logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක

හටන

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස්ට් පක්‍ෂයේ සහ ලසසප ප්‍රකාශන ජ.වි.පෙ.ට තදින් පහර දුන් අතර, ජ.වි.පෙ. විශේෂයෙන් විජේවීර ජනතාවට ආමන්ත්‍රණය කළ ප්‍රසිද්ධ මහජන රැලිවලදී ඔවුන් මෙන්ෂේවිකයන් ලෙසින් හඳුන්වන දෙමින් නිර්දය ලෙස අවඥාවට ලක් කළේය. පැරැණි වමේ පක්‍ෂ හා ජ.වි.පෙ. අතර පැවැති සීතල යුද්ධය මාරාන්තික ගැටුමක් බවට පත්වූයේ 1987 ඉන්දු - ලංකා ගිවිසුම හෙවත් රජීව් - ජේ.ආර්. ගිවිසුම අස්සන් තැබීමත් සමඟය. ලසසප, කොප, ශ්‍රී ල.ම.ප. කොලින් ජේ.ආර්. ජයවර්ධනගේ ස්ථාවරය ගනිමින් ගිවිසුමට පක්‍ෂව ක්‍රියා කළේය.

එම පක්‍ෂ පළාත් සභා පිහිටුවීම, ඉන්දීය හමුදා මෙරටට කැඳවීම ආදී ගිවිසුමේ වගන්තිවලට එක හෙළාම සහාය පළ කළේය. ජ.වි.පෙ. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව කොන්දේසි විරහිතව සටන් වැද සිටියේය. ජ.වි.පෙ. ඉන්දීය හමුදා පැමිණීම ඉන්දීය ආක්‍රමණයක් ලෙස හැඳින්වූ අතර රට නිදහස් කර ගැනීම සඳහා අනවරත අරගලයක නියැළී සිටියේය. මෙම පැහැදිලි බෙදී යෑම ජ.වි.පෙ.ට එරෙහිව සියලු සංවිධාන හා කණ්ඩායම් එක පෙරමුණට එළඹියේය. ප්‍රා, ශ්‍රා, කළු බළල්ලු, ගෝනුස්සා, නී ආදී නම්වලින් හඳුන්වාගත් කණ්ඩායම් රජයේ ආරක්‍ෂක අංශ හා එක්ව ඝාතනයන් සිදු කළ අතර ඔවුන්ගේ වධ කඳවුරු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පිහිටියේය.

ඔවුන්ට අවශ්‍ය ගිනි අවි සහ මුදල් ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිපදෙනකු හරහා ලැබුණු අතර ඉන්දු - ලංකා ගිවිසුම යථාවත් කරනු පිණිස ‘රෝ’ සංවිධානය හරහාද මුදල් ලැබුණු බවටද තොරතුරු ඇත. ජ.වි.පෙ. සම්බන්ධතා තිබූ බවට සැක කළ විශ්වවිද්‍යාල සිසුන් දරුණු වධ බන්ධනයන්ට ලක්කොට මරාදමනු ලැබුවේය. එහිදී පෙරමුණ ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයය.

මෙවැනි ඉතා බිහිසුණු වටපිටාවක් මැද නමුදු 1989 ජුනි 9 වැනිදා නුගේගොඩදී දේශප්‍රේමී රැලියක් පැවැත්වීමටත් එමඟින් අහිමි වී ඇති ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාදා ගැනීම පිණිස තත්ත්වයන් නිර්මාණය කර ගැනීමටත් ජ.වි.පෙ. තීරණය කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, භික්ෂු සංගමය, ශිෂ්‍ය - මවුපිය සම්මේලනය සහ රුක්මන් සේනානායකගේ එක්සත් ලංකා ජනතා පක්‍ෂයත්, ආරිය බුලේගොඩගේ ශ්‍රී  ලංකා ප්‍රගතිශීලී පෙරමුණත් නුගේගොඩ රැලියේදී ජනතාව ඇමැතූහ. 

