logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්‍යවේදිනිය - Meena Mangal

හටන

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම පසුගියදා සියලු සිත්සතන් කලඹාලන සිදුවීමක් විය. ඇෆ්ගනිස්තානයේ අගනුවර වූ කාබුල් නුවර නැඟෙනහිර ප්‍රදේශයේදී, 2019 මැයි 11 සෙනසුරාදා දින උදෑසන හතයි විස්සට පමණ සිදුවූ මෙම ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන අසල සාප්පුවක සිටි සේවකයකු පැවැසුවේ ඇගේ නිවෙස අසලටම මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනකු මෙය සිදුකර පලාගිය බවය. සුපුරුදු පරිදි තම සේවා ස්ථානයට යෑමට කාරය එනතුරු මඟ රැඳී සිටියදී ඇය මෙම බිහිසුණු මරණයට මුහුණ පා ඇත. අපරාධකරුවා ඇයට වෙඩි තැබීමට පෙර අවට සිටියවුන් ඉවත් කිරීමට දෝ සතර වතාවක් අහසට වෙඩි තබා ඒ සමඟම ඇගේ පපුවටම එල්ල කොට දෙවරක් වෙඩි තැබූ බව ඔහු පවසා ඇත. ලේ විලක් මැද මුණින් අතට වැටී සිටින ඇගේ දේහය රැගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නට පටන් ගත්තේ එතැන් සිට ඇසිල්ලකිනි. ඇෆ්ගනිස්ථාන් පොලිසිය දිගටම පරීක්ෂණ මෙහෙයවමින් ඝාතකයන් කොටුකර ගැනීමට උත්සාහ කළද තවමත් ඔවුන් සිටින්නේ නිදැල්ලේය. 

මීනා උපත ලබන්නේ 1991දීය. මලාලයි උසස් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය කාඩන් උසස් අධ්‍යාපන පීඨයෙන් ණධභපදචතඪඵථ විෂයක් ලෙස හදාරමින් මාධ්‍යවේදිනියක වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලබා ගත්තාය. මියයන විට පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු සම්බන්ධ උපදේශක තනතුරක සේවය කරමින් සිටි ඇය ජනතාව හඳුනා ගත්තේ Lemar TV, Ariana TV, හා TOLO TV රූපවාහිනි චැනල් කිහිපයකම ඇය ප්‍රවෘත්ති වැඩසටහන් සම්පාදිකාවක් මෙන්ම සිත් ගන්නාසුලු නිවේදිකාවකද වූ බැවිනි. ඇගේ මේ හදිසි වියෝව නිසා අනෙක් කාන්තා ක්‍රියාකාරිනියන්ද වේදනාවෙනුත් කෝපයෙනුත් සැලී ගොස් තිබිණි. ඔවුන් කෝපයට පත්ව තිබුණේ ඇයට ජීවිත තර්ජන ඇති බව දැන දැනත් අවශ්‍ය ආරක්ෂාව සපයන්නට රජය අසමත් වීම පිළිබඳවයි. ඇය විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් මුළු ලෝක ප්‍රජාවගේම අවධානයටත් ඇගැයීමටත් පත්ව තිබිණි. ඇය විසින් සමාජයට දායාද කළ බොහෝ දේ මතකයෙන් නොගිලිහෙනු ඇත. 

සැබැවින්ම ඇගේ ඝාතකයන් කවුද?

පොලිස් පරීක්ෂණ මෙහෙයවූයේ මෙම මරණයට තුඩු දුන් හේතු කාරණා සෙවීමටය. කිසිවකු තවමත් මෙම මරණයේ වගකීම භාරගෙන නැත. 

මේ අනුවේදනීය සමුගැන්ම ගැන අදහස් දක්වමින් ප්‍රසිද්ධ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන එචලථච ජ්පධඨඩ මෙසේ පැවැසුවාය. “මීනා කියන්නේ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිවල ඇෆ්ගන් තරුණියන් අතර ඉහළින්ම නමක් දිනා සිටි කෙනෙක්. ඇෆ්ගන් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියත්, කාන්තාවන්ට රැකියා කිරීමේ අයිතියත් ඇය නිතර ඔවුන් සමඟ සාකච්ඡා කළා. පසුගිය සති කිහිපයක සිට ඇගේ සමාජ මාධ්‍යජාලා පිටුවල ඇයට නිතරම මරණ තර්ජන ලැබෙමින් පවතින බව සඳහන් කරලා තිබුණා. 

