logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස

හටන

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව යළි හදිසි නීතිය පැනවීම හා මර්දනය උග්‍ර කිරීම නිසා නිර්මාණය වූයේ අවාසිදායක තත්ත්වයකි. මේ වන විට රට තුළ පැවැතියේ ද්විත්ව පාලනයකි. ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එක් පසෙකින් බලවත් වූ අතර ගිලිහී යමින් තිබෙන බලය රැකගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටියේය.

සමහර ප්‍රාදේශීය පරිපාලන හා සමාජයීය ගැටලු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට දන්වා විස¼දා ගැනීමට ජනතාව කටයුතු කළ අතර බොහෝ තැන්වලදී සාර්ථක ප්‍රතිඵල ලැබිණි. මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට ජනතාව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පිහිට පැතූහ. ඉහත සඳහන් කළ ද්විත්ව බලය නිර්මාණය වූයේ එසේය.

මේ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එම වකවානුවේ නිකුත් කළ පුවත්පතක් වූ ‘රණබිම’ පුවත්පතෙහි පළ කළ නිවේදනයක් මඟින් සන්නද්ධ හමුදා තමන්ට නැඹුරු තැනකට ගෙන ඒමට ජවිපෙ උත්සාහ කර තිබිණි. එමඟින් ආණ්ඩුවට එරෙහි අරගලය තවත් අදියරයකට ඔසවා තැබීමට උත්සාහයක් ගෙන ඇති බව පැහැදැලිව පෙනිණි. ආණ්ඩුව සන්නද්ධ හමුදා තුළ සිටින ආණ්ඩු විරෝධීන් ඉවත් කරමින් හා ඝාතනය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් විය. ඉන්දියාවට රට පාවා දුන් ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුවක් නිසාත්, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් නිසාත් එය ආරක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ඒ නිසා හමුදා සේවයෙන් ඉවත් වන ලෙසත් එමඟින් ආයාචනය කර තිබිණි. ආණ්ඩුව වහාම මේ තත්ත්වය තම වාසියට හරවා ගත්තේය. එක් පැත්තකින් ජාතික ආරක්ෂක ඇමැති රන්ජන් විජයරත්නගේ 70,000ක් මරා දමා ජවිපෙ විනාශ කරදැමීමේ වැඩපිළිවෙළ කිසියම් මන්දගාමී ස්වභාවයක පැවැතියේය. ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයන් නීතියට පරිබාහිරව යමින් මිනිසුන් මරා දැමීම අනුමත නොකරන තත්ත්වයක් උද්ගතව තිබිණි. රන්ජන් විජේරත්න මේ තත්ත්වය පිටුදැකීමට අනුදත් කියාමාර්ග කවරේදැයි ඒ වනවිටත් ලංකාවේ රැඳී සිටි ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ උපදේශකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියේය. විජයරත්නට ලැබී තිබූ උපදේශය වූයේ ආණ්ඩුව විසින්ම ආරක්ෂක හමුදා තුළ ජවිපෙට විරුද්ධ වෛරය කුලුගැන්වෙන අයුරු රහසිගතව ක්‍රියා කළ යුතු බවය. ගම්බද ප්‍රදේශවල හමුදා සාමාජිකයන්ගේ පවුල්වල මව හෝ පියා ඝාතනය කිරීමේ අතිශය රහසිගත සියුම් වැඩපිළිවෙළක් දියත් කිරීම වෙනත් රටවල විප්ලවවාදී ව්‍යාපාර මර්දනය කිරීමට යොදාගත් සාර්ථක ක්‍රියාමාර්ගයක් බව මොසාඩ් නිලධාරීන් විසින් ජාතික ආරක්ෂක ඇමැතිවරයාට ඒත්තු ගන්වා ඇත. ඒ අනුව විශේෂ හමුදා කණ්ඩායමක් සකස් කොට ඔවුන් ස්වකීය හමුදාවේ හෝ පොලිසියේ සාමාජිකයන්ගේ පෞද්ගලික ලිපින කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබිණි. ඒ සමඟ හමුදා සේවයෙන් ඉවත් නොවුණහොත් හමුදා පවුල්වල සාමාජිකයන් මරා දමන බවට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නමින් ප්‍රධාන නගරවල ජවිපෙ මාදිලියේ පෝස්ටර් ඇලවීමද හමුදාව විසින් සිදු කළේය. ඒ සඳහා යොදා ගත්තේ ඒ වනවිටත් අත්අඩංගුවට ගෙන සිටි ජවිපෙ තරුණයන්ය. එම තරුණයන්ද පෝස්ටර් අන්දවාගෙන පසුව මරා දමනු ලැබීය. පෝස්ටර් අලවන ලද්දේද ඔවුන් ලවාය. ඇඳිරි නීතිය පැවැති කාලය තුළ හමුදාවේ හෝ පොලිසියේ වාහනවල කැටුව යන තරුණයන් මඟින් නගරවල සාමාන්‍යයෙන් ජවිපෙ පෝස්ටර් අලවන ස්ථානවලම මෙම පෝස්ටර් අලවන ලදී. ඒවා ජවිපෙ නොවේ යැයි සිතන්නට ජනතාවට කිසිසේත්ම නොහැකි වූයේය. මෙම ඊනියා දඩයමට ගොදුරු කරවන ලද්දේ ආරක්ෂක අංශවල දැඩි සාහසික ස්වභාවයක් පළ කළ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ය. මේ සම්බන්ධව මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු සම්පාදනය කළ ශ්‍රී ලංකාව බලයේ මහන්තත්ත්වය ග්‍රන්ථයේ සඳහන් වන එක්තරා ප්‍රවෘත්තියක් මෙසේය.

