logo

29

කොළඹ
ගිගුරුම් සහිත වැසි

නවතම පුවත්

මිතුරියගේ ලක්‍ෂ දෙකක මුදල සොරාගත් තරුණිය 18 දින දක්වා රිමාන්ඩ්

බළන්ගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ තරුණියක් විසින් තම මිතුරියගේ බැං

09:00 PM Jun 19 2019

කසිප්පු බෝතල් 55ක් හා ගෝඩා සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

07:29 PM Jun 19 2019

වෛද්‍ය සාෆිට විරුද්ධව ප්‍රකාශ 758 ක්

06:34 PM Jun 19 2019

කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණලා ගැටී තරුණයන් 2ක් රෝහලේ

06:12 PM Jun 19 2019

තලවකැලේ ගින්නකින් නිවාස 9කට හානි

05:20 PM Jun 19 2019

මහපොල අරමුදලේ සිදුවන අසාධාරණයක් ගැන කියමින් කැලණි සරසවි සිසුන් උද්ඝෝෂණයක

04:47 PM Jun 19 2019

හිඟුරක්ගොඩ බස් නැවතුම කඩා වැටෙයි - මිලියන 100ක් වතුරේ

04:33 PM Jun 19 2019

ප්‍රශ්නය ගැන කතා කරන්න මුදල් ඇමති කැමතියි - දුම්රිය වැඩ වර්ජනය කල්යයි

04:03 PM Jun 19 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

සිදුහත් කුමරුගේ අසමසම වූ මහා බලවත් උත්පත්ති ජන්ම පත්‍රය

තරුපති

මේ ලොවට විමුක්තිය උදා කළා වූ ඒ මහා විමුක්තිදායකයාණන් වූ මහා කාරුණික, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අති ශේ්‍රෂ්ඨ උත්පත්තිය මීට වසර 2562කට පෙර සිදුවූ අතර මේ උදාව ඇත්තේ ඒ පින්බර වෙසක් සමයයි. මීට සතියකට පමණ පෙර අප මහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදුවූ ඒ මහ තෙමඟුල උදාවිය. එය ශ්‍රී  ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවද සමරනුයේ ඉතාමත් බැති සිතිනි. ලෝකවාසී සියලු ජනතාවට මනුෂ්‍ය ජීවිතයේ දුකින් එතර වීමේ නියම හා සත්‍ය හා නිවැරැදි දහම අපට කියා දුන්නේ අප මහ බුදුරජාණන් වහන්සේය. එසේ නම් උන්වහන්සේගේ උපත සිදුවූ ඒ පින්වත් මොහොතේ දඹදිව් තලේ නැඟෙනහිර ක්ෂිතිජයේ පායා තිබූ ග්‍රහ තාරකා අනුසාරයෙන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ ජේ‍යාතිෂානුකූලව යම් විමර්ශනයක් කිරීමට මේ හොඳම කාලයයි. මේ ලිපිය එම සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ කෙරෙන ජේ‍යාතිෂ විමසුමකි. 

දශා ශේෂය  - උපතේදී ගුරු දශාව වර්ෂ 16යි 

උපන් නැකැත - විසා නැකැත 

කටක ලග්නයෙන් විසා නැකැතින් උපන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය තුළ නවග්‍රහයන් අතරින් රවි, කුජ, ගුරු, සිකුරු යන ප්‍රධාන ග්‍රහයන් උච්ච බල සහිත තැන්පත් අතර ශනි, රාහු හා කේතු යන ග්‍රහයන් පිළිවෙළින් මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ව සිටී. මෙම ජන්ම පත්‍රය එතෙක් මෙතෙක් මේ ලොව තුළ බිහි වූ අග්‍රගණ්‍ය වූ අසීමිත බලවත්  ජන්ම පත්‍රයයි. 

