logo

28

කොළඹ

නවතම පුවත