logo

29

කොළඹ

මිතුරියගේ බැංකු ගිණුමෙන් රු. ලක්ෂ 2ක් සොරාගත් තරුණිය රිමාන්ඩ්

බළන්ගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඇයගේ මිතුරියගේ

08:30 PM Jun 16 2019

පොලිසියට කට්ටි පැන්න හෙරොයින් අලෙවි කළ තරුණයා අත්අඩංගුවට

06:15 PM Jun 16 2019

දඩයමේ ගිය පිරිසක් රන්දෙණිගල රක්ෂිතයට ගිනි තියලා

05:16 PM Jun 16 2019

කුඩු අලෙවියේ නිරත ගුරා හා ගෝලයා කොටු

05:14 PM Jun 16 2019

දිවයින පුර සියලු දන්සැල් පරීක්ෂා කෙරේ

05:10 PM Jun 16 2019

ඇතුගල බුදුන් වැඳලා එද්දී ත්‍රීරෝද රථය අනතුරට පත්වෙලා රිය දුරා මියගිහින්

04:00 PM Jun 16 2019

ජනපති පොලොන්නරුවේදී දුන් දන්සල

03:31 PM Jun 16 2019

මුජුබර්ට බදියුදීන්ට හා සාලිට එරෙහිව රත්නපුරදී උද්ඝෝෂණ

03:16 PM Jun 16 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

ඔබේ මුහුණේ හැඩයෙන් මතුවන සුන්දර කතාව

තරුපති

ඔබේ හඳහන හෙවත් උත්පත්ති කේන්දරය ඔබේ සංසාරික ආත්ම ඉතිහාස කතාවයි. මෙම විශ්ව තලය තුළ කවර ආත්මයක ඉපිද සිටියේද ඒ ආත්මවලදී කරන ලද්දා වූ සියලු පින් පව්වලින් සිදුවන දෑ (කර්මපල) කේන්දරය තුළ සටහන් වන්නේය.

මේ හා සමානව ඔබ පෙර ආත්ම තුළදී කළ මේ ආත්මයේදී කරන්නට සිදුවන්නට යන්නා වූ සිද්ධි ඔබ මවු කුසක පිළිසිඳින විටදී දෑත මිට මොළවා ගෙන උත්පත්තිය ලබයි.

මිනිස් වර්ගයා තුළ සදාකාලිකව සනිටුහන් වන ජීව භාෂාව හස්ත රේඛා ශාස්ත්‍රයයි. එය මුළුමහත් ඔබගේ ශරීරය තුළ පිහිටීම් අනුව ලියැවෙන අංගලක්‍ෂණ විද්‍යාවයි. එය හස්ත රේඛා විද්‍යාවේම තවත් කොටසකි. වසර තුන් දහසකට පමණ පෙර මිනිස් සමාජයේ උපදින අය කවුරුන්දැයි මුහුණ බලා හඳුනා ගන්නා වූ මහා විද්‍යාවක් තිබුණේය. මේ කපාල ලක්‍ෂණ ශාස්ත්‍රය ලෙස වේදයේ හැඳින්විණි. මනුෂ්‍යයන් අතර මනුෂ්‍යයන් කවුරුන්දැයි හඳුනා ගන්නා මේ කපාල ශාස්ත්‍රය අපරදිග එදා කෙතරම් දියුණුව පැවැතියේද යන්න වටහා ගැනීමට හැකි වන්නේ ඒ කාලයේ පැවැති හිස් පලඳනාවන්ය.

ඒ කියන්නේ තමන්ගේ හිස පෙනීම තව කෙනකුට නොපෙනන සේ තලප්පාවකින් හෝ තවත් විසිතුරු තොප්පි පලඳනාවකින් හිස මුහුණු වසාගෙන සිටීමයි.

යමකු උදෑසනම දකින විට අපේ පැරැන්නෝ ‘නොදකින් මුහුණ’ යැයි කීවේ නිකම්ම නොවේ. තේරුමක් ඇතිවය.

පැරැණි කපාල ශාස්ත්‍රය අනුව ශීර්ෂ මණ්ඩලය හයකට බෙදා දක්වනු ලැබේ.

1. නිරීක්‍ෂක හිස 2. විමංශන හිස 3 කාල්පතික හිස 4. ආගමික හිස 5. උදේ‍යාගික හිස 6. ගෘහස්ථි හිස යනුවෙන්ය. 

මේ හිස නැකැත් 27කට අනුව උපදින මනුෂ්‍යයන් නිර්මාණය වී යැයි අපට සැලකිය හැකිය. 

