logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්

හටන

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු - නැඟෙනහිර සඳහා  පළාත් සභා මැතිවරණයක් පවත්වන තෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බහුතර බලයක් ලැබෙන අන්තර් පාලනයක්  ලබාදීමට එකඟත්වයක් ඇති කරගෙන සිටියේය. 

එම අන්තර් පාලන කාල සීමාව තුළ උතුරු - නැඟෙනහිර වැඩ බලන මහ ඇමැතිවරයා ලෙස වේළුපිල්ලේ ප්‍රභාකරන් (පිරබාහරන්) පත් කිරීමට ජනාධිපති ජේ.ආර්. අදහස් කළේය. ඔහු ඒ අදහස එදා ශ්‍රී  ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්ට දැනුම් දුන්නේය.

 උතුරු - නැඟෙනහිර අන්තර්වාර පාලනය පිළිබඳව ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටියේ ජේ.එන්. ඩික්සිත්ය. ඔහු සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් එහි නායක  වේළුපිල්ලේ ප්‍රභාකරන් අස්සන් තබන ලද ඒකාබද්ධ ලියැවිල්ලේ අතුරු පරිපාලන සභාවක් පිහිටුවීමට  ජේ.ආර්. ජයවර්ධන කැමැත්ත පළ කළ බව සඳහන් වෙයි. 

එම එකඟතා ලියැවිල්ලේ සඳහන් පරිදි උතුªරු - නැඟෙනහිර අතුරු පරිපාලන සභාවේ සංයුතිය  මෙසේය. 

ප්‍රධාන පරිපාලක/ සභාවේ පරිපාලක (එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පත් කිරීම  සඳහා  ඉදිරිපත්  කරනු ලබන නාම ලේඛනයේ සඳහන් තිදෙනාගෙන් එක් අයෙකි.)

(ධ්) එල්.ටී.ටී.ඊ. නියෝජියන් 5යි.

(ධ්ධ්) ටී.යූ.එල්.එෆ්. නියෝජිතයන් 2යි.

(ධ්ධ්ධ්) මුස්ලිම් නියෝජිතයන් 2යි. (එල්.ටී.ටී.ඊ. නාම යෝජිතයකු ඇතුළුව)

(ධ්ඍ) සිංහල නියෝජිතයන් 2යි 

නියෝජිත සංඛ්‍යාවේ එකතුව = 12යි 

 මෙම අතුරු පාලක සභාවේ සංයුතියට ප්‍රභාකරන් එකඟ වූයේය.

 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බැංගලෝර්  යෝජනාවල එන 10.1 සහ 10.2 ඡේද මඟින් පැවසුණු ස්වකීය විධායක බලතල, සභාවේ පරිපාලකයාට අතුරු කාලපරිච්ඡේදය සඳහා (එනම් පළාත් සභා සඳහා මැතිවරණයක් පවත්වන තුරු) ලබා දීමට එකඟ වී සිටින බවද ඩික්සිත්  ප්‍රභාකරන්ට දන්වා යවා තිබිණි.

දෙපාර්ශ්වය අතර මේ එකඟතා න්‍යාය පත්‍රය අස්සන් කර පැය 48ක් ඇතුළත  ශ්‍රී  ලංකා රජය අතුරු පරිපාලන සභාවක් පිහිටුවීම නිල වශයෙන් නිවේදනය කළ යුතු විය. මේ එකඟතාවන්ගේ වැදගත් කරුණු  ශ්‍රී  ලංකා රජයත්, ඉන්දීය රජයත් නීත්‍යනුකූලව නිවේදනය කළ පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ උද්ඝෝෂණ හා මාරාන්තික උපවාස අත්හරින බවට නිවේදනය කළ යුතු විය. 

මේ අතුරු පාලන සභාවේ සාමාජිකයන් 12 දෙනා අතරින් ප්‍රධාන පරිපාලකයා (තාවකාලික මහ ඇමැති) ඇතුළුව සාමාජිකයන් 6ක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විය යුතුව තිබිණි. TULF(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ) සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු නම් කිරීමේ බලයද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබාදී තිබිණි. මුස්ලිම් නියෝජිතයන් දෙදෙනාගෙන් අයකු පත් කිරීමේ බලය ලැබුණේද එල්.ටී.ටී.ඊ. නාම යෝජනා අනුවය. 

මෙසේ බලන විට අතුරු පාලන සභාවේ නියෝජිතයන් 12න් 8ක් හෝ 9කගේ බහුතරය ලැබීමට නියමිතව තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයටය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුරු - නැඟෙනහිර  වැඩ බලන මහ ඇමැති ධුරයට ප්‍රභාකරන් පත් කිරීමට  අදහස් කරන බව ජේ.එන්. ඩික්සිත්ට දැන්වුවද ඔහු ඒ සඳහා කැමැත්ත පළ කර නැත. ඒ වෙනුවට  ප්‍රධාන පරිපාලක තනතුරට ප්‍රභාකරන් නම් 3ක්  ඉදිරිපත් කළේය. 

ඩික්සිත් යවන ලද එම නාම ලේඛනයේ පළමුවැන්නාට නම් කර තිබුණේ මඩකළපුව හිටපු උප දිසාපති එන්. පද්මනාදන්ය. දෙවැන්නා යාපනය මහ නගර සභාවේ කොමසාරිස් සී.වී.කේ. ශිවඥානම්ය. 

මේ අතරින් ජේ.ආර්. කැමැත්ත පළ කළේ ශිවඥානම්ටය. එහෙත් ඊට ප්‍රභාකරන් අකැමැති වූ අතර ඔහුගේ කැමැත්ත වූයේ පළමුව නම සඳහන් කළ පද්මනාදන්ටය. එය ජේ.ආර්. ප්‍රතික්ෂේප කළේය.

 ජේ.ආර්.ගේ තර්කය වූයේ පද්මනාදන් මඩකළපුව උප දිසාපති වශයෙන් සිටියදී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් විශාල පිරිසකට හිරගෙයින් පැන යෑමට උදවු කළ බැවින් ඔහු වැනි කෙනෙක් එම තනතුරට පත් කළ නොහැකි බවයි. පද්මනාදන් පත් නොකරන්නේ නම් තමන් මෙම පාලන සභාව පිළිනොගන්නා බව ප්‍රභාකරන් තරයේ ප්‍රකාශ කළේය.

1987 සැප්තැම්බර් 26 වැනිදා අන්තර්වාර පාලනයක් ඉල්ලමින් උපවාසයක යෙදී සිටි තිලීපන් මියගියේය. ඔක්තෝබර් 03 වැනිදා පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි රැගෙන බෝට්ටුවකින් එමින් සිටියදී පුලේන්ද්‍රන් ඇතුළු එල්.ටී.ටී.ඊ. පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය. (1987 අප්‍රේල් මාසයේ හබරනදී බස් මගීන් 126ක්  ඝාතනයට නායකත්වය දී තිබුණේ පුලේන්ද්‍රන්ය.) 

 ඉන්පසු මෙරටට පැමිණ සිටි ඉන්දීය හමුදාවට එරෙහිව සටන් වැදීමට ක්‍රියා කිරීම නිසා ජේ.ආර්. - රජීව් ගිවිසුමෙන් පසු උතුරු - නැඟෙනහිර ඇරැඹීමට  ගිය අන්තර්පාලන වැඩපිළිවෙළ බිඳ වැටුණු අතර ප්‍රභාකරන්ට වැඩ බලන මහ ඇමැති ධුරය දීමේ ජේ.ආර්. අදහසද යටපත්වී ගියේය.


 බන්ධුල ගුණරත්න