මේ වනවිට රට තුළ විද්‍යමාන වෙමින් පැවැති තත්ත්වය වූයේ ආණ්ඩුවේ බලය ශීඝ්‍රයෙන් පරිහානිය කරා ගමන් කරමින් තිබීමය. පුද්ගලයන් පැහැරගෙන යෑමත්, මරා දැමීමත් නිසා රට එකම යුද පිටියක් බවට පත්වෙමින් තිබිණි. මෙහිදී ආණ්ඩුව තවත් අර්බුදයකට ඇද දමමින් උතුරු - නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් විසින් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු අනුගමනය කළ මූලෝපායයන් එතෙක් පැවැති දේශපාලන වටපිටාව උඩුකුරු යටිකුරු කරන්නට සමත් විය. ඔහුගේ සැලැස්මේ පළමු පියවර වූයේ ඉන්දීය හමුදා සහ එල්.ටී.ටී.ඊ.ය අතර අවි ගැටුම් අවසන් කිරීම සඳහා සම්මුතියක් ඇති කර ගැනීමය. ඒ සඳහා සාකච්ඡා ආරම්භ කරනු පිණිස පැමිණෙන ලෙස ඔහු එල්.ටී.ටී.ඊ.යට පණිවුඩ යැවීය. ශ්‍රී  ලංකා හමුදා එල්.ටී.ටී.ඊ.යට එරෙහි මෙහෙයුම් නවත්වන බව එහිදී ඔහු සඳහන් කළේය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. අවධානයට ලක්වූ දේශපාලන ප්‍රශ්න සාකච්ඡාවෙන් විස¼දා ගැනීමටත් ජනාධිපති ප්‍රේමදාස යොමු කළ රහස්‍ය වාර්තාවේ සඳහන් වූ බව ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් සඳහන් කර ඇත. එකී යෝජනාවට අනුව 1989 මාර්තු-ජූලි අතර ඉන්දීය හමුදා ඉවත් කර ගැනීමට ඉන්දියාව කටයුතු කරන අතර ඒ කාලය තුළ ඉන්දීය හමුදාවේ ප්‍රහාර සිදුවුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය අවි ආයුධ සහ බුද්ධි තොරතුරු ශ්‍රී  ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ.යට ලබාදෙනු ඇත. උතුරු - නැඟෙනහිර ප්‍රකාශයට පත් කළ ඊ.පී.ආර්.එල්.එෆ්. රජය ඉවත් කර එහි බලය එල්.ටී.ටී.ඊ.යට ලබාදෙන බවටද ජනාධිපතිවරයා සහතික විය. ඒ අනුව ප්‍රේමදාස රජය 1989 මාර්තු මාසයේ සිට එල්.ටී.ටී.ඊ.යට රහසිගතව අවි සපයමින් ඉන්දීය සාම සාධක හමුදාවට මුහුණදිය හැකිවනු පිණිස ඔවුන්ගේ ශක්තිය වැඩි කළේය.

ශ්‍රී  ලංකා රජය වර්ධරාජා පෙරුමාල්ගේ ඊනියා රජය සමඟ ගනුදෙනු කිරීම අත්හළේය. පෙරුමාල් හා ඔහුගේ ඇමැති මණ්ඩලය සමඟ බලපෑම් සහගත ලෙස හැසිරෙන්නැයි උතුරු - නැඟෙනහිර ආණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. ඉන්දීය සාම සාධක හමුදා මේ වනවිට තීරණයක් ගත නොහැකි අඩියකට වැටී සිටියේය. ශ්‍රී  ලංකා රජය දිගින් දිගටම ඔවුන්ට අකටයුතුකම් කරමින් සිටියේය. 1989 ජූලි මාසය වනවිට ස්ථීර ලෙසම ඉන්දීය හමුදා ලංකාවෙන් ඉවත් විය යුතු යැයි ජනාධිපති ප්‍රේමදාස අගමැති රජිව් ගාන්ධිට කියා සිටියේය. ජනමාධ්‍ය අනාවරණය කළ පරිදි රජිව් - ප්‍රේමදාස අතර 1989 ජූලි මාසය තුළ ලිපි 7ක් හුවමාරු වූ අතර එම ලිපි විෂයෙහි තානාපති මට්ටමේ අශීලාචාර ස්වරූපයක් දක්නට තිබිණි. ඉන්දු - ලංකා සබඳතා පත්වෙමින් තිබුණේ අතිශය නරක තත්ත්වයකටය. රජය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කරට අත දමා ගත්විට වර්ධරාජාගේ දෙමළ ස්වේච්ඡා හමුදාව එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ ප්‍රකාශය කළේය. මේ අතර ඉන්දීය සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරි ජනරාල් කල්කට් ප්‍රකාශ කළේ ජූලි මාසයේ ඉන්දීය හමුදා ඉවත් කර ගැනීම සම්පූර්ණ කිරීමට අපහසු වුවහොත් ස්ථීර වශයෙන්ම 1989 අවසානයේ හෝ 1990 මුල ඉන්දීය හමුදා සේනාංක රටින් බැහැර කරන බවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මුලිනුපුටා දැමීමේ වගකීම භාරගත් ජාතික ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න සිය 70,000 ඉලක්කය කරා යමින් දකුණ ලේ ගංගාවක ගිල්වමින් සිටියේය.