පසුගිය කාලයේ ඇෆ්ගන් කාන්තාවන් මුහුණ දෙන ශෝචනීය සිදුවීම් රැසක්ම ඇය විසින් කතිකාවට බඳුන් කර තිබුණා. ඇමෙරිකාව තලෙයිබාන්වරු සමඟ සාම ගිවිසුම ගැසුවහොත් මෙතෙක් බොහෝදෙනා යුද අරගලය මැද සිටිමින් ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණ වතුරේ යනු ඇති බව ඇය විසින් පවසා තිබුණා.”

මේ දිනවල ඉහළ පෙළේ සාකච්ඡා රැසක් සිදුවන්නේ ඇමෙරිකාව විසින් විදේශ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කිරීම පිළිබඳවත් තලෙයිබාන්වරුන් ඇෆ්ගනිස්ථාන් රජයට සම්බන්ධ වීම පිළිබඳවත්ය. ජනතාව, විශේෂයෙන්ම දැරියන් හා කාන්තාවන් අපමණ පීඩාවට පත් කරන තලෙයිබාන්වරුන්ට රජයේ තනතුරු ලැබීමට යෑම කාන්තා ක්‍රියාකාරිනියන්ගේ මහත් විස්සෝපයට හේතුවක් වී ඇත. ඔවුන් එළිපිටම එයට විරෝධය පාන අතර මීනාද  ඒ සමඟ ඇගේ විරෝධතා ව්‍යාපාරය ගෙන ගියාය. 

මීට අමතරව වෙනත් ඉසව්වකටද පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ මේ දිනවල ඇය පෞද්ගලික අවුලකද පැටලී සිටි බැවිනි. මෙය එම ආරවුලේ ප්‍රතිඵලයක් විය හැකි බවටද මත පළ කෙරේ. මවුපියන් විසින් බලෙන් සිදුකරන ලද අවාසනාවන්ත විවාහයකින් පසු නිරන්තර ගෘහස්ථ හිංසනයට මුහුණ දීමට ඇයට සිදුවිය. ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියේ වසර දෙකකට පෙර සිටය. මෙම මස මුලදී ඇයට දීර්ඝ නඩු විභාගයකින් පසු දික්කසාද වීමට අයිතිය ලැබී තිබිණි. මේ නිසා මෙය ඇගේ සැමියාව සිටි අය විසින් සැලසුම් කළ දෙයක් දැයි සැකයක් පවතී. 

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන තලෙයිබාන් ආඥාදායකත්වය පැවතුණු සමයට වඩා කාන්තාවන් දැන් යම් නිදහසක් භුක්ති විඳිතත් වෙනත් රටවල් හා සස¼දා බලන විට තවත් බොහෝ සීමා කිරීම් තිබේ. යළිත් වරක් කාබුල් නගරයේ අපරාධ එන්න එන්නම වැඩිවෙමින් පවතින බව එහි නගර වැසියෝ පවසති. නැවත තලෙයිබාන්වරු පැමිණියහොත් මේ දිනාගත් සුළු අයිතිවාසිකම්වලට පවා නැවතත් වැට බැඳෙනු ඇතැයි එහි කාන්තාවන් පසුවන්නේ බියෙනි. යුද බියෙන් ඔද්දල් වූ රටවල වෙසෙන කාන්තාවන්ට ඇය ඇත්ත වශයෙන්ම පෙරගමන්කාරියක වූවාය. ඔවුන්ගේ හදවත්වලින් ඇය කිසිදා මැකී නොයනු ඇත. 

ඇෆ්ගනිස්තාන් අධිකරණය සහ සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් රැසක් ඉල්ලා සිටින්නේ මේ ඝාතනය ගැන උපරිම ලෙස පරීක්ෂණ පවත්වා ඝාතකයන් සොයා දඬුවම් ලබාදෙන ලෙසය. ස්ත්‍රීන්ට නිදහස නැති රටවල් අතර පෙරමුණේම සිටින රටකි ඇෆ්ගනිස්තානය. 1996 සිට 2001 දක්වා තලෙයිබාන් පාලන සමයේ කාන්තාවන්ට නිවෙසින් පිට රැකියාවක යෙදීම පවා තහනම් කර තිබිණි. කාබුල් යනු මාධ්‍යවේදීන්ට ජීවත්වීමට බිහිසුණුම නගරය බව කියැවේ. මේ වසරේ පමණක් මාධ්‍යවේදීන් පහළොස්දෙනකු ඝාතනය වී ඇති බව පැවැසේ. 


වෛද්‍ය ලංකා සිරිවර්ධන