logo

30

කොළඹ

නවතම පුවත්

නිදැල්ලේ යන ගවයෙකුට දිනකට දඩය රුපියල් 1000යි

ආරච්චිකට්ටුව බල ප‍්‍රදේශය තුළ නිදැල්ලේ යන ගවයන් සදහා දිනකට ර

01:23 PM Jun 20 2019

උෂ්ණත්වය නිසා මූනාමඩු වැවේ මාළු මැරිලා - මියගිය මාළු අරගෙන විකුණනවාලු

12:45 PM Jun 20 2019

මතභේදාත්මක ප්‍රකාශ සිදුකල අබ්දුල් රාසික් අද කාරක සභාවේ ප්‍රශ්න කිරීම්වලට

12:40 PM Jun 20 2019

මන්දපෝෂණය නිසා මිය ගිය දරුවාගේ වගකීම අප බාරගන්නේ නෑ

12:36 PM Jun 20 2019

ඉසුර දේවප්‍රියට පරිසර අධිකාරියේ සභාපතිධුරය

12:28 PM Jun 20 2019

සිංහල ළමා ගහනය අඩු වෙද්දී මුස්ලම් ළමා ගහනය තුන් ගුණයකින් වැඩිවෙලා - 10 කින් 12% ක් ඉක්මවා යනවා

12:28 PM Jun 20 2019

මත්පැන් බී සිසු සැරිය පැදවූ මාරයා අත්‍ අඩංගුවට

12:12 PM Jun 20 2019

අනිද්දා කොළඹට පැය 15ක් වතුර නෑ

11:47 AM Jun 20 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

ජන්ම පත්‍රයේ නැති දරුවන් තුළ ඇති නොගැළපෙන පුරුදු

තරුපති

ළමා සිත් උපමා කර තිබෙන්නේ නොකිලිටි සුදුවන් තලයකටය. මන්ද යත් එහි හොඳ - නරක ලියවී නොමැති මල් වන් කුඩා දරුවන්ගේ අව්‍යාජ, කෙළිලොල්, නිර්ලෝභී සිත ඉතා කෙටි කලකින් ව්‍යාජ වෛරී සහගත සිතක් බවට පත්වීම ඊට රුකුල් දෙන සාධක මත සිදුවීම වැළැක්විය නොහැකිය. මෙම තත්ත්වය මවුපියන් විසින් නිරන්තර අවධානයෙන් යුතුව අවබෝධ කර ගත යුතු තත්ත්වයකි. නිතර නිතර ආදරය කරුණාව බලාපොරොත්තු වන දරුවා එහි වන සුළු අඩුවේදී පවා කිපීමට අධි ක්‍රියාකාරිත්වයට මෙන්ම ප්‍රචණ්ඩත්වයටද හුරුවෙයි. 

බොහෝ විට දෙවැනි දරුවාගේ උපත පළමු දරුවා කෙරෙහි බලපානු ලබන්නේ, ආදරය, සෙනෙහස පළමු දරුවාට සාපේක්ෂව දෙවැන්නාට වැඩියෙන් සිදුවන බව එම දරුවාට දැනෙන නිසාවෙනි. මෙලෙස කුඩා සිතට දැනෙන වෛරය වෛරයක් සේ හඳුනා නොගත්තද එහි ප්‍රතිඵල ශාරීරික අංග හා ක්‍රියාවන් හරහා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙයිනිදු මූලිකවම සිදුවනුයේ දෙවැනි දරුවාට ශාරීරික වශයෙන් හිරිහැර කරදර කිරීමයි. 

මෙම තත්ත්වය කාලයාගේ ඇවෑමෙන් වයස යත්ම නැති වනවා සේ දැනුණද එහිදී සිදුවනුයේ එම ක්‍රියාකාරකම් තාවකාලිකව යටපත් වීම පමණි. නමුදු අවශ්‍ය සහ ආසන්නතම හේතු කාරණා ඉදිරියේදී මෙම ආවේග නිරන්තරයෙන් ඉස්මතු වෙයි. මෙම තත්ත්වය දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි සෘජුවම බලපානු ලබයි. කුඩා කල දරුවන් ඉදිරියේ පරුෂ වචන භාවිතයෙන් බැනගන්නේ නම් එය අසා සිටින දරුවා තමාටද එවන් පසුබිමක් බිහිවූ විට ඔහුගේ මුව හරහාද පරුෂ වචන පිටවීම වැළැක්විය නොහැකිය. මෙවැනි පසුබිමක හැදී වැඩුණු දරුවකු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයකට මාරු වෙමින් සියලු ස්ථානවලින් ප්‍රතික්ෂේප වූයේ ගුරුවරිය ලබාදෙන සියලු නියෝග සහ අසන ප්‍රශ්න හමුවේ ඇය වෛරී සහගත ලෙස පරුෂ වචන භාවිත කිරිම හේතුවෙනි. 

එහි මූලාරම්භය නිවෙස තුළින් නිර්මාණය වී තිබුණු අතර පරුෂ වචනයන්හි කිසිදු අර්ථයක් නොදැන ඇය මෙසේ ප්‍රකාශ කරනුයේ එම ප්‍රකාශයන් හරහා අන්‍යයන්ගේ හැසිරීම සහ ප්‍රතිචාර දැකීමට ඇති ආශාව නිසාවෙනි. මේ වන විටද දරුවාට පූර්ව ළමාවිය ඉගෙනුම අහිමි වී ඇති අතර ඉදිරි ගැටලුකාරී තත්ත්වය පාලනයට දැනටමත් කටයුතු යොදමින් සිටී. මෙය ශෝචනීය තත්ත්වයකි. එම ශෝචනීයත්වය නිර්මාණය අපේ මුල්ම ඉගෙනුම් ආයතනය වන නිවෙස තුළිනි. 