ගුරු මහ දශාවෙන් උපන් මෙතුමාට උපතේ සිට අවුරුදු 16ක් පමණ ගුරු හෙවත් බ්‍රහස්පති මහ දශාව පැවැති අතර මේ කාලසීමාව තුළ එතුමාගේ විවාහයද සිදුවිය. ශනිගේ කුජ අන්තරය තුළ එතුමන්ට දරු සම්පතක්ද හිමි විය. ඉන් අනතුරුව වයස 16 සිට සෙනසුරු හෙවත් ශනි මහ දශාව වර්ෂ 19 පුරාවට පැවැති අතර මෙම දශාව තුළ යෙදුණු සෙනසුරුගේ රාහු අන්තරය තුළ එතුමාට අතිශය වූ දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් දුෂ්කර ක්‍රියා සිදුකිරීමට සිදුවිණි. එයින් පසු වයස 35 වන විට 17 වසරක් වූ බුධ මහ දශාව යෙදුණු කාල සීමාව තුළ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වීමට එතුමන්ට හැකියාව ලැබිණි. 

මෙම ජන්ම පත්‍රය තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් කෝටියක් දෝෂ භංග කරමින් ගුරු හංස නම් අති ප්‍රබල හා සුබ යෝග බලයද අඟහරු හෙවත් කුජ ලග්නයෙන් 7 වැන්නේ පිහිටීමෙන් රුචක යෝග බලයද සිකුරුගෙන් මාලවී යෝග බලයද රවි හා බුධ 10 වැන්නේ පිහිටීමෙන් රවි බුධ ආදිත්‍ය යෝගය හෙවත් උපේන්ද්‍ර යෝගයද ලග්නාධිපති සඳුගෙන් 10 වැන්නේ ගුරුගෙන් ගජ කේෂරී යෝග බලයද 8 වැන්නාධිපති සෙනසුරු හෙවත් ශනි 8 වැන්නේ පිහිටීමෙන් විපරිත රාජයෝග බලයද මනාවට පිහිටා ඇත. මේ ආකාරයට පංච මහ පුරුෂ යෝග ඇතුළු ඉතා බලවත් යෝග රාශියක් යම් පුද්ගලයකුගේ කේන්දරයේ පිහිටන්නේද ඔහු හෝ ඇය සමාජයේ බලවතකු වන්නේය. පිරිස් බලයෙන් යුතු කෙනකු වන්නේය. 

සාමාන්‍ය පුද්ගල ජන්ම පතක් තුළ පංච මහා පුරුෂ යෝගවලින් එකක්වත් පිහිටනුයේ ඉතාම කලාතුරකිනි. ඒ අනුව බුදු, පසේබුදු, මහ රහත්  යන බලය ලැබීමට නම් අසීමිත වූ භාග්‍යයක් තිබිය යුතුමය. මෙයින් අප මහ බෝසතාණන් වහන්සේගේ ජන්ම බලය මැනවින් පිළිබිඹු වන්නේය. එතුමන්ගේ ජන්ම පතේ 7 වැන්නේ පිහිටි අඟහරුගේ බලය විශේෂයෙන් උන්වහන්සේට සමාජයේ බොහෝ අය වසඟ වීමටත් එපමණක් නොව ආලවක, නාලාගිරි, අංගුලිමාල වැනි දරුණු ඉතා තද සිත් ඇති අය දමනය කර පාලනය කිරීමටත් මැනවිත් තමන්ට අවනත කර ගැනීමටත් බෙහෙවින් උපකාරී විය. 

මෙතුමාගේ ජන්ම පත තුළ සඳුගෙන් 12 වැන්නේ රාහු බලවත් වීමත් 9 වැන්නේ සිකුරු බලවත් වීමත් හේතුවෙන් එතුමාට දඹදිව පමණක් නොව ශ්‍රී  ලංකාව ඇතුළු රටවල දෙව් බඹුන් උදෙසා ශ්‍රී  සත් ධර්මය දේශනා කිරීමට හැකියාව ලැබිණි. ගුරුගේ හා බුධගේ බලය හේතුවෙන් එතුමාට මනා වූ දේශන හැකියාවක් උරුම වූ අතර ඒ තුළින් කිසිවකු නොබලන මෙන්ම නොමැති බුද්ධියක් එමෙන්ම මහ කරුණාවක් කීර්තියක් මෙන්ම සමාජ බලයක් හා අති ශේ්‍රෂ්ඨ වූ නායකත්වයක් ලබා දෙමින් මුළුමහත් සමාජයේම ගෞරවාදරයටත් පිළිගැනීමටත් ලක්වීමට භාග්‍යයක් උන්වහන්සේට උදා වූයේය. රවිගේ හා සඳුගේ බලය තුළ උන්වහන්සේ උසස් සිතුවිලිවලින් පිරිපුන් උත්තමයකු වූයේය. 