මේ අතර 1989 ජුනි මාසයේ දීප ව්‍යාප්ත ලංගම සේවක වැඩ වර්ජනයක් ආරම්භ විය. එයට ජ.වි.පෙ. කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් සැලසුම් සහගතව නායකත්වය සැපයුවේය. ලංගම වැඩ වර්ජනය ආරම්භ වූයේ බදුල්ල ලංගම ඩිපෝවෙනි. ලංගම සේවක ඉල්ලීම් ලබාදීම ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ තවත් විවිධ පාර්ශ්වයන් ඊට සහාය පළ කරමින් එළියට බැස්සේය. ලංගම වර්ජනය සමස්ත මහ වැඩ වර්ජනයක් දක්වා ඇදී යන්නට වූවේය. ආණ්ඩුව ප්‍රවාහන සේවා සඳහා යුද හමුදාව සේවයට කැඳවීමත් සමඟ තත්ත්වය තවත් නරක අතට හැරිණි. වර්ජනය තව තවත් දිග්ගැසුණු අතර ගමනාගමනය මුළුමනින්ම බිඳ වැටිණි. ජුනි 22 රජය හදිසි නීතිය රට පුරා බල පවත්වන පරිදි ප්‍රකාශයට පත් කළේය. ඒ වනවිට දුම්රිය සේවකයන්ද වර්ජනයට එකතු වූයෙන් උතුරුමැදට හා උෟව පළාතට ඛනිජ තෙල් ප්‍රවාහනයද ඇනසිටියේය.

මේ අතර ජ.වි.පෙ. එක්සත් ලංකා ජනතා පක්‍ෂයේ නායක රුක්මන් සේනානාකයක් හරහා වර්ජකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා රජය සමඟ නිල නොවන සාකච්ඡා වටයක් ආරම්භ කළේය. එහි ප්‍රථම සාකච්ඡාව ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ සහ කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයන් අතර බොරැල්ල වුඩ්ලන්ඩ් මන්දිරයේදී සිදු කර ඇත. ඒ වනවිට මහියංගණය ගම්උදා භූමියේ සිට ජනාධිපති ප්‍රේමදාස එම සාකච්ඡාව සඳහා දුරකථනයෙන් සම්බන්ධ වූ බව ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ප්‍රකාශ කළේය.

ජනාධිපති ප්‍රේමදාස සහ කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයන් අතර සකච්ඡාවක් සූදානම් කෙරුණු අතර එය මේ විෂම කාල පරිච්ඡේදයේ සිදුවූ අභව්‍ය සිදුවීමක්ය. ජනාධිපතිගේ තීරණය වූයේ සාකච්ඡාවලට ප්‍රථම සියලුම වර්ජකයන් වැඩට යා යුතු බවය. එහෙත් සටන් මධ්‍යස්ථානය ඊට එකඟ නොවූ නිසා සාකච්ඡා ඇනහිටින තත්ත්වයක් උද්ගත විය. අවසානයේ එකඟත්වයක් ඇති වූයේ සියලුම සේවකයන් වැඩපොළවලට ගොස් රැඳී සිටින්නටය. එය වර්ජනය අවසන් වීමක් නොවන අතරමැද තත්ත්වයකි.

සාකච්ඡාව පැවැත්වුණේ ගුණසිංහපුර සුචරිත මන්දිරයේය. එදින බදාදා දිනයක් වූ බැවින් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රාත්‍රි 8.00 සාකච්ඡාව ආරම්භ වී ඇත. ප්‍රවාහන ඇමැති විජයපාල මෙන්ඩිස්, හිටපු ප්‍රවාහන ඇමැති ඇම්.එච්. මොහමඩ්, සිරිසේන කුරේ, පාස්කර ලිංගම්, ඒ.ජේ. රණසිංහ සහ ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීහු මෙම රහසිගත සාකච්ඡාවට එක්වී ඇත. රජයේ ඇමැතිවරු සහ නිලධාරීන් එක් පසෙකත්, ජ.වි.පෙ. සටන් මධ්‍යස්ථාන නියෝජිතයන් අනෙක් පසත් අසුන්ගෙන සිටියේය. කණ්ඩායම් නායකත්වය ඩී.එම්. ආනන්ද විසින් දරන ලදී. ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා ආරම්භ වූයේ රාත්‍රි 9.00ටය. එය ජනපති ජ.වි.පෙ.ට සම්බන්ධ නායකයකු මුණගැසුණු පළමු අවස්ථාව වූයේය. ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ සාකච්ඡාව සම්බන්ධව තබන ලද සටහනක් මෙසේය.

