logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න - එල්විස් ප්‍රෙස්ලි ජනාධිපති නික්සන්ට ලියයි

හටන

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්නේ් ඉහළම ස්ථානයකි. ඔහු හඳුන්වන්නේ “Rock and Roll”  රජු වශයෙනි. ඔහු ඇමෙරිකානු සංගීතඥයකු මෙන්ම නළුවකුද වූයේය.

 ඔහුගේ ගෘංගාරාත්මක හඬට 50 දශකයේදී  මුළු ලොවම වශී වූයේය. එල්විස් ප්‍රෙස්ලි ගැන ලොව නොදන්නා තවත්  පැත්තක් තිබේ. ඔහු මානව හිමිකම් රැකගැනීම සඳහාද සමාජය දූෂණ ක්‍රියාවන්ගෙන් මුදාගැනීම පිණිසද කැපවීමෙන් ක්‍රියා කළේය. එල්විස් ප්‍රෙස්ලි 42 වියේදී පිළිකා රෝගය වැලඳීමෙන් මරණයට පත්විය. මෙම සැඟවුණු ලිපිය ඔහු විසින් 1970 වසරේ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් වෙත යවන ලද්දකි. 

1970 දෙසැම්බර් 21

 වොෂින්ටන් ඩී.සී.

ගුවන්යානයේදීය. 

ආදරණීය ජනාධිපතිතුමනි,

 පළමුව ඔබට මා හඳුන්වා දිය යුතුයි. මම එල්විස් ප්‍රෙස්ලි. මා තුළ ඔබට මහත් ගෞරවයක් ඇත. අපේ රට ඇමෙරිකාවට මා හුඟක් ආදරෙයි. රට වෙනුවෙන් ඕනෑම මොහොතක ඕනෑම කැපකිරීමක්  කරන්නට මා සූදානම්. වෙනත් විශාල බලාපොරොත්තු මා තුළ නැති බවත් කියන්න ඕනෑ. 

 අපේ රට වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිහිපයක් ගැන මා තුළ ලොකු කනස්සල්ලක් පවතිනවා. සෙනට් සභික ජෝර්ජ් මර්ෆි සමඟද මා ගුවන්යානයේදී මේ ගැන කතා කළා. මත්ද්‍රව්‍ය වසංගතය, හිපි උවදුර, බ්ලැක්පැන්තර් අපේ රටට සතුරු ආපදාවන් බව මගේ හැඟීමයි. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා කොමියුනිස්ට් ව්‍යාපාර සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් මා විසින් සිදුකර ඇති බැවින් ඒවා පිටුදැකීම සඳහා රජය ගෙනයන ක්‍රියා මාර්ගයකට ස්වේච්ඡාවෙන් සහාය වීමට මම කැමැත්තෙන් සිටිමි. 

ජනාධිපතිතුමනි, වොෂින්ටන් හෝටලයේ කාමර අංක 505, 506, 507 මම නතරවී සිටිමි. මා සමඟ වැඩ කරන ජෙරී ශිලිං සහ සෝනි වෙස් යන සේවකයන් දෙදෙනාද එහි සිටී. ජෝන් බරෝස් යන නම යටතේ අප ලියාපදිංචි කර ඇත.

අද රාත්‍රියේ හෝ හෙට ඕනෑම වෙලාවක ඔබගේ කාර්ය මණ්ඩලයේ පෙඩරල් නියෝජිතයකුට  වොෂින්ටන් හෝටලයේදී මා හමුවිය හැකිය. 

මා ගැන තවත් පැහැදිලි කරනවා නම් පසුගිය වසරේ හොඳම තරුණ ඇමෙරිකානුවන් දසදෙනා අතරට මගේ නමද ඇතුළත්ය. මෙම්ෆිස් මගේ නගරයයි. ඔබ කාර්යබහුල නොවන්නේ නම් හෙට දිනයේ ඔබ හමුවිය හැකිවනු ඇතැයි විශ්වාස කරමි. ඔබ වෙනුවෙන් සුවිශේෂී ත්‍යාගයක් මා තබාගෙන සිටින අතර ඔබ හමුවන තෙක් එය මා ළඟ තබා ගන්නෙමි. 


ගෞරවයෙන්