logo

29

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි

හටන

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ නියුතු නායකයන් කිහිපදෙනකු පෞද්ගලිකව හඳුනාගෙන සිටි අයකු වූ අතර එවකට අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා ඉන් එක්  අයකු විය. 

දිනක් ඔහු “සිළුමිණ” කතුවැකියකින් අනාවරණය කර තිබුණේ අගමැතිවරයාගේ නිවාස වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වියදම් කරන බවකි. අනවශ්‍ය ප්‍රචාරක වියදමක් ගැන සඳහන් එම කතුවැකියේ පිටිසර පළාතක නිවාස කිහිපයක් ගොඩ නඟා ඒවා  විවෘත කිරීමේ උත්සව දක්වමින් කොළඹත් වෙනත් ප්‍රදේශවලත් විශාල ප්‍රමාණයේ පෝස්ටර් මුද්‍රණය කර අලවන බවත්, එම උත්සවවලට සහභාගි වන්නට  යැයි පවසමින් අතිවිශාල ඇරැයුම්පත් සංඛ්‍යාවක් අමාත්‍යාංශ හා  දෙපාර්තමේන්තු නිලධාරීන්ට යැවීමත් ඒ සඳහා වන අනවශ්‍ය මුදල් නාස්තිය පිළිබඳවත් එම කතුවැකියෙන් හෙළි කර තිබිණි.

 අගමැතිවරයා මෙන්ම නිවාස ඇමැතිවරයා ලෙසින්ද මෙලෙස ඇරැයුම් කළ විට නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ බිරියන්ද රජයේ වාහනවලින් එම ප්‍රදේශවලට ගොස් රජයේ වියදමින් හෝටල් හෝ තානායම්වල නැවතීමෙන් වන මුදල් නාස්තිය ගැනද එලෙස නාස්ති කරන මුදල්වලින් තවත් ගෙවල් ගණනාවක් සාදා ජනතාවට දිය හැකි  බවද එමඟින් පවසා  තිබිණි. 

කතුවැකිය ලියා ඇත්තේ කලක සිටම හොඳින් දන්නා හඳුනන කාරියකරවන බව අගමැතිවරයා දැනගත්තේ ඔහුගේ භාෂා ශෛලිය ගැන මනා වැටහීමක් ඒ වනවිටත් තිබුණු නිසාය.

 එකල ලංකා පත්‍ර කලා සංගමයේ කාර්යාලය ලෙස පත්වාගෙන ගියේ කොටුව ලේක්හවුස් ආසන්නයේම පිහිටි රීජන්ට් ගොඩනැඟිල්ලේ කාමරයකය. එනිසා නිතර එහි පුවත්පත්කලාවේදීන් ගැවසුණු අතර සංගමයේ රැස්වීම් පැවැත්වීමටත්, පිළිසඳර සඳහාත්, කාර්යාලයීය වැඩවලටත් උපයෝගි කරගත්තේ  එම ස්ථානයයි. මේ බව අගමැතිවරයා දැන සිටියේය.

1965 දී එය  ලබා ගැනීමට ප්‍රමුඛව කටයුතු කළේ එවකට “සිළුමිණ” පත්‍රය ඇතුළු පත්‍ර කිහිපයකම ප්‍රධාන කතුවරයා ලෙස සේවය කළ පියසේන නිශ්ශංක මහතාය. රීජන්ට් ගොඩනැඟිල්ලේ මෙම කාමර කොටස ආර්. ප්‍රේමදාස මහතා අගමැතිව හා නිවාස හා ඉදිකිරීම ඇමැතිවරයාව සිටියදී නිවාස සංවර්ධන අධිකාරියට පවරා ගත්තේය. එහෙත් එහි කටයුතු පෙර පරිදිම  සිදුකරගෙන යමින් පැවැතිණි.