‘පළමුවෙන්ම ජ.වි.පෙ. පැත්තෙන් සාකච්ඡාව ඇරඹිණි. සටන් පෙරමුණු නායකයා ඉතා වේගවත් දීර්ඝ කතාවක් පවත්වා සත්‍ය තොරතුරු සාක්‍ෂි සහිතව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. වර්ජනයේ යෙදී සිටින කම්කරු සහෝදරයන් විඳින දුක් කම්කටොලු විස්තරාත්මක ලෙස පෙන්වා දී අදාළ අමාත්‍යාංශ ඔවුන්ට දෙන ලද පොරොන්දු කඩකර ඇති බව එම ඇමැතිවරු හමුවේම ජනාධිපතිවරයාට පහදා දුන්නේය.

තමන්ට පොරොන්දු වී ඇති පරිදි ලැබිය යුතු ගෙවීම් කිසිවක් ඒ වනතුරුත් ලබාදී නැති අතර ඒ සම්බන්ධව රජයට වෙනස් චිත්‍රයක් පෙන්වා දී තමන්ගේ සාධාරණ ඉල්ලීම් යටපත් කර ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේ දක්‍ෂ නීතිඥයකු පරිද්දෙනි. සටන් පෙරමුණු නායකයා කතා කරද්දී රුක්මන් සහ මා ඔළුව වනමින් ඔහු ගෙන ආ තර්ක සම්පූර්ණයෙන්ම සැබෑවක් මිස බොරුවක් නොවන බවට අප තුළ හටගත් හැඟීම ජනාධිපතිවරයාට ඉඟියෙන් පැවැසුවෙමු.

පැමිණිල්ලේ දේශනය අවසන් වූ පසු විත්තියේ ප්‍රතිචාරය කුමක්දැයි ජනාධිපතිවරයා විමසුවේය. ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට ඇමැතිවරු පත්ව සිටියහ. නිලධාරීහු නොයෙකුත් දුර්වල තර්ක ඉදිරිපත් කරමින් ගණන් හිලව් ඉදිරිපත් කරමින් තම නිර්දෝෂීභාවය පෙන්වීමට අසාර්ථක උත්සාහයක යෙදුණහ. ජනාධිපතිවරයා සටන් පෙරමුණේ ඉල්ලීම් නිවැරැදි හා සාධාරණ බව විනිවිද දුටුවේය. සේවක ඉල්ලීම් කිසිවක් පොරොන්දු ආකාරයට ඉටුකර නැති බව හෙතෙම තීරණය කළේය. ඒ අනුව දියයුතු මුදල් වහාම ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නියම කරන ලදී. සාකච්ඡාව අවසන් වූයේ පසුදින අලුයම 4.00ටය. අවසාන සම්මුතියට දෙපාර්ශ්වයේම වගිකව යුත්තන් අස්සන් කළ පසු වහාම ශ්‍රී  ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රවෘත්තිය රටට දෙන ලෙස මට කීවේය. මම වහාම ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ තැනට කතා කොට උදේ ප්‍රවෘත්ති විකාශයට විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙන බැවින් ඊට සූදානම්ව සිටින ලෙස දැන්වූයෙමි. සටන් පෙරුණේ ලේකම්ගේ පණිවුඩය හරියටම පාන්දර 5.40ට ගුවන්විදුලි ප්‍රවෘත්ති අංශයට භාරදුන් අතර එය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුවද වරින් වර කිහිප වරක් කියවන්නට උපදෙස් දුන්නෙමි. උදේ 6.00ට මුළු ලක්වැසි ජනතාවම විමතියට පත් කරමින් වැඩවර්ජනය අවසන් වීමේ ප්‍රවෘත්තිය ගුවන් ගත්තේය. ඒ සමඟම ගමනාගමනය ආරම්භ විය.’