logo

29

කොළඹ

යාපනයේදී අත්අඩංගුවට ගත ආවා සාමාජිකයින් 10 දෙනා ජුලි 01 දක්වා රිමාන්ඩ්

යාපනයේ ස්ථාන කිහිපයකදී ආවා කල්ලිය විසින් සිදු කරන ලද පහරදීම්

12:08 PM Jun 19 2019

විදුහල්පතිවරු හා ගුරුවරු උසස් පෙළ වර්ජනය කිරීමේ සුදානමක

11:59 AM Jun 19 2019

කුරුවිතැන්න වීරගොල්ල ගම්මානයේ දෙපිරිසක් අතර ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ

11:41 AM Jun 19 2019

කබීර් හා හලීම් නැවතත් තම ඇමතිධුර භාරගනී

11:15 AM Jun 19 2019

සක්විතිට උසාවි නියෝගයක්

11:07 AM Jun 19 2019

ලංගම බස්රථයක් අඩි20ක ප්‍රපාතයකට වැටී නිවසක් ඇතුලට කඩා වැටිලා (PHOTO)

10:46 AM Jun 19 2019

උතුරේ ලක්ෂ දෙකකට වතුර නෑ

10:42 AM Jun 19 2019

කාත්තන්කුඩියේ වහබ්වාදය උගන්වන පල්ලි 15ක් විතර ඇති බවට හෙළිදරව්වක්

10:28 AM Jun 19 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි ජේ‍යාතිෂප්‍රතිකර්ම

තරුපති

පසුගිය දිනවල සිදුවූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී  ලාංකික වැසියන් බොහෝ දෙනෙකුට බියෙන් හා සැකයෙන් යුක්තව කාලය ගත කිරීමට සිදුවී ඇත. අගනුවර සහ ඒ ආශි්‍රත ප්‍රදේශවලට දෛනික රැකියාවන් සඳහා පිටත්ව යන ජනතාව තුළ මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙයි. මීට කලින් ලිපිවලින්ද පෙන්වා දුන් පරිදි ජේ‍යාතිෂයට අනුව ආසන්නතම ගැටලුව නැවත නිර්මාණය වීමේ ඉඩකඩ අඩු වුවද 2020 ජනවාරි 24 දක්වා ඉදිරියට පවතින මාස කිහිපය තුළද වෙනත් ගැටලු වරින් වර නිර්මාණය වීමේ ඉඩකඩ පවතියි. 

විශේෂයෙන් මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදි වෙසක් පුර පසළොස්වක පොහොය දින නොහොත් 2019 වසරෙහි මැයි 18 දින සිදුවන සිකුරු සහ යුරේනස් අතර ග්‍රහ යුද්ධයෙන් පිපිරුම්කාරක  යුරේනස් ජය ගැනීමට අනුව ලෝක මට්ටමින් ගුවන් යානා අනතුරුවලට මෙන්ම ලෝක මට්ටමින් ආන්දෝලනාත්මක පිපිරීම් සහ ගිනි ගැනීම්වලටද ඇති ඉඩකඩ ඉතාමත්ම වැඩිය. එම නිසා එම බලපෑම ශ්‍රී  ලංකාව කෙරෙහි යොමුවීමටද යම් තරමක හෝ අවදානමක් ඇති නිසා වෙසක් පොහොය ආශි්‍රත දිනවල කල්පනාකාරීව කටයුතු කිරීම නුවණට හුරුය. 

මෙහිදී ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ගමන් බිමන් යෑමේදීය. එනම් නිවෙසට වී සුරක්ෂිතව සිටීමට ජනතාවට කෙතරම් අවශ්‍යතාව තිබුණද ජනතාවට අත්‍යවශ්‍ය ගමන් බිමන් යා යුතු වේ. උදාහරණ ලෙස තරමක් දුර බැහැර පෙදෙසක වෙසෙන අයකු අගනුවර පිහිටි රජයේ කාර්යාලයක රැකියාව කරයි නම් ඔහුට අකමැත්තෙන් හෝ දිනපතා රැකියාවට අගනුවරට පැමිණීමට සිදුවෙයි. ඒ නිසා සුරක්ෂිත ගමනක් වෙනුවෙන් ජේ‍යාතිෂය උපයෝගි කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. 

සැබවින්ම සුබ මුහුර්තයකින් නිවෙසින් පිටත් වීම තුළින් ඉතා සුරක්ෂිත ලෙස ගමන නිම කර නිවෙස බලා ආපසු ආ හැකි බව මගේ අදහසයි. ජේ‍යාතිෂ්‍ය තුළ ඇති “ඇතැම් ගමන් බිමන් යෑමේ නැකැත්” කෙතරම් බලගතුද යත් විදෙස්ගත වීමකදී එවැනි සුබ මුහුර්තයකින් නිවෙසින් පිටත් වුවහොත් අදාළ ගුවන් යානය විශාල අනතුරකට ලක් වුවද එසේ සුබ මුහුර්තයෙන් පිටත් වූ පුද්ගලයාගේ ජීවිතය කෙසේ හෝ ආරක්ෂා වනු ඇත. වරින්වර හෝ විශේෂ ගමන් බිමන් වෙනුවෙන් මෙම සුබ මුහුර්ත භාවිත කරන අයකු ලෙස එම සුබ මුහුර්තවල ඇති සත්‍යතාව මා විසින් ප්‍රායෝගිකවද ඉතා හොඳින් අත්දැක ඇත. ඒ අනුව සුරක්ෂිත ගමනක් වෙනුවෙන් සුබ මුහුර්තයකින් ගමන් බිමන් ආරම්භ කිරීම නිර්දේශ කළ හැකිය.