“සිළුමිණ” කතුවැකිය පළ වී දින දෙක තුනකට පසු පත්‍ර කලා නිවහනේ භාරකරුවන්ට ලැබුණේ සතියක් ඇතුළත එම ස්ථානය නිවාස අධිකාරියට භාරදිය යුතු බව දැක්වෙන ලිපියකි. සංගමයක් ලෙස ඊළඟට ගත යුතු පියවර කුමක්දැයි තීරණය කළ කාරියකරවන මහතා කොළඹ අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

නඩුව විභාගයට ගත් විනිසුරු අතුකෝරල තීන්දුව ප්‍රකාශයට පත් කළේ එම නිවහනේ රැඳී සිටීමට බලය ඇත්තේ පත්‍ර කලා සංගමයට බවයි. කාරියකරවන ඇතුළු පත්‍ර කලාවේදීන් පිරිසක් එම තීන්දුව දුන් දවසේ පස්වරුව ගත කළේ එම පත්‍ර කලා නිවහනේය. 

සවස 06.00 පමණ වන විට  ඔවුන් ගාලු මුව‍ෙදාර පිහිටි “ප්‍රෙස් ක්ලබ්” එකට ගියේ නඩු තීන්දුවෙන් ලද සතුට භුක්ති විඳීමටය. එහෙත් ඔවුන්ට එහි වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි විය.

 1982 අගෝස්තු  03 වැනිදා රාත්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ පැමිණි මැර කණ්ඩායමක් පත්‍ර කලා නිවහනේ ‍ෙදාර අගුළු කඩා බලෙන් ඇතුළු වී එහි සිටි සේවක මහතා පිටතට පන්නා දැමූහ.

 ඔහු ප්‍රෙස් ක්ලබ් එකට දුවගොස් ඩී.එෆ්. කාරියකරවන, ඩේලි නිවුස් කර්තෘ ධර්මපාල වෙත්තසිංහ ඇතුළු පත්‍ර කලාවේදීන් හමු වී සිද්ධිය සැල කළේය.

 පත්‍ර කලාවේදීන් පිරිස එහි යන විට නිවහන අරක් ගෙන සිටියේ පොලිස් නිලධාරීන් හා මැර පිරිසකි. එවකට නිවාස සංවර්ධන අධිකාරියේ බල පරාක්‍රමය දරා සිටි තැනැත්තා එතැනට පැමිණ පත්‍ර කලාවේදීන්ට මැර තර්ජනයක් එල්ල කළේය. 

පත්‍ර කලා සංගමයේ පිරිස මේ පිළිබඳව පැමිණිල්ලක් කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය නමුත් පැමිණිල්ල භාර ගත්තේ නැත. ඒ ඉහළින් ආ නියෝගයක් නිසා  බව පැවසිණි. 

වර්තමාන ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පත්‍ර කලා සංගමය වෙනුවෙන් නොමිලේ උසාවියේ පෙනී සිටීමට කැමැත්ත පළ කළේ කාරියකරවන අසල්වැසියකු හා මිත්‍රයකු වූ නිසාය. ගාස්තුවෙන් අඩක් අය කොට රාජ නීතිඥ එල්.එච්. ද සිල්වා ඒ සම්බන්ධයෙන් ගොනු කළ  නඩුවට පෙනී  සිටියේය.

 විනිසුරුවන් 5 දෙනකු හමුවේ මේ පිළිබඳව නඩුව කොළඹ ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී විභාග කෙරිණි, රාජ නීතිඥ සිල්වා කරුණු ඉදිරිපත් කළද මේ පිළිබඳව පැමිණිල්ල යොමු කළ යුත්තේ එම නිවහන පිහිටි ගොඩනැඟිල්ලේ අයිතිකරු වශයෙන් තරුණ බෞද්ධ සංගමය විසින් බව තීරණය කොට සභාපති විනිසුරු වනසුන්දර  පැමිණිල්ල නිශ්ප්‍රභ කළේය.

මාධ්‍යවේදීන්ට අහිමි කළ රීජන්ට් ගොඩනැඟිල්ලේ පත්‍ර කලා නිවහන නිවාස සංවර්ධන අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ නවාතැන් පොළ බවට පත් විය. 


 බන්ධුල ගුණරත්න