“දකුණු පළාතේ හමුදා මේජර්වරයෙක් පුවත්පත් කලාවේදියකුට රහසිගතව පහත දැක්වෙන තොරතුරු හෙළිදරව් කළේය. මේජර්වරයාගේ භටයන්ට ගම්මානයක සිට එමින් සිටි සිවිල් පුද්ගලයන් කණ්ඩායමක් හදිසියේ රාත්‍රි කාලයේ අහම්බෙන් මුණ ගැසිණි. එම කණ්ඩායම ඔවුන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඔවුන් හමුදා සොල්දාදුවන් බව එහිදී හඳුනාගනු ලැබීය. මේ සොල්දාදුවෝ නිවාඩුවට ගමට පැමිණි සොල්දාදුවෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මරා දමා ආපසු සිය හමුදා ඒකකය කරා පැමිණෙමින් සිටි පිරිසකි. චෝදනාව සෘජුවම ජවිපෙ මත පවරනු ලැබීය. එබඳු ක්‍රියා කොතරම් සුපරීක්ෂාකාරී ලෙස සංවිධානය කළේද කොතරම් දුරට ව්‍යාප්තව තිබුණේද යන්න අපි නොදනිමු.”

(ශ්‍රී ලංකාව බලයේ මහන්තත්ත්වය පිට 325)

තත්ත්වය මෙසේ ඉතා බැරෑරුම් සහගතව පවතිද්දී මර්දනය පසු බැස්සවීමේ යම් යම් ක්‍රියාමාර්ගද ජවිපෙ අනුගමනය කළේය. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය ජනාධිපති ප්‍රේමදාස සමඟ මුහුණට මුහුණ හමුවී කරන ලද සාකච්ඡාව මඟින් ලංගම සේවකයන්ගේ දීර්ඝ කාලයක් නොවිසඳුණු වෘත්තීය ගැටලු ජයග්‍රහණයෙන් විස¼දා ගැනීමට හැකි වූයෙන් එම තත්ත්වය තවත් ඉදිරියට ගෙන යා යුතු බව ජවිපෙ අදහස් කළ බව පෙනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති සමඟ දෙවැනි සාකච්ඡා වටයකට යෑමට සුදුසු වාස්තවික වටපිටාවක් මෙන්ම විෂය මූල තත්ත්වයන්ගේ මුහුකුරායෑමක්ද පවතින බව ජවිපෙ එළඹි අදහස වූයේය.

ජවිපෙ විසින් නිර්මාණය කළ මහජන බලය මෙන්ම සන්නද්ධ බලය විසින් ආණ්ඩු ඒ වන විට පසු වූයේ තාප්පයට හේත්තු වූ තැනකය. ආණ්ඩුවට පසුබැසීමට තවත් ඉඩක් නොතිබූ අතර රට පුරා සිදුවන ඝාතන හමුවේ ජවිපෙ ද තවදුරටත් අල්ලාගෙන සිටිය නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය. ගොඩනැඟී තිබූ ද්වන්ධව බලය අත්හළොත් විශාල විනාශයකට ගොදුරු වන බැව් ජවිපෙ දැන සිටියේය. ඇත්ත වශයෙන් ඔවුන් සිටියේ බලපෑම් කරන්නට සුදුසු නිමේෂයේය.

මේ අතර ජවිපෙ දෙවැනි පෙළ නායකයන් වූ ඩී.එම්. ආනන්ද හා රඹුක්පොත නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ සහෝදරයකු යොදවා ජනාධිපති ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් සුදනාම් කර ඇත. එම සාකච්ඡාවේ මැදිහත්කරු වශයෙන් ක්‍රියා කරන්නේ ඒ වන විට එජාපයෙන් ඉවත්ව එක්සත් ලංකා ජනතා පක්ෂය පිහිටුවාගෙන සිටි රුක්මන් සේනානායකය. ඔවුන් දෙදෙනා ජනාධිපති ප්‍රේමදාස හමුවීම සඳහා සුචරිතයට ගොස් තිබෙන්නේ ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ සමගය ඔහු මෙසේ කියයි.

“අප සුචරිතයට ගොස් රථයෙන් බසිත්ම අමුත්තන් දුටු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් ඔවුන් සෝදිසි කිරීමට ඇස ගසාගෙන සිටියෙන් මා ඔවුන්ට කීවේ ඒ දෙදෙනා මගේ හිතවතුන් දෙදෙනකු බැවින් සෝදිසි කිරීමක් අනවශ්‍ය බවය. එවේලේම ජනාධිපතිවරයාගේ සහායකයා වන මොහිදීන් පැමිණ අපව ඇතුළට කැඳවාගෙන ගියේය.

ජනාධිපති ඒ දෙදෙනා පිළිගත්තේ බොහෝ කලක් දැන සිටි අයවලුන් පරිද්දෙනි. ඒ වෙලාවේම රුක්මන්ද එහි පැමිණියෙන් ඔහුවද පිළිගත්තේය. ඔවුන් ජනාධිපතිතුමාට දෙන වද හිංසා ගැන විහිළුවක් කරමින් කිසිදු සැකක් බියක් නැතිව ජනාධිපතිතුමා ඔවුන් සමඟ කතා කළේය. ආනන්දගේ අධ්‍යාපන සුදුසුකම් ඇසූ ජනාධිපතිතුමා මවිතයට පත් විය.

“මෙවැනි කුසලතා ඇති උගත් තරුණ අය ඇයි මේ අන්දමට ක්‍රියා කරන්නේ කියා මට නම් තේරෙන්නෙ නෑ. රෝහණ විජේවීර සමඟ මා කතාබහ කර තිබෙනවා. එතුමා හොඳ අදහස් ඇති අවංක පුද්ගලයෙක් ඇයි අපට එකතු වී වැඩ කරන්න බැරි. බලන්න ඔයගොල්ල කරන අපරාධ. මේවා අපට සාකච්ඡා සම්මුතියෙන් බේරාගන්න පුළුවන් නේද. අප මුහුණට මුහුණලා ඔබේ නායකත්වයත් සමඟ කෙළින් කතා කොට මේ විනාශය සමථයකට පත් කොට ගනිමු” යනුවෙන් කතා බහ ආරම්භ කරමින් ජනාධිපතිතුමා පැවැසීය.

ආනන්ද ඊට හොඳින් සවන්දී සිටියේය.

“අපටත් අවශ්‍ය නෑ මේ රටේ ජනතාව විපතට පත් කිරීමට. නමුත් සාධාරණයක් නැති ඉතා අසාධාරණ, අයුක්තිසහගත ධනේශ්වර පාලන තන්ත්‍රයක් ඔබතුමාගේ පක්ෂය රටේ පවත්වාගෙන යනවා. එයට විරුද්ධවයි අපි නැඟී සිටින්නේ. එය ඔබට වැටහෙන්නේ නැත්තේ ඔබ වටා සිටින පරිපාලන නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගෙන යන නොමනා වැඩපිළිවෙළ නිසායි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනතාක් යුක්තිය සාධාරණය ඉටුවනතාක් අපි ගත් නැඟිටීම් නවත්වන්න කිසිවකුට බැහැ.” ඉතා ආකර්ෂණීය ලෙස සහ ප්‍රිය උපදවන විලාසයකින් ආනන්ද ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා බිම බලාගෙන ඇසිපිය නොහෙළා ආනන්දගේ කතාව අසාගෙන සිටියේය.

“ඇයි අපි දෙගොල්ලන්ට මේකට පිළියමක් සොයා ගන්න බැරි” ආනන්ද වෙත හැඟීම්බර බැල්මක් හෙළමින් ජනාධිපතිතුමා ඇසුවේය.

“මා නිතරම මේ අයට කියන්නේ අදහස් නොබියව, නොසඟවා සාකච්ඡා කොට නිසි එකඟතාවකට පැමිණියහොත් එයින් රටට අත්වෙන සෙත ගැනයි” රුක්මන් සේනානායක කීවේය.

“පසුගිය දේ අපි අමතක කර දාමු. අප අතින් අනේකවත් වැරැදි වන්නට ඇති. ඔබලා අතිනුත් එසේම වන්නට ඇති. අතීතය අමතක කොට රටේ යහපතට හේතුවන අනාගතය ගොඩනඟමු. එය කළ හැක්කේ ඔබලා සමඟ සම්මුතියකට පැමිණීමෙන් පමණයි” ජනාධිපතිතුමා පැවැසීය. ඒ අසා සිටි ආනන්ද කීවේ “දැනට රටේ සිදුවන දේ අනුව තම නායකත්වය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැති බවය. විශ්වාසය ඇති කරගැනීමට පියවර රැසක් ගත යුතු යැයි”ද ආනන්ද කීවේය.

“ඔබලාගේ පැත්තෙන් යෝජනා ගෙන එන්න. අදහස් ඉදිරිපත් කරන්න. අපි හමුවෙමු දිවා රෑ ඕනෑම වෙලාවක එන්න. ඔබලාගේ නායකතුමාගේ අදහස් යෝජනා වහාම ඉදිරිපත් කරන්න. මමයි නායකයා. මමයි ඒවා ක්‍රියාවට යොදවන්නේ” ජනාධිපතිතුමා උස් ස්වරයෙන් ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමාගේ අදහස් පක්ෂයට දැනුම් දෙන බවත් ආනන්ද කීවේය. ඒ දිනවල ඔවුන්ගේ සොයුරන් පසුපස පොලිසිය ලුහුබැඳ ඝාතන සිදු කරන බව රඹුක්පොත පෙන්වා දුන්නේය.

“පොලිසිය එසේ කරන්නේ ඔයගොල්ලන්ගේ අය දැන් පොලිස් නිලධාරීනුත් ඔවුන්ගේ පවුල්වල අයත් මරා දැමීමේ අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම නිසායි. බලන්න පසුගියදා පානදුරේ පොලිස් නිලධාරිනියකගේ පවුලකට කර තිබුණු අපරාධය’ යනුවෙන් ජනාධිපතිතුමා කී විට ‘අප එය කළේ නැහැ. එවැනි දෙයකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ’ කියා රඹුක්පොත කීවේය.

“මම කොහොමද පොලිසියට කියන්නේ ඔබලාට හිරිහැර කරන්න එපා කියලා එසේ කීවොත් ඔවුන් මාව මරා දමයි” ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

විජේවීර මහතා හමුවනතුරු ඔහුගේ හැඟීම් සහ බලාපොරොත්තු ගැන විස්තරාත්මක ලිපියක් රැගෙන එන ලෙස ජනාධිපතිතුමා ඉල්ලීමක් කළේය.

“කොයි මොහොතේ ආරක්ෂක නිලධාරීන්ට අසුවේදැයි නොදන්නා බැවින් එය ඉතා දුෂ්කර කාර්යයක් බවත් එවැනි ලිපියක් රැගෙන වාහනයක බස් රියක ගමන් කිරීම පවා අතිශය භයානක වන අතර සෝදිසියකදී එවැනි ලිපියක් අසුවුවහොත් තමාගේ ආදාහනය සිදුවන්නේ ටයර් සෑයක බව ආනන්ද පැවැසීය. ඩී.එම්. ආනන්ද සහ රඹුක්පොත සුචරිතයෙන් පිටත්ව මගේ වාහනයේ ගොස් පුංචිබොරැල්ලෙන් බැස නොපෙනී ගියේය.”

(ඒ.ජේ.ආර්.පිටු අංක 282)

මේ සිද්ධියට අදාළ දිනවල පානදුර එළුවිල ප්‍රදේශයේ පොලිස් කාන්තාවක හා ඇගේ මවුපියන් නොහඳුනන තුවක්කුකරුවන් විසින් කෘෘර අන්දමින් ඝාතනය කොට තිබිණි. එය ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කරවන ලද්දක් ලෙස ප්‍රචාරය කර තිබූ අතර ප්‍රදේශයම ඒ පිළිබඳ කම්පාවට පත් විය. පසු දින පානදුර නගරයේ වටරවුමේ සිට බණ්ඩාරගම පාරේ බොල්ගොඩ පාලම දක්වාම තැනින් තැන වෙඩි තබා මරා දමන ලද තරුණයන්ගේ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් දක්නට ලැබිණි. පෙරදින රාත්‍රියේ බොහෝ වේලා යනතුරු ප්‍රදේශවාසීන්ට වෙඩි හඬත් විලාප හඬත් ඇසී තිබිණි. හමුදාව විසින් මෙසේ මරාදමනු ලැබුවේ පානදුර සහ වාද්දුව පොලිස් ස්ථානවලින් විවිධ හේතූන් මත අත්අඩංගුවට ගනු ලැබූ පිරිස්ය. ඇතැමෙකු ජවිපෙට මොනම ආකාරයකින් හෝ සම්බන්ධකමක් නොවූ අය වූහ.

මාසයකට පමණ පසුව හෙළි වූයේ යට කී පොලිස් නිලධාරිනිය පොලිස් පරීක්ෂකවරයකු සමඟ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවක් නවත්වා දැමීම නිසා එම පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම ඝාතනයන් සිදුකර ඇති බවය. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව නඩු පවරන ලදී. නමුත් ඒ වන විටත් ඔහු කළ අපරාධයට තරුණයන් විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවා තිබිණි.


උදේනි සමන් කුමාර