logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔමොටෝලා ජලාදේ

හටන

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම දැවැන්ත සිනමා ලොවේ අග්‍රගණ්‍ය නයිජීරියානු රංගන ශිල්පිනියකි. 1995 නොලිවුඩ් සිනමාවට පාතබන ඇය එදා මෙදාතුර සිනමාපට 300ක ප්‍රධාන චරිත නිරූපණය කර ඇත. ඒ හැර සංගීත රසකාමීන් මිලියන ගණනකගේ හදවත් රස ගැන්වූ සංගීත ශිල්පිනියකි. නිරූපිකාවකි. ඒ සියල්ලටම වඩා අද ඇය කැපීපෙනෙන්නේ ඇය මානවවාදිනියක බැවිනි.“African Magic” යන අන්වර්ථ නාමයෙන් ඇය හැඳින්වීමෙන් ඇගේ ආකර්ෂණීයභාවය සිතාගත හැකිය. 

නයිජීරියාවේ වීඩියෝ සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කර ඇති ඇය අද සමාජ ජාලා වෙබ් අඩවිවල වඩාත්ම ජනප්‍රිය අප්‍රිකානු රංගන ශිල්පිනිය බවට පත්ව සිටී. එහෙත් කලාකාරිනියක වශයෙන් ඇය දක්වා ඇති හපන්කම් ඉක්මවා අද ලෝකයේ ඇය ජනාදරයට පාත්‍රා වී ඇත්තේ ඇය විසින් ඉටු කරමින් සිටින සමාජ මෙහෙවර නිසාවෙනි. ඇමෙරිකාවේ ටයිම්ස් සඟරාවෙන් 2013 වසරේදී බලපෑම් සහගත පුද්ගලයන් 100 අතරට මිචෙල් ඔබාමා, කේට් මිඩ්ල්ටන් ආදීන් සමඟ ඇයවද එක් කළේය. 2014 දී නයිජීරියානු රජය ඇයව a Member of the Order of the Federal Republic, MFR තනතුරින් පිදුම් ලබන්නේ නයිජීරියානු සිමනාවට ඇය කළ මෙහෙයටය.

1978 පෙබරවාරි 7 දින නයිජීරියාවේ ලෝගෝස්වල උපත ලබන ඇය හැදීවැඩෙන්නේ සොයුරු සොයුරියන් පස් දෙනකුගෙන් යුතු පවුලකය. ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ ඇය ව්‍යාපාර පරිපාලන උපාධියක් හදාරා සිටි සමයේ අමතර ආදායමක් ලැබීමට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙ රංගන ශිල්පිනියක බවට පත්වන්නේ නොසිතූ ලෙසය. ජනප්‍රිය චිත්‍රපටයකට නිළියක තෝරාගන්නා සම්මුඛ පරීක්ෂණයකට ගිය තම හිතවතියකගේ තනියට ගිය ගමනකදී නිකමට මෙන් ඇයද පෙනී සිටියාය. එහිදී එම චරිතය ලැබුණේ ඇයටය. එතැන් සිට ඇය ගියේ නොනැවතුණු ගමනකි. ලෝකයේ ගෘංගාරාත්මක කටහඬවල් 12 අතර අංක 5 ලෙස නම් දරන ඇය ගායන ක්ෂේත්‍රයේද ඉහළ දස්කම් දැක්වූවාය. මිලියන ගණනින් විකිණෙන ඇගේ ගීත ඇල්බම්වලට ගීත රචනාවන් කරන්නේද ඇයමය.

“මගේ ගීත රචනා කරන්නේ මා විසින්මයි. ලෝකයේ සියලු රසකාමීන් මා හඳුනා ගන්නේ නිළියක, ගායිකාවක ලෙස වුවත් මම මා හඳුනාගන්නේ මගේ ගීත රචනා තුළිනුයි. ගීත රචනයේදී මම කරන්නේ මගේම ආත්ම ප්‍රකාශනයක්. මම සිනමා පටයක වෙනත් කෙනකුගේ කතාවකට රඟපානවාට වඩා ඒ නිසා එය මගේ හදවතට සමීපයි. කුඩා වයසේ සිට මා තුළ ජීවත් වූ අසාධාරණයට එරෙහි ක්‍රියාකාරිනිය මගේ රචනා තුළ ඔබට දකින්නට පුළුවන්. මා අතින් ලියැවෙන්නේ මගේ හැඟීම්, මගේ රටේ ජනතාවගේ හැඟීම්, අපේ රට වෙනස් වියයුතු දිශාව ආදීකාලීන ප්‍රශ්නයි. අනාදිමත් කලෙක සිට බටහිරින් පමණක් නොව අපේම රජයන්ගෙන් පවා නිරන්තර පීඩාවට පත්වන අපේ ජනතාවගේ ජීවිත කෙතරම් නම් දුක් පීඩාවන්ගෙන් පිරී ඉතිරි තිබෙනවාද? ඔවුනට කියා ගන්නට නොහැකි ඒ කඳුළු කතාවලට මගේ හ¾ඩින් පණ දීම තමයි මම කරන්නේ. ඒ නිසා ආදරය සුන්දරත්වය ගැන ගැයෙන මායාමය සුන්දර කතාවලට වඩා ජනතාව මගේ සංගීතයට ආදරෙයි”

1995 නිෂ්පාදනය වූ ජලාදේ රඟපෑ Mortal Inheritance සිනමා කෘතිය දෙස් - විදෙස් සිනමාවේදීන්ගේ සම්භාවනාවට පාත්‍ර විය. එහි අප්‍රිකාවේ නිතර දකින්නට ලැබෙන රතු රුධිරාණු අඩපණ වන රෝගයක් වන  sickle - cell Anaemia නම් රෝගයට ගොදුරු වූ කාන්තාවකගේ චරිතය සානුකම්පිතව රඟ දැක්වීම ඇගේ සිනමා ජීවිතයේ කඩඉමක් ලෙසද සැලකේ. දේශීයවද අන්තර්ජාතිකවද සම්මාන හතළිහකට වඩා ඇය විසින් දිනාගෙන ඇත. 2018 සිට ඇය ඔස්කා විනිශ්චය මණ්ඩලයටද පත්ව ඇත. Omotola: The Real Me  නමැති රියලිටි වැඩසටහන Africa Magic  නම් රූපවාහිනි සේවයේ අරඹමින් තමාගේම රියැලිටි වැඩසටහනක් කරනු ලබන පළමු නයිජීරියානු ශිල්පිනිය බවටද අෑ පත්වූවාය.

2005දී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සාම දූතිකාවක ලෙස සියොරා ලියොන් හා ලයිබීරියාවට සංචාරය කරන ඇය එතැන් සිට ලෝකයට ඇගෙන් ඉටු විය යුතු මෙහෙය වෙනුවෙන් නව මංපෙත් විවර කර ගන්නීය. ඇය විසින් අරඹන ලද Omotola Youth Empowerment  නම් තරුණ තරුණියන් බල ගැන්වීම වෙනුවෙන් ක්‍රියා කරන සංවිධාන තුළ ඇය වීරෝදාර සටන්කාමිනියක ලෙස ක්‍රියාකාරී වී ඇත. නයිජීරියානු රජයේ අත්තනෝමතික ක්‍රියාවනට එරෙහිව ඇය තරුණ තරුණියන් දහස් ගණනක් සහභාගි කර ගනිමින් ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන සිටී. එක්සත් රාජධානිය විසින් ලෝකයේ රටවල් බොහෝ ගණනක දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනට ඔමොටෝලා විසින් ඇගේ සුවිශේෂී අනන්‍ය හඬ හඬකැවීම් සඳහා පරිත්‍යාග කොට ඇත. 

නයිජීරියාවේ අතිවිශාල ඩෙල්ටාවක් වන Niger Delta  හි තෙල් කාන්දු වී අපවිත්‍රව ඇති පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ඇය නඟන හඬ ලොව පුරා පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත. ඉහළ පෙළේ ඇත්තන්ට පමණක් වෙන්ව තිබූ ර්ණීම්! නමැති බි්‍රතාන්‍ය සඟරාවේ නයිජීරියානු කලාපයේ තීරු ලිපියක්ද ඇගේ අදහස්වලින් සැරසේ. ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් හා එක්ව ඇය ගෙන ගිය මාතෘ මරණවලට එරෙහි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ ඉහළම මාතෘ මරණ අනුපාතය තිබුණු සියොරා ලියොන්හි අද මාතෘ සංරක්ෂණය සෑම මවකටම නොමිලේ ලැබී ඇත. 

යන්තම් විසි වයස් වන විට Captain Matthew Ekeinde හා විවාහ වූ ඇයට දරුවන් සතර දෙනෙකි. 

වෛද්‍ය ලංකා සිරිවර්ධන