logo

27

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
තරුපති
අවස්ථානෝචිත ප්‍රඥාව ලබන්න අමතීස්ට් මැණික් පලඳින්න!...

අමතීස්ට් නම් පළිඟු කැටයද මැණික් ගලක් වශයෙන් සලකනු ලබන්නා සේම එයට ලෙඩ දුක් සුවකළ හැකි බලයක් ඇතැයිද එය

02:00 AM Jun 22 2019
ඉඩමේ පාද බෙදීමේදී සැලකිය යුතු කරුණු ...

අංක 01 - අංක 24 ප්‍රේත පාදයට අයත්වේ.     24අංක 25 - අංක 40 මනුෂ්‍ය පාදයට අයත් වේ.  

02:00 AM Jun 22 2019
ජනප්‍රසාදය ලබාදෙන සර්ව ලෝක වශී යන්ත්‍රය ...

මන්ත්‍රය :-ඕං මරු බලා වාසහී සර්වජන රක්ෂණී ගෞරී ගන්ධාරි මෙනා වශී කුරු කුරු සර්වා හා ඓයියුම් කිලියුම්

02:00 AM Jun 22 2019
ඉගෙනුම් වටපිටාව සාර්ථක කරගත හැකි සුබවාදී පිළිවෙත් ...

නිවැසියන් අතර විවිධ භූමිකාවන් සහිතවූවන් දක්නට ලැබේ. විවිධ ජීවිකාවන් කරමින් ආර්ථික අරගලයක නියැළෙන වැඩ

02:00 AM Jun 22 2019
සුදුසු තැන අහිමි කරන ගෙදර දෝෂ...

අද පමණක් නොව අතීත රජ දරුවන්ගේ කල පටන්ම සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම බරපතළ ගැටලුවක් වුණා. නොයෙකුත්

02:00 AM Jun 22 2019
ඔබේ පෞද්ගලික අංකයෙන් හෙළිවන රහස්...

මෙම පුද්ගලයන් එඩිතරය. කාර්යශූර අය වේ. අහංකාර ගති, යටත් වීමට අකමැති නායකත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්

02:00 AM Jun 22 2019
නැකැත සුබ නැති විටෙක ඇතිවන අසුබ ...

විවාහය කියන්නේ මානව සමාජයේ ඉතාමත් වැදගත්ම චාරිත්‍රයක්. මනාලයෙක් හා මනාලියක් යන වචන අපි භාවිත කරන්නේ

02:00 AM Jun 22 2019
ජූලි 3 වැනිදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයෙන් රාජ්‍ය තාන්ත්‍රි...

මෙම වසරෙහි සිදු වන දෙවන සූර්යග්‍රහණය ලෙස 2019 වසරෙහි ජූලි 3 වැනිදා මධ්‍යය එදින 00.54 වන සේ මිථුන රාශ

02:00 AM Jun 22 2019
කලාතුරකින් පිහිටන මහ බලවත් සිංහාසන යෝගය...

බලවත් සිංහාසන යෝගය' කෙනකුට පිහිටන්නේ කලාතුරකිනි. සියලුම ග්‍රහයන් ජන්ම කේන්දරයේ 2, 6, 8, 12 යන ස්ථානව

02:00 AM Jun 22 2019
ජන්ම පත්‍රයෙන් හෙළිවන පුරුෂ කාමුකත්වය...

විවාහය හා සබැඳි ප්‍රධානතම ක්‍රියාවලිය ලිංගිකත්වයයි. ජීවයේ පැවැත්ම උදෙසා මින් ඉටුවන කාර්යභාරය ඉමහති.

02:00 AM Jun 22 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත ...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 22 2019
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019

මැයි 17 ආරම්භ වූ විකාරි සංවත්සර කාලය ඔබට බලපාන හැටි

තරුපති

විකාරි නම් සංවත්සරයේ වෙසක් පෝය ලබන විට පක්ෂියා බර අවස්ථාවේ පසුවේ.

