logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි

හටන

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතියේය. වර්තමානයේ මෙන් ආගම් හා ජාතීන් වශයෙන් වෙන් වෙන්ව සලකා බලන නීති පද්ධති එකල තිබුණේ නැත. වැසියන් සියලුදෙනාම එකම නීතියක් යටතේ පාලනය වීම රාජ්‍යයේ එක්සත්කම පවත්වා ගැනීමටත් සමාජ සංස්කෘතික වර්ධනයටත් හේතු විය.

රෝම - ලන්දේසි නීතිය, ඉංගී්‍රසි නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලමේ නීතිය වැනි විජාතික නීති ලංකාවට ඇබ්බැහි කිරීමට පෙර මනා සිංහල නීති පද්ධතියක් මෙරට පැවැති බවට නිසැක සාක්ෂි ඉතිහාසය පෙන්වාදෙයි. එක් එක් ආගම් සහ ජාතික සඳහා වෙනම නීති පැනවීමත්, එක් එක් ආගම් සහ ජාතිකත්ව සඳහා වෙන්වූ පාසල් පැවැත්වීමත්, එක් එක් ආගම් සඳහා වෙන්වූ අමාත්‍යාංශ ඇති කිරීමත් ආදී වශයෙන් සංහිඳියාව ගැන කතා කරමින් තවතවත් කැබලි කැබලිවලට සමාජය කඩා බිඳ දැමීමත් තුළ වර්තමානයේ නොතිබූ ප්‍රශ්න රාශියක් ඇතිවී තිබේ. එය සෑම ආකාරයකින්ම ජාති පරිහානියට හේතුවී ඇත. විය යුත්තේ රටේ සමස්ත පුරවැසියන් එක පොදු නීතියක් යටතේ පාලනය වීමය. එකම ශ්‍රී ලාංකික ජාතියක් ගැන කතා කරන පාලකයන්ම මෙම කඩා බිඳ දැමීම සිදුකර ඇත.

ලංකාවේ රජ සිරිත් හා ලෝක චාරිත්‍ර යනුවෙන් නම් කළ දීර්ඝ, ලියවිල්ලක් බි්‍රතාන්‍ය පුස්තකාලයේ තිබිණි. ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කළ ඉමාන් විලෙම් ෆැල්ක් (1765-1785) නම් ලන්දේසි ආණ්ඩුකාරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න මාලාවකට මහනුවර මල්වතු විහාරයේ සංඝ සභාව විසින් 1769දී සපයන ලද පිළිතුරු එම ලේඛනයට ඇතුළත්ව තිබී ඇත. එහි ප්‍රශ්න 51කි. ඊට පිළිතුරු සපයා තිබෙන්නේ 1779 අගෝස්තු මස 12 වැනි දිනය.

මෙම පිළිතුරු වාර්තාවේ එවකට පැවැති බහු භාර්යා සේවනය පිළිබඳවද සඳහන් කර තිබී ඇත. එම චාරිත්‍රය ගැන වැඩි විස්තර විමසීම පිණිස බි්‍රතාන්‍ය පාලන සමයේ 1816 දී ජේම්ස් සදර්ලන්ඩ් සහ ටොල්ප්‍රේ යන සුදු නිලධාරීන් දෙදෙනා මිල්ලව දිසාව හමුවී ඇත. මල්වතු භික්ෂුන් දක්වා තිබූ කරුණු සත්‍ය හා නිවැරදි බව මිල්ලව දිසාව තහවුරු කර ඇත. කෙසේ වුවද 1819 දෙසැම්බර් 10 දින ජෝර්ජ් ලුසිග්නන් විසින් බහුභාර්යා සේවනය අත්හිටුවීමේ යෝජනාවක් කොමසාරු මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඉඩම් අයිතිය හා පවුල් ජීවිතය පිළිබඳව පවත්නා පිළිවෙත් වෙනස් නොකළ යුතු බවත් එය වෙනස් කිරීම බුද්ධ නීතියට පටහැනි බවත් මල්වතු විහාරවාසී භික්ෂුන් පෙන්වාදී තිබුණද ඉංගී්‍රසීහු බහුභාර්යා සේවනය නීති විරෝධී කෙරෙන නව නීති පැනවූහ. පෝල් ඊ. පීරිස් මහතා විසින් ඉංගී්‍රසියට නැඟූ ඉහත ලිපිය  Sinhale and the patriots නම් ග්‍රන්ථයේ පරිෂඨයේ පළකර ඇත.

