logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?

හටන

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉදිරියෙන් සිටින නායක දෙපොළ ශ්‍රී  ලංකාවේ හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක සහ ගයනාවේ ප්‍රථම ජනාධිපති ක්වෝමේ එන්කෘමාය (Kwame Nkrumah).  ඡායාරූපය හමුවුවද එහි වැඩි විස්තරයක් සොයාගත නොහැකි විය. මුලින් එය ලංකාවේ පැවැත්වූ නොබැඳි සමුළු වාරයේදී ගන්නා ලද්දකැයි සැක කළෙමි. එහෙත් ඒ අදහස වැරදි බව පසුව වැටහිණි. 

නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව කොළඹදී රැස්වූයේ 1976 වසරේය. 1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙරුණු අතර එමඟින් මෙරට එතෙක් පැවැති CEYLON නාමය SRI LANKA  යනුවෙන් වෙනස් කෙරිණි. ඡායාරූපයේ බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපිට ඇති නාම පුවරුවේ CEYLON පැහැදිලිව දක්නට ලැබෙන නිසා ඡායාරූපය නොබැඳි සමුළුවට අයත් එකක් නොවන බව තීරණය කළ හැකියි. 

එසේ නම් නිසැක ලෙසම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී ගන්නා ලද්දක් බව නිගමනය කළ හැකිය. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රථම ධුර කාලය වූ 1960 - 66 අතර මෙම සමුළු වාරය පැවැත්වෙන්නට බොහෝදුරට ඉඩ තිබේ. 

ක්වොමේ එන්කෘමා අප්‍රිකානු නිදහස් අරගලයේ නියමුවෙකි. ඔහු බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් මිදීම සඳහා කළු ජාතික ප්‍රජාවට නායකත්වය දුන්නේය. අප්‍රිකාවේ බි්‍රතාන්‍ය යටත් විජිතවාදයට ගොදුරු වූ රාජ්‍යයක් වූ ගෝල්ඩ් කොස්ට් හෙවත් රන් වෙරළ එන්කෘමාගේ නිජබිම විය. අතීතයේ රන් වෙරළට සේන්දු වූ යුරෝපීය යාත්‍රිකයෝ අප්‍රිකානුවන් දහස් ගණන් අල්ලා යදමින් බැඳ ඇමෙරිකා මහද්වීපයට වහලුන් ලෙස ගෙන ගියෝය. අප්‍රිකානු ගෝත්‍රික ජනයා දරුණු වධ බන්ධනයන්ට ගොදුරු කරන ලදී. එන්කෘමා පෙනී සිටියේ පීඩිත අප්‍රිකානුවන් වෙනුවෙනි. විදේශගතව උසස් අධ්‍යාපනය ලබා නැවත ගෝල්කෝස්ට් වෙත පැමිණි ඔහු සිය දේශයේ නිදහස් සටනට නායකත්වය දුන් අතර බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් දේශය නිදහස් කර ගැනීමට ඔහුට හැකි වූයේ 1957 දීය. 

ගෝල්ඩ් කෝස්ට් යන නාමය වෙනස් කළ එන්කෘමේ එරට ප්‍රථම ජනාධිපතිවරයා වූයේය. එතැන් පටන් රටේ නම රිපබ්ලික් ඝානා නම් විය. ඔහු ලෙනින් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලද අප්‍රිකානු රාජ්‍ය නායකයාය. අගමැතිනිය බෙහෙවින් ලජ්ජාශීලීව ඇස් කුඩා කරගෙන නිකටේ අත රඳවා ඉවත බලාගෙන සිනා වෙන්නේ එන්කෘමා කියූ කිසියම් රස බර කතාවක් නිසා විය යුතුය. එය ඇයට පමණක් ඇසෙන්නට රහසේ කොඳුරා කියන ලද්දක් විය යුතුය. ඔහු ඇය දෙසට නැඹුරුව සිටින්නේ තමන් කියූ දේ සෙස්සන්ට නොඇසෙන්නට වගබලා ගනිමිනි. එන්කෘමා විනෝදශීලී කෙළිලොල් තරුණයකු බව නම් ඡායාරූපයෙන් මොනවට පැහැදිලි වන්නේය. ඉදිරියේ ඇති මයිකේ‍රෆෝනය ක්‍රියාත්මකව තිබුණා නම් සමහර විට මේ රාජ්‍ය නායකයන් දෙපළගේ රහස ලෝකයටම දැනගන්නට හැකිවෙනු ඇත.


උදේනි සමන් කුමාර