුද කියන එක හරියාකාරව දන්නා නිසාම බයක් සැකක් නැතිව අපිත් කූඩාරම් ඇතුළට පැන ගත්තේ වටපිටාව පාන්දර පින්නට නතු වූ නිසා. ඒත් එක්කම සීතලත් එන්න එන්නම වැඩිවේගෙන එන්නේ. රැයේ තරු අපිළිවෙළටම අහසට අයිති වෙද්දී අපිත් එකින් එකා තෙරපෙමින් නින්ද වැටුණේ කිටි කිටියේ වෙවුලමින්. වෙවුලමින් කියන්නේ ඇත්තටම ඒ සීතල ඔරොත්තු දුන්නේ නෑ අපි කාටත්. මුළු ශරීර කූඩුවම මැෂිමක් ස්ටාර්ට් කළා වගේ වෙවුලනවා. නිදාගන්න ආයේ කාලයකුත් නෑ නින්ද යන්නෙත් නෑ. ඔහියේ රැය ඒ විදියට ගෙවිලා යද්දී පැය කිහිපයකින් ඉර දෙයියොත් එබිකම් කරන්නට ලෑස්ති වුණේ සියොතුන්ගේ කිචිබිචියත් එක්කමයි.

පාන්දර වෙද්දී සීතල සෑහෙන්න වැඩිවුණු නිසා කිහිපදෙනෙක්ට නින්ද ගිහින් නෑ. කියලා නිදාගත්ත අය දන්නෙත් ඇහැරුණාට පස්සේ ඕං. වටපිටාවම කුරුල්ලන්ගේ සතුටු සාමීචියට අයිති වෙන්නේ කනට මිහිරියාවක් එක් කරමින්. නානාවිධ ශබ්ද රසයන් අපේ කන හරහා හිතටත් ගොස් මනසට එක් කරන තාලානුරූපී භාවනාව වින්දේ තාමත් කූඩාරම ඇතුළට වෙලාමයි.

කාගේ කාගේත් හිතේ උඩුදුවපු ආසාව නිසාම හැමෝම ඉරටත් කලියෙන් කූඩාරමෙන් එළියට පැනගත්තේ මේ වටපිටාවේ සුන්දරත්වය හැබැහින් දැකගන්නයි. ඇත්තෙන්ම අපි ඊයේ රෑ නවාතැන් ගත්තේ සොබාදහමේ එක්තරා පාරාදීසයක. එහෙම කියන්නේ වන්දනාවෙන් ලංකාවේ එහා කොන මෙහා කොන ඇවිද ගියපු අපිටත් මෙහෙම ඉසව්වක් හම්බ වුණාමයි මේ.

ගස් අතරින් මීදුම කපාගෙන පොළවට වැටෙනා ඉර දෙයියන්ගේ කිරණ හී සැර වගේ. ඒ අතරින් පොළොවින් අහසට නැඟෙන වාෂ්පයන් මවන්නේ ගුප්තාකාර හැඟීමක්. තාමත් වටපිටාව මීදුමෙන් යටපත් වෙලා. රාත්‍රියේ කූඩාරම ගාවට ආව අමුත්තන්ගේ අඩි සලකුණු හැමතැනම. හැබැයි ඉතින් අපි ගෝනුන්ට අමුත්තන් කිව්වාට ඇත්තටම අමුත්තෝ අපිනේ. මොකද එයාලගේ තැනට අපිනේ මේ තකහනියේ ඇවිත් ඉන්නේ. කොහොමෙන් කොහොම හරි සොබාදහමේ උපරිම ස්ථානය සිට මේ සියලු කාරණා අපි විඳගත්තේ ඇසත් හිතත් ඇතුළු සියලු පසිඳුරන් මනැසින් විවර කරමින්.

සියලු අවකාශයන් කොළ පැහැයෙන් විතරක් හැඩවෙලා තියෙද්දී ඉතින් කොහෙද සීමාවක්. තවත් සීමා මායිම්වල සිරවෙන්නේම නැතිව අපේ මේ ලෑස්තිය උදේ පාන්දරින්ම නාගන්න. දැන් නම් හිතෙනවා නේද මේක නම් පිස්සුවක් කියලා. වේලාවත් උදේ 7ට විතර ඇති. කිටි කිටි සීතල. එහෙම සීතලේ ඇඟ පත තෙමාගන්න එකත් මේ ශරීර කූඩුවලට සනීපයක්. සංවේදනයක්. ඒ නිසාම ප්‍රගියා හැර අනෙක් හැමෝම සම හරහා ගොසින් මසට ඉදිකටුවලින් අනිනවා වාගේ දැනීමක් ගේන සීතල වතුරට පැනගත්තේ ඔහියේ සීතල ඒ විදියටම අත්විඳින්නත් එක්ක.

සියලු කාරණා ඒ ඒ විදියට සිද්ධ වෙද්දී අපිත් කූඩාරම අකුළා ගත්තේ ඔහියට සමුදෙන්න බලාගෙන. ඒත් ඉතින් මේ සුන්දර පරිසරයන්ගෙන් වන්දනාවත් මේ හිතත් කොහොම විරසක කරන්නද? මොකද අපි හැමදාමත් පිළිගන්න සොබාදහමේ බැඳීමට මිනිසාට කදිම තෝතැන්නක් තමා මේ ඔහියේ නැතුවම. එහෙම කියලා ඉතින් මෙතැනම ඉන්නත් හැකියාවක් අපි කාටවත් නැති නිසාම තාවකාලික සමුදීමට පෙරැත්ත කරලා අපි ඔහියට සමුදුන්නා.

නොනිමි වන්දනාවට කාලය හා අවකාශය තබමින් තාවකාලිකව නවතිමු

වන්දනාකරුවන් වෙනුවෙන්

සටහන - ගයාන් ප්‍රසන්න ගමගේ