මනුෂ්‍යයකු උත්පත්තිය ලබන විට ඔහුගේ උත්පත්ති ක්‍රියාවලිය මුහුණ බැලීමෙන්ම දැකගත හැකිය. ඒ නැකැත් සත් විස්සේ අඩු වැඩිවීම් අනුව (පින් පව් අනුව) ඒ ඒ කොටස්වලින් ශීර්ෂ මණ්ඩලය විවිධ ගති පැවැතුම් අනුව නිර්මාණය වී යැයි වේද ශාස්ත්‍රයේ එයි. එය මිනිසා නමැති සමෘධි පැළෑටියේ පොහොර අඩුවෙන් හැදුණු බාල පැළෑටියක ලකුණු වගේ යැයි කපාල ලක්‍ෂණ විද්‍යාවේ (PHRENOLOGY) සඳහන් වන්නේය.

‘ශීර්ෂය වනාහි නොයෙක් ප්‍රමාණයට තැනී ඇති බැව් අපට දිනපතා හමුවන මනුෂ්‍යයන්ගෙන් දක්නට ලැබේ. ශීර්ෂ මණ්ඩලයෙහි වැඩීම ප්‍රමාණයට ඒවාට හිමි ගතිගුණවල අධිකත්වය විද්‍යමාන වන්නේය.

විශාල හිසක් ඇතිවීම අධිකර බල ඇතිවීමේ ලක්‍ෂණයක් විය යුතුය.

ඔබේ හිස අඟල් 23ක් වටයකින් යුතුවීම ආශ්චර්යවත් ප්‍රඥා වටය ප්‍රකාශ කරන්නේය.

විශාල හිසක් ඇත්තාට ධන ධාන්‍ය භෝග ඇති වන බව ලක්‍ෂණ ශාස්ත්‍රයේ (පුරුෂ අධිකාරියේ අටවැනි ශ්ලෝකයෙන්) කියැවේ. ඉහත කී මණ්ඩල හය පිරුණා වූ හිස් ඇති අය දුර්ලභය. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි අපේ පැරැන්නෝ කීවේ නිකම්ම නොවේ. 

වීරත්වයේ දැක්වෙන හිස් හයක් අතීත සෘෂිවරු හඳුන්වා දී තිබේ.

1. නීරක්‍ෂණ හිස ඇසූ දුටු දේ ඉක්මනින් අවබෝධ කර ගන්නා වූ වේ. ද්‍රව්‍යයක හෝ සත්ත්වයකුගේ තත්ත්වය තරාතිරම අවබෝධ කරගන්නා වූ තර්කානුකූලව කතාකාරයෙකි. (I)

2. විමංශන හිස - ඇත්තන්ගේ විශේෂ ලක්‍ෂණය නම් ගුණදහම් දත් අයය. අගතිගාමී නොවෙති. උට්ඨාන වීර්ය ඇත්තෝය. අධිකරණ නායකයන්ට පිහිටති. (II)

3. කල්පනික හිස - ඇත්තෝ මහා කවියෝය. නෛසර්ගික ඥාන ශක්තියෙන් යුක්ත වූවෝය. (III)

4. ආගමික හිස - දුර්දර්ශනය ඇති අයයි. ඉසිවරයන්ට මුනිවරයන්ට ඇත්තේ ආගමික හිසයි. (IV)

5. උදේ‍යාගික හිස - මෙය දක්‍ෂ ව්‍යාපාරික හිසයි. විශාල ව්‍යාපාරිකයන්ට ලොකු හිසක් පිහිටා තිබේ. (V) 

6. ගෘහස්ථ හිස - මෙය ජන්ම භූමියෙහි වස්තු කැමැති අයයි. තමන්ගේ කුලය දියුණු කිරීම ඔහුගේ අරමුණයි. ජන සමාජය තුළ හැසිරීම ඔහුට නුරුස්සන්නේය. උපන් ගෙයිම විසීම එහි ලක්‍ෂණයයි. (VI)

මෙම අයගේ හිසේ දිග්වීම, උස් පහත්වීම අනුව මේ සමඟ ඇති අංක 01 රූපයේ පරිදි හිස උස් පහත් වීම අනුව හඳුනා ගත හැකිය.

ක්‍රිස්තු වර්ෂයට පෙර වසර 371දී ග්‍රීසියේ ඇතෑන්ස්හි පදිංචිව සිටි ඇරිස්ටෝටල්ගේ ‘ලයිසියම්’හි විද්‍යායතනයේ විදුහල්පතිවරයා වූ තෙයෝෆැස්ටස් දාර්ශනිකයා (දර්ශන වාදය පිළිබඳ මහාචාර්යවරයා) (ඇරිස්ටෝටල්ගේ ඉතාම සිත්ගත් ශිෂ්‍යයා) මනුෂ්‍යයන් කවුරුන්දැයි විග්‍රහ කරන දර්ශනවාදී ග්‍රන්ථයක් ලීවේය. 