ශකරාජ වර්ෂ ප්‍රමාණයෙන් 1941 වැන්නේ බුධද වර්ෂයෙන් 2563 වැනි වසරේ විෂ්ණ විංසතියට අයත් පීතර යුග පංචාවේදයෙහි තෙවැනි ඉඩාවත්සර භේද නාමධාරි චන්ද්‍ර දේවතා අධිපති විකාරි නම්වන මෙම වසරේ එනම් ව්‍යවහාර වර්ෂයෙන් ක්‍රි. වර්ෂ 2019 මැයි (වෙසක්) මස 17 වැනි සිකුරාදා (සෙනසුරාදා පාන්දර) 4.13ට මේෂ ලග්නයයෙන් බුධ තත්කාල හෝරාවේ ගුරු පංචම කාල හෝරාවෙන් ගුරු හිමි විසා නැකැතේ ප්‍රථම පාදයෙන් විසා නැකැත හිමි කාක පක්ෂියා බර අවස්ථාවේදී වෙසක් පසළොස්වක පෝය (2563 බුද්ධ වර්ෂය) ලබා සෙනසුරාදා රාත්‍රි 2.44ට පෝය අවසන් වේ. මෙම තත්කාල අවස්ථාව අනුව ග්‍රහයන් පිහිටන අන්දම බලන්න. 

අංක 2 දරන සටහනින් මෙම අවස්ථාවේ ග්‍රහයන් පිහිටි ආකාරය ලංකාවට බලපාන ශුභ අශුභ පැහැදිලියි. මින් පෙර “විකාරි” සංවත්සරයකදී පසළොස්වක වෙසක් පෝයක් ලබාඇත්තේ විංශති චක්‍රය අනුව මීට වසර 6ට පෙර එනම් ක්‍රි. වර්ෂ 1959 අප්‍රේල් 13 සිට 1960 අප්‍රේල් දක්වා කාලය තුළදීය. එම වසරේ වෙසක් පසළොස්වක පෝය ලැබූ අවස්ථාවේ තත්කාල කේන්දර සටහන අංක 3 සටහනෙන්  බලන්න. 


1959 මැයි 21දා රාත්‍රි 10.16 රවි තත්කාල හෝරාවේ සඳු පංචම කාල හෝරාවෙන් විසා දෙවැනි පාදයෙන් 

1959 මැයි 21දා වෙසක් පෝය ලබන අවස්ථාවේ තත්කාල කේන්දරය ලංකා කුම්භ ලග්නයට බලපාන ආකාරය අංක 4 සටහනින් පැහැදිලිවේ. 


 අපේ තථාගත බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුලම සිදුවී ඇති වෙසක් පෝය දිනය බෞද්ධ ජනතාවගේ අති උතුම් වූද ගෞරවයෙන්, භක්තියකින් යුතුව සතුටින් අලංකාර ලෙසද පවත්වන සැණකෙළියක්ද වේ. නමුත් අප රට තුළ බලාපොරොත්තු රහිත ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට අවකාශයක් නැතිවීම පිළිබඳව සලකා බලන විට “විකාරි” නම් සංවත්සරයද මෙම වසරේ අප්‍රේල් 14දා සිට පවතින බවද විශේෂ අවධානයට ලක්කළ යුතුවේ. 

විංශති චක්‍රය අනුව බලන විට මීට වසර 60ට පර 1959 අප්‍රේල් 13 සිට 1960 අප්‍රේල් 13 දක්වා විකාරි සංවත්සරය පැවැති කාලවකවානුව තුළ සිදුවී ඇති කරුණු අනුව ශ්‍රී  ලාංකිකයන් වන අපට විශේෂ සිදුවීම් කීපයක් අමතක නොවේ. එම විකාරි සංවත්සර කාලය තුළදී වෙසක් පොහොය ආරම්භ වන තත්කාල කේන්දර සටහන අංක 1 දරන සටහනේ සඳහන් වේ. එවකට රටේ (ශ්‍රී  ලංකාවේ) අග්‍රාමාත්‍ය ගරු බණ්ඩාරනායක මැතිතුමා බෞද්ධ භික්ෂුවක් විසින් වෙඩි තබා ඝාතනය කිරීම සමඟ බුදු දහමට කළු පැල්ලමක් ඇති කරමින් ලක්වාසී ජනතාවට ශෝකයක් ඇති විය. 

එම භික්ෂුවට එල්ලුම් ගස් යෑමට අවශ්‍ය මඟ සලසා ගැනීම, දේශපාලනික වශයෙන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කිරුළ හිමිවීමට අඩිතාලම සකස් වීම සුවිශේෂී කරුණු වේ. 

මෙදා වෙසක් පෝය ආරම්භ වන තත්කාල කේන්දර සටහන (අංක 2) අනුව සලකා බලන විට විසා නැකැත හිමි බ්‍රහස්පති ග්‍රහයා දෙවැන්නට (ධනස්ථානයට) හා අයස්ථානාධිපති වේ. නමුත් මෙම බ්‍රහස්පති ලංකා කේන්දරයෙහි වික්‍රමස්ථානයේ සතුරු වී සිටී. එම වික්‍රමස්ථානයට අධිපති අඟහරු පස්වැන්නේ බුධට හිමි  මිථුන රාශියේ හිස නැති රාහු සමඟ තැන්පත් වී සිටී. මිථුන රාශියේ සිටින අඟහරුට බුධ, රාහු සතුරු වීමෙන් මිථුන  බලවත් ලෙස පීඩාවී ඇත.