මීට අමතර ලෙස ගමන් බිමන් පිටත් වීමේදී අනුහස් සහිත ගාථාවක් භාවිත කිරීමෙන්ද සුරක්ෂිත ගමනක් හිමිකර ගත හැකි වනු ඇත. දුටුගැමුණු මහ රජතුමාද නිතර භාවිත කළ ගාථාවක් ලෙස සැලකෙන “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ .....” ගාථාව මුමුණමින් ගමන් බිමන් ආරම්භ කිරීම තුළින් හදිසි අනතුරුවලින් තොර සුරක්ෂිත ගමනක් හිමිකර ගැනීම සඳහා යම් තරමකට හෝ දායකත්වයක් ලැබෙනු ඇත. පාසල් නිමා වීමේදී පාසල් සිසුන් විසින් තම ආරක්ෂාව වෙනුවෙන් ගායනා කරනු ලබන “යෝවධ තංපව රෝමනු ජේසු” යන්නෙන් ආරම්භ කරන “ජත්ත මානවක ගාථා” කාර්යාලවල රාජකාරි කටයුතු නිම වී නිවෙස් බලා යෑමට පෙරද භාවිත කිරීම තුළින් යම් තරමකට හෝ සුරක්ෂිත ගමනක් හිමිකර ගත හැකි බව මගේ අදහසයි. 

උත්පත්ති කේන්දර සටහන්වල හදිසි අනතුරු සහ ක්ෂණික මරණ පෙන්වන අය ගමන් බිමන් යෑමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව මෙහිදී අවධාරණය කළ යුතුය. ශ්‍රී  ලංකාවේ කීර්තිමත් ජේ‍යාතිෂ පර්යේෂකයකු වන අතුල මංචනායක මහතාගේ පර්යේෂණවලට අනුව කිසියම් උත්පත්ති කේන්දර සටහනක යුරේනස් ග්‍රහයා 8 වැනි භාවය තුළ තැන්පත්ව ඇතිනම් ගින්දරෙන් සහ පිපිරීම් වැනි සිදුවීම්වලින් ප්‍රවේශම් විය යුතු අතර එවැනි අයකුට ක්ෂණික මරණයක් ගෙන දීමේ හැකියාව වැඩිය. නමුත් එවැනි පිහිටීම් ඇති අයට ආයුෂ අඩු බවක් එයින් අදහස් නොවේ. කෙසේ වෙතත් මේ ආකාරයේ පිහිටීම් ඇති අය විශේෂයෙන් අප ඉහත කී ආකාරයට කටයුතු කරමින් ගමන් බිමන් ආදිය පිටත් වීම සුදුසුය. 

මීට අමතර ලෙස කිසියම් කේන්දර සටහනක කුමන හෝ භාවයක යුරේනස් සහ කුජ යන ග්‍රහයන් එක්ව සිටීමද පිපිරීම් පිළිබඳව ප්‍රවේශම් විය යුතු පිහිටීමකි. නමුත් එවැනි කේන්දර හිමියන්ටද ආයුෂ අඩු බවක් එයින් අදහස් නොවේ. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්දර සටහනක ගුරු, සිකුරු, බුධ වැනි ග්‍රහයන් හුදෙකලාව 8 වැනි භාවය තුළ පිහිටීමද ක්ෂණික, ශාන්ත මරණ ගෙන දිය හැකි පිහිටීමක් නිසා ඔවුන්ද ප්‍රවේශම් විය යුතුයි. 

කෙසේ වෙතත් මෙලෙස ගුරු, බුධ, සිකුරු වැනි ග්‍රහයන් 8 වැනි භාවය තුළ පිහිටීම දීර්ඝායුෂ ලැබීම කෙරෙහි බාධාවක් නොවන බවද මෙහිදී අවධාරණය කළ යුතුය. තම උත්පත්ති කේන්දර සටහන තුළ අප ඉහත සඳහන් කළ පිහිටීම් නොමැති සියලු දෙනාම සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවක් මෙයින් අදහස් නොකරන අතර අප විසින් හෙළි කරන ලද්දේ හදිසි අනතුරු ඇතිකළ හැකි ග්‍රහ පිහිටීම්වලින් පහසුවෙන් හඳුනාගත හැකි කිහිපයක් පමණි. එමෙන්ම අප ඉහත සඳහන් කළ පිහිටීම් ඇති කේන්දර හිමියන්ට, සාපේක්ෂව අනතුරු ආදිය සිදුවීමේ ඉඩකඩ වැඩි වුවද ඔවුන්ටද අනිවාර්යයෙන්ම අනතුරු සිදුවන බවක් මෙයින් අදහස් නොකෙරේ.


 ප්‍රවීණ ජේ‍යාතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

0714410906