තෙයොෆැස්ටස් චරිත (THEOPHRASTUS CHARACTERS) නමින් පළවූ මෙම ග්‍රන්ථය විවිධාකාර මනුෂ්‍ය චරිත විග්‍රහ කර තිබුණේය.

එම ග්‍රන්ථය එදා මිනිස් සමාජය තුළ විප්ලවයක් ඇති කිරීමට සමත්විය. එහි සමාජයේ වැදගත් පුද්ගලයන් රැසකගේ ක්‍රියා කලාපය මෙන්ම දූෂිත සමාජයේ ක්‍රියාකාරීන් ගැන නැහැයෙන් - ඇස් දෙකෙන්, කන් දෙකෙන්, තොල්පටෙන්, නළලින්, නිකටින්, කතා විලාශයෙන් ක්‍රියා විලාශයෙන් ක්‍රියාකරුවන්ගේ සිද්ධිමෙන්ම අලළා චරිත රූප හඳුන්වා දී තිබේ.

1. වීර්යවන්තයා 2. චාටුවා - කපටි පුද්ගලයා 3. කයිවාරුකාර වාචාලයා 4. ගැමි පුද්ගලයා 5. අනුන් සතුටු කරන්නට යන මිනිසා 6. දුරාචාරී ගති ඇති තැනැත්තා 7. මුකරි මිනිසා 8. කතා මවන්නා 9. නිර්ලජ්ජිත පුද්ගලයා 10. මසුරු මිනිසා 11. අශික්ෂිත මිනිසා 12. අකාලචරියා යුතු පුද්ගලයා 13. ප්‍රමාණය ඉක්මවා උනන්දු වන්නා 14. මුග්ධ මනුෂ්‍යයා 15. අවිනීත පුද්ගලයා 16. අන්ධභක්තියෙන් යුත්තා 17. අඬවැඩිකාරයා (මැසිවිලි) 18. අවිශ්වාස පුද්ගලයා 19. ජුගුප්සාජනක පුද්ගලයා 20. අප්‍රසන්න මිනිසා 21. ලාභ - යසෝකාමයෙන් පෙළෙන්නා 22. කුණුකම කරට ගත් පුද්ගලයා 23. තමන් ගැන පුරාජේරුව කියන පුද්ගලයා 24. අහංකාරකමින් යුත්තා (උඩඟුවා) 25. බියගුලු ජීවිත ගෙවන්නා 26. පැසිස්ට්වාදී මනස ඇත්තා 27. ජීවිතයේ ප්‍රමාදී ඉගෙනීම 28. බොරු මවා පාන්නා 29. නපුරා, නපුරුකම් කරන්නා 30. ධන තණ්හාවෙන් පෙළෙන්නා.

මෙය අද සමාජය තුළද කැපීපෙනෙන අලංකාර ශාස්ත්‍රයේ කොටසකි. මිනිස් සමාජයේ ගතිගුණ මුහුණින් හඳුනා ගන්නා මෙම චරිත ලක්‍ෂණ ග්‍රන්ථය ලෝකයේ ඇති අලංකාර ශාස්ත්‍රයේ ඇති වටිනා පුස්තකයකි. 

ඔබේ හිසෙහි නැකැත් 27ට අනුව හිස්කබල ඇතුළත සත්විසි බලයක් නිසා විවිධාකාර චරිත මැවෙන බව අලංකාර ශාස්ත්‍රයේ කියැවේ. (පළමු ඡායාරූප සටහන බලන්න.)

කාමුක බව, පුත්‍ර ප්‍රේමය, මිත්‍රධර්ම, ආත්ම රක්‍ෂණය, විනාශයක මත, සූරබව, ඉපයීමේ ආශාව, දියුණුවේ අභිලාශය, අහංකාරකම පරීක්‍ෂාකාර බව, භූත ගතිගුණ, පදිංචියේ ස්ථානයෙහි තතු කතාව, ශබ්දය, කලාගති, ධීරත්වය, කවීත්වය, කුලාචාර ගතිය, ගතානුගතික සිරිත් ප්‍රිය කිරීම, ආගම ශ්‍රද්ධා සම්පත්තිය හිසේ පිහිටීම්වලින් දැකගත හැකිය.

ඔබේ අත්ල තුළත් අත්ලෙන් ලියැවෙන්නාවූ අක්ෂර විලාසයන් ගැනත් ඔබ කවරෙක්දැයි හඳුනා ගත්තා වූ නිවැරැදි ධර්ම ශාස්ත්‍රයක් අපේ පැරැන්නන් සතුව පැවැතියේය.

කෙනකු අස්සන් තබන සැටියෙන් ඔහු කුමන තරාතිරමේ පුද්ගලයෙක් දැයි නිශ්චය කළ හැකිය.


 එච්.ඩබ්ලිව්. අභයපාල

ප්‍රවීණ හස්ත රේඛා පර්යේෂණ

විද්‍යාඥ

077-1549883