මෙම ජන්ම පත්‍රය තුළ ලග්නාධිපති සඳු ග්‍රහයා සම රාශි ගතව ලග්නයෙන් 4 වැන්නේ හෙවත් සිකුරුට අයත් තුලා රාශියේ තැන්පත් අතර තුලාව වනාහී ජල හා චර රාශියකි. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය සිදුවූයේ මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතරමඟදී තිබූ සල් උයනක් තුළය. කෙනකුගේ උත්පත්තිය චන්ද්‍රයා ජල හා චර රාශියක් තුළ පිහිටීම තුළ සිදුවුව හොත් එය අප ජේ‍යාතිෂයේදී එම පුද්ගලයාගේ උපත ගමනක් යන අතරමඟදී සිදුවන බව සඳහන්ය. ඊට අමතරව ජලයද යම් ආකාරයකට සම්බන්ධ වීමක්ද මේ සඳහා සිදුවිය යුතුය. එම කාරණය මැනවින් සනාථ කරමින් සිදුහත් කුමාර උත්පත්තිය මහමායා දේවිය තම මවගේ නිවෙසට යන අතරමඟදී තිබූ සල් උයනක් තුළ සිදුවූ අතර ඒ අවස්ථාවේ මල් වැස්සක්ද පතිත වූ බව සඳහන්ය. 

4 අධිපති සිකුරු 4න් 6 වැන්න වූ ගුරුට අයත් මීන රාශිය තුළ කේතු සමඟ පතිත වීමත් 7 හා 8 අධිපති සෙනසුරුත් 8 වැන්න තුළ යෙදීමත් තුළින් සිදුහත් කුමරුගේ ගිහිගෙය හැරයෑම හෙවත් තම බිරිය මෙන්ම සියලු නෑදෑ හිතවතුන් හැරයෑම හෙවත් ගිහිගෙය හැරයෑම මැනවින් පෙන්නුම් කරයි. පුද්ගලයකුගේ විවාහය පිළිබඳව පෙන්නුම් කරන්නේ ජන්ම පතේ 7 වැන්නෙනි. ඒ අනුව සිදුහත් කුමාරයාගේ විවාහයේ පැවැත්මට බාධාවක් වූයේ 7 වැන්න තුළ වූ කුජගේ ක්‍රියාකාරීත්වයයි. ඒ අනුව 7 වැන්නේ යෙදුණු භෞම දෝෂ බලය එතුමන්ගේ විවාහ ජීවිතයේ පැවැත්මට අතිශය බාධාවක් වූයේය. 

සිදුහත් කුමාරයාගේ උපතින් දින 7ක් තුළ කුමරුගේ මව වූ මහමායා දේවියගේ මරණය සිදුවූ අතර කුමරු හැදී වැඩුණේ ඔහුගේ සුළු මවගේ රැකවරණය තුළය. එයට හේතු වී ඇත්තේ ජන්ම පතේ 8 අධිපති ශනි 8 වැන්න තුළ පතිත වීමත්ය. 

මේ ලෝකවාසී දුකින් පෙළෙන සත්ත්වයාට අපමණ සේවයක් කළ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට උත්පත්ති ග්‍රහචාරය අනුව එළැඹි සිකුරු මහ දශාව තුළ ගුරුට අයත් විසා නැකැත යෙදුණු වෙසක් පොහොය දිනක පිරිනිවන් පෑ සේක.


 ශාස්ත්‍රවේදී වාස්තු විද්‍යා උපදේශක,

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

0772753100