දරුවන්ගේ සිත් ඔවුන් ජීවත්වන පරිසරයට නිරායාසයෙන්ම හැඩ ගැසෙයි. වාග් මාලාවන් අපහසුවෙන් හෝ උච්චාරණය කරයි. ක්‍රියාවන්ද අනුකරණය කරයි. තමා නොදන්නා, හඳුනා නොගත් යම් ක්‍රියාවක් වේද එය රංගනයෙන් හෝ අභිරූපණයෙන් පෙන්වා දෙයි. මෙවන් විටෙකදී මවුපියන් අන්‍ය පිරිස් ඉදිරියේදී අපහසුතාවලට ලක්වීම වැළැක්විය නොහැකිය. 

මෙලෙස මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, රූපවාහිනිය නැරැඹීම, සමාජ මාධ්‍යජාල භාවිතය, දුම්පානය, බුලත්විට කෑම, ගහගැනීම්, ආයුධ හරඹ, අසැබිදේ ආදිය මෙම ගණයටම අයත් වෙයි. මෙකී සඳහන් දේ පුරුද්දක් ලෙස ක්‍රියාත්මක වුවහොත් එය නවතා ගැනීම පවා ඉතා අපහසුය. මේ වනවිට ජංගම දුරකථන හරහා ක්‍රියාකාරකම් වැඩිහිටියන් අතර පවා ඇබ්බැහි තත්ත්වයට පත්ව තිබේ. මෙම ඇබ්බැහි වීම් සුබ පැතිකඩ හරහා යොමු කරන්නේ නම් ඉන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. එනම් ඇබ්බැහි වීම පොතපත හරහා සිදු කිරීමයි. 

කුඩා කලම අනවශ්‍ය සෙල්ලම් උපකරණ වෙනුවට පොත්පත් කියවීමට දරුවා හුරුකළේ නම් එකී තත්ත්වය දරුවා තුළ ඇබ්බැහියක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. මෙමඟින් සිදුවනුයේ යහපත් වූ ප්‍රවණතාව මෙමඟින් සම්පූර්ණ මිනිසකු බිහි කරයි. නිරන්තර කියවීමට හුරුවන දරුවා ඉවතලන පත්තර කැබැල්ල පවා කියවයි. එමඟින් දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම දරුවා විසින්ම බාහිරව නිර්මාණය කර ගනී. එලෙස ඇතිකර ගන්නා දැනුම තම ඉගෙනුම් කටයුතුවලට වක්‍රාකාරයෙන් හෝ දායක වන්නේ නිරායාසයෙනි. 

දරුවන් කුඩා කල සිට කුමන හේතුවක් මත හෝ සිදුකරන ලද පුරුදු එනම් ඇඟිලි ඉරීම, නියපොතු කෑම, වේගයෙන් සහ අක්‍රමත්ව ඇස් පිල්ලම් ගැසීම, නොයෙකුත් ශබ්ද පිට කිරීම, මුඛය ඇදකිරීම, කතා කරන විට දිව නිරන්තර එළියට දැමීම, නහය කැසීම, කන කැසීම, නිතර අත් සේදීම, තම ශරීරාංග ආඝ්‍රාණය ආදිය වැඩි වියට පත්වුවද නතර කර ගැනීමේ නොහැකියාව බොහෝ දෙනාට පවතී. 

අධ්‍යාපනය ලබන කාල සීමාවේ මේවා අධ්‍යාපන බාධක ලෙසත් තරුණ වියේදී සමාජිය උපහාස, අපහාස, හාස්‍ය සාධක ලෙසත් ක්‍රියාත්මක වෙයි. මෙසේ බලන කල කුඩා කල පුරුදු ඇබ්බැහි දක්වා වර්ධනයත්, එය ජීවිතයට බාධාවක් ලෙස හැසිරෙන ආකාරය පිළිබඳ විග්‍රහය ජේ‍යාතිෂ පැතිකඩ හරහා බැලූ කල එය ජන්ම පත්‍රයෙන් පෙන්වන්නේ අධ්‍යාපන බාධක ලෙසයි.

මෙලෙස සිටිනවුන්ගේ 22වැනි දෙර්කාණාධිපතියා ලග්නගතව සිටින බව නිරන්තර අත්දැකීම් ලබා ඇත්තකි. කෙසේ නමුදු යම් ආකාර පුරුද්දක් දරුවා විෂයෙහි දකින විට එහි නොගැළපෙන භාවයක් තිබේ නම් ඉතා ඉක්මනින් එය ඉවත් කිරීමට උපක්‍රම යෙදිය යුතුය. එය මනෝ විද්‍යා, ජේ‍යාතිර් විද්‍යා හෝ ගුප්ත විද්‍යා ප්‍රතිකාරයක් විය හැකිය. විශේෂයෙන් දරුවනට ඇති වන "ගොතය" මෙවැනි තත්ත්වයකි. කුඩාකල දරුවාගේ වචන උච්චාරණයේදී යම් අකුරු උච්චාරණය නොවීම සාමාන්‍ය වුවද එහි අසාමාන්‍ය තත්ත්වයක් තිබේ යැයි සැක නම් දන්නා කෙනකුගෙන් උපදෙස් ලබා හෝ ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. 

මෙලෙස බලනවිට කුඩා කල ඇබ්බැහි සහ පුරුදු සුබවාදී පරිවර්තන කිරීමට හැකිනම් ඉන් සුබවාදී ප්‍රතිඵල ලබා ගැනීමේ නිත්‍ය හැකයාව පවතී.


 ජේ‍යාතිර්වේදී ස්වාපන මනෝ චිකිත්සක 

ආචාර්ය සම්පත් වීරසිංහ

අතුරුගිරිය

0773286463