‘මහ නඩුව‘ නමින් හඳුන්වා තිබෙන්නේ රාජාධිකරණයයි. බොහෝවිට රජතුමාගේ ප්‍රධානත්වයෙන් එය රැස්වී තිබේ. අදිකාරම්, දිසාවේවරුන්, ලේකම්වරුන්, මුහන්දිරම්වරුන් සහ තවත් නීතිවේදීන්ගෙන් මහ නඩුව සමන්විත වී තිබේ. මහ නඩුවෙන් ප්‍රධාන නඩු කටයුතු දෙකක් ඉටුවී ඇත. රජයේ ප්‍රධානීන්ට එරෙහි චෝදනා, විහාර හා භික්ෂුන්ට සම්බන්ධ නඩු, රාජ ද්‍රෝහී ක්‍රියා පිළිබඳ නඩු කැරලි කෝලාහල හා කුමන්ත්‍රණ පිළිබඳ නඩු හා මිනීමැරීම් නඩු විසඳීම එකකි. අනෙක රට සභා ආදියෙන් දී ඇති නඩු තීන්දුවල අභියාචනා විභාග කිරීමය. මහ නඩුවට වෙන්වූ ශාලාව මඟුල් මඩුව නමින් හැඳින්වීය. මහ නඩුවට එන පැමිණිලිවල සටහන් තබා ගැනීමක් කර නැත. දේපළ නඩුවලදී සහ සොරකම් හා වංචා නඩුවලදී සොරකම් කළ දේපොළ වට්ටෝරුව නඩු තීන්දුව සමඟ සටහන් කර දීම එදා පැවති සිරිතය.

මහ නඩුවේ තීන්දුවකට එරෙහිව රජතුමාට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එය හඳුන්වන ලද්දේ කන්නලව්ව යනුවෙනි. අවසන් තීන්දුව රජු සතුය. නාථ දේවාලය අසල පොල් ගසකට නැඟ කන්නලව් කළ අතරගම නිලමේ නමැත්තකුගේ ඉල්ලීමට කන්දුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම නඩුව නැවත ඇසීමට නියෝග කර ඇත. ඇතකු මැරීමේ වරදට දඬුවම් වශයෙන් කසළශෝධකයකු ලෙසට දඬුවම් නියම කළ ගොවියකු නුවර වීදියකදී රජුගේ අශ්ව කරත්තයේ එල්ලී කළ කන්නලව්ව අසා ඔහුගේ දඬුවම ලිහිල් කළ අවස්ථාවක්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ලේඛන ගතව තිබේ.

යුක්තිය පසිඳලීමේ සභා මඟින් පැනවිය හැකි දඬුවම් 12 වැදෑරුම්ය. අතුල් පහර දීම, ඉපලෙන් හෝ උණපත්තෙන් තැළීම, කස පහරදීම දඩ ගැසීම, දඬුකඳේ ගැසීම, දඟගෙයි ලෑම, පිටුවහල් කිරීම, හිසකේ කැපීම, අත්, පා, කන්, නාසා කැපීම, රොඩී රැහැට දැමීම සහ මරණ දණ්ඩනය ඒ දඬුවම් වන්නේය. මෙයින් රොඩී රැහැට දැමීම හා මරණ දඬුවම් නියම කිරීම කළ හැක්කේ රජුට පමණය.

මනුෂ්‍ය ඝාතනය, මව, පියා, ගුරු, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිංසා පීඩා කිරීම, රාජ අපරාධ, දාගැබ් මහ බෝ සිඳදැමීම, බුද්ධ සන්ථක දේව සන්ථක, රාජ සන්ථක දේ සොරකම් කිරීමද මරණ දඬුවම් පැමිණ විය හැකි හේතු වන්නේය.

ප්‍රභූන්ට නියම කළ මරණ දඬුවම එක් කඩු පහරකින් ගෙල සිඳලීම වේ. අනෙක් තරාතිරම්වල වරදකරුවෝ එල්ලා මරණු ලබති. නැතහොත් ඇතුන් ලවා පාගවා හෝ උල සිටුවා මරති. ස්ත්‍රීන්ට මරණ දඬුවම දුන්නේ දියෙහි ගිල්වා දැමීමෙනි.



මාලි ලුවිස් ගේබි්‍රයෙල්