මෙම මිථුන රාශිය නියෝජනය කර ස්ථාන සම්බන්ධව සලසා බලන විට, විවිධ ආගමික කටයුතු සිදු කරන විහාරස්ථාන දේවාල, කෝවිල්, පල්ලි, පාසල්, විශ්වවිද්‍යාල, ළදරුවන් රැකබලා ගන්නා නේවාසිකාගාර, පුවත්පත් ආයතන රූපවාහිනි ආයතන, නාට්‍ය ශාලා කාලායතන, වෙළෙ¼දාම් කරන ස්ථාන, බුද්ධිමතුන්, ඥානවන්තයන් වසන ස්ථාන නැව්, ඔරු, පාරු, බෝට්ටු ගුවන් යානා නතර කරන ස්ථාන නියෝජනය කරයි. දුම්රිය  මාර්ගද රාහු සිටීම අනුව නියෝජනය කෙරේ.

 සෙන්පති අඟහරුගෙන්, එඩිතර ගති, දක්ෂකම, කරුණාවන්ත බව, කෝලහාල, යුද ක්‍රියා, හදිසි අනතුරු, ගෙන්දගම්, පුපුරන ද්‍රව්‍ය, වස විස වර්ග වහා ගිනි ගන්නා ද්‍රව්‍ය, නඩු, බන්ධනාගාර, භයානක අවි ආයුධ නියෝජනය කරන අතර පොලිසිය ඇතුළුව  යුද, ගුවන්, නාවික හමුදාවන්ගේ ශක්තිය අඟහරුගේ ශක්තිය මත ර¼දා පවතී. නමුත් අයස්ථානයේ සිටින ලග්නාධිපතිගෙන් හා  කේතුගෙන් අඟහරුට එල්ල වන දෘෂ්ටිය නිසා අඟහරුගේ බලය පාලනය වී ඇත.

 කුම්භ ලග්න ලංකා කේන්දරයෙහි සතුරු ස්ථානය අධිපති චන්ද්‍රයා පුණ්‍යස්ථානයේ (තුලාවේ) සතුරු වී සිටීම  අනුව  මේ අවස්ථාවේදීද  රට  තුළ වෙස්වලා ගත් සතුරන් සිටී. ගංවතුරෙන් විපත් ඇතිවීමට, ජලයට විස මිශ්‍ර වීමට අවකාශ පවතී. ලංකාවට විරුද්ධ සතුරන් වෙස්වලාගෙන සමාජයේ ගැවසේ.

ජුනි 22 සිට අගෝස්තු 9 අතරතුර දී අඟහරු කටක රාශියේ කුම්භ ලග්නයේ සතුරු ස්ථානයේදී නීච වී සිටීම අනුව ආරක්ෂක අංශ දැඩි කැපවීමකින් කටයුතු කරන අතරම දෝෂාරෝපණය කරන පිරිසක්ද ඇතිවේ. ගමනාගමනයේදී අනතුරකට ලක්වීමට හේතු ඇතිවේ. ආරක්ෂක අංශවල බලතල වැඩිවේ. වසංගත රෝග තත්ත්වයක් ඇති කෙරේ.

 අගෝස්තු 9 වැනිදා සිට දෙසැම්බර් අග දක්වා කාලය තුළ දී බලවත් ලෙස ජනතාවට මෙන්ම රජයටද ආර්ථික ගැටලු මතුවේ. දේශපාලන කරළියේ කලකෝලහාල ඇතිවේ. ප්‍රසිද්ධ පුද්ගලයකුට මාරක අපල පවතී. අත්‍යවශ්‍ය ආහාර වර්ගවල හිඟයක් ඇතිවේ. දේශපාලන පෙරළියක් ඇති වේ. වෙසක් පෝයදා විහාරස්ථානයන්ට යෑමට  අවස්ථාව අහිමි වුණු බුද්ධිමතුන් ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් පෝදා දවස ගත කර සැනසීම ළඟාකර ගන්නා බව  පැහැදිලි වේ.

 ජය ශ්‍රී  !


 පොල්ගම්පළ ජේ‍යාතිෂවේදී කේ. ඇක්මන් 

0776221099