logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා

හටන

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවකවානු විවිධය. සමහරු 30 අවුරුදු යුද්ධයක් ගැන කතා කරන අතර අවුරුදු 26ක යුද්ධයක රට හිරවුණා යැයි කියති. 1975 ජූලි 27 යාපනේ නගරාධිපති ඇල්ප්‍රඩ් ‍ෙදාරෙයි අප්පා මරා දැමීමෙන් උතුරේ ගැටුම ආරම්භ වූවා යැයි කියනවා නම් එතැන් සිටද 2009 යුද්ධය නිමාවන විට වසර 34ක් ගතවී තිබිණි.

පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර ගැන සඳහන් කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 1983 ජූලි මාසයේ හමුදා නිලධාරීන් 13 දෙනකු මරා දමන අවස්ථාවේ ප්‍රභාකරන් සමඟ සිටියේ 15 දෙනකුගෙන් පමණ සමන්විත ත්‍රස්තවාදීන් පිරිසක් බවය. කළු ජූලියේදී දෙමළ ජනයාට එල්ලවූ ජාතිවාදී ප්‍රහාරයත් සමඟ අනුගාමිකයන් දස දහස් ගණනින් ප්‍රභාකරන් වටා එක්වූ බවද හෙතෙම පැවසීය.

දැන් නැවතත් ඉතිහාසය පුනරුච්චාරණය වෙමින් තිබේ. අප්‍රේල් 21 මරාගෙන මැරුණේ තව්හිද් ජමාත්කාරයන් 9 දෙනෙකි. ඉන් පසුව මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් තවත් බොහෝ මුස්ලිම් තරුණයන් අන්තවාදීන් බවට පත්කරන්නට වටපිටාව හා පසුබිම සකස්කර දී තිබේ. කෙසේ වුවද මේ පිළිබඳ යම් අදහසක් ඇතිකරගත හැකිවනු පිණිස 1983 කළු ජූලියට ප්‍රථම දෙමළ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වල වාර්තාවක් මෙහි ඇතුළත් කරන අතර ඉතාම කුඩා ගරිල්ලා කණ්ඩායමක් විසින් මේවා සිදු කරන ලද බව සැලකිය යුතුය.

උතුරේ ප්‍රථම ත්‍රස්ත ක්‍රියාකාරකම වාර්තා වූයේ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේය. 1971 මාර්තු 11 යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් ‍ෙදාරෙයි අප්පාගේ මෝටර් රථයේ බෝම්බයක් තබා තිබී හසුවිය. 1972 පෙබරවාරි 12 කොණ්ඩලාම් වයිරවර් කෝවිලේදී ශ්‍රීලනිප ඇමැතිවරයකු වූ චෙල්ලයියා කුමාර සුතියර්ට බෝම්බ ගැසීමට කළ කුමන්ත්‍රණයක් හෙළි විය. 1972 මැයි 20 වැල්ලවත්තේදී කුමාරසූරියර් ඇමැතිගේ දරුවන් පැහැර ගැනීමට කළ උත්සාහයක් වාර්තා විය. 1972 මැයි 21 කිලිනොච්චියේ මුරුගන්දි ගමේ අධි බල විදුලි කුලුන පුපුරුවා හැරීමට ගනු ලැබූ උත්සාහය පරාජය කෙරිණි. 1972 මැයි 27 රාත්‍රි 12, 15 යාපනයේ ශ්‍රීලනිප හිතවතකු වූ වී රාජසුන්දරම්ගේ නිවෙසටද, මැයි 28 සමසමාජ පාක්ෂිකයකු වූ ඊ. සිවසෝතිගේ නිවෙසටද බෝම්බ ගැසුවේය. මැයි 29 දෙහිවලදී නල්ලූර් හිටපු මන්ත්‍රි අරුම්පලවි මරා දැමීමට කරන ලද කුමන්ත්‍රණයක් අසුවුණා. 1972 ජුනි 1 යාපනය ලසසප සංවිධායක ඒ විශ්වනාදන්ගේ නිවෙසට බෝම්බ ගැසුවා. ජුනි 4 තින්නවේලි හිදී එස්. උලගනාදන් නමැති ටැක්සි රියැදුරු මරා දැමුවා. එදිනම නල්ලුර් ගම් සභාපති කුමාර් කුලසිංහ ඝාතනයට උත්සාහ කළා. ජුනි 4 දිනට යාපනේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු වූ වීරසුන්දර දාස්ගේ නිවෙසට බෝම්බ ගැසුවා. ජුනි 7 වඩුක්කොඩේ හිටපු මන්ත්‍රි එස්. ත්‍යාගරාජා මරා දැමීමට උත්සාහ කළා. ජුනි 8 කොළඹ මෝදරදී මඩකළපුවේ දෙවන මන්ත්‍රි රාජන් සෙල්වනායගම් මරා දැමීමට කළ කුමන්ත්‍රණයක් අසුවුණා. 1972 ජූලි 2 යාපනේ ලසසප හිතවතකු වූ එස්. විශ්වනාදන්ගේ නිවෙසට නැවත වරක් බෝම්බ ගැසුවා.

1972 ජූලි 13 හිරවෙඩ්ඩි සයිකල් සාප්පුවක තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත්තා. ජුලි 14 නල්ලූර් මන්ත්‍රි අරුලම්පලම්ගේ ආරක්ෂක නිලධාරි තංගරාජා මරා දැමීමට තැත් කළා. අගෝස්තු 27 ‍ෙදාරෙයි අප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වූ සැණකෙළියකට බෝම්බ ගැසුවා. සැප්තැම්බර් 11 හිටපු මන්ත්‍රි සිව සුබ්‍රමනියම්ගේ මෝටර් රථයට බෝම්බ තුනක් ගැසුවා. ඔක්තෝබර් 26 කනපති පිල්ලේ නමැති අයට පිහියෙන් ඇන්නා. දෙසැම්බර් 12 මෝටර් රථයක් සහ මුදල් පැහැර ගත්තා. දෙසැම්බර් 19 නගරාධිපති ‍ෙදාරේ අප්පාගේ නිවෙසට බෝම්බ ගැසුවා. දෙසැම්බර් 20 ශ්‍රීලනිප සංවිධායක විනෝදන්ගේ නිවෙසට බෝම්බ ගැසුවා.

1972 දෙසැම්බර් 20 වී. රාජසුන්දරම්ට දෙවැනි වරටත් බෝම්බ ගැසුවා. දෙසැම්බර් 31දා කාර් මංකොල්ලයක් සිදුවුණා. 1973 ජනවාරි 15 ඇමැති කුමාරසූරිය මරා දැමීමට ඔහුගේ නිවෙසට යන මාර්ගයේ බෝක්කුවක් යට බෝම්බයක් අටවා තිබුණා. 1974 පෙබරවාරි 2 පොලිස් අධිකාරි එස්.කේ. චන්ද්‍රසේකරට වෙඩි තබා මරා දමන්නට තැත් කළා.

1975 මැයි 19 චාවාකච්චේරියේදී මෝටර් රථයක් මංකොල්ල කෑවා. එදිනම තරුණ පිරිසක් තින්නවේලි ගමේ බැංකුව කොල්ල කෑවා. 1975 ජුනි 9 නාග විහාරයේ බෝම්බයක් පුපුරුවා හැරියා. ජුනි 16 මෝටර් රථයක් පැහැරගෙන අලවෙඩ්ඩි සමුපකාරයේ රුපියල් 35,000ක් කොල්ල කෑවා. 1975 ජූලි 21 යාපනය එම්.ඩී. ගුණසේන පොත් සාප්පුවට බෝම්බ ගසා “සිංහලයිනි පලයව්” කියා දැන්වීමක් දමා තිබුණා. 1975 ජූලි 27 යාපනය ශ්‍රීලනිප සංවිධායක නගරාධිපති ‍ෙදාරෙයිඅප්පාට බෝම්බ ගසා මරා දැමුවා.

ඉහත සඳහන් වූයේ 1972-1975 අතර කාලයේ දෙමළ සටන්කාමී සංවිධානවල මුල් අවධියේ ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වූ ආකාරය දක්වන දළ සටහනකි. එය 1979 වසරේ ජාතික ආරක්‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් උපුටා ගන්නා ලද්දකි. මේ සියල්ල සිදු වූයේ රට පුරා හදිසි නීතිය සක්‍රිය කොට තිබියදීය. 1975 සිට 1983 කළු ජූලිය දක්වා අතර කාලයේ සිදුවීම් පිළිබඳ වාර්තාව පසුවට ඉදිරිපත් කළ හැකිය.


මාලි ලුවිස් ගේබි්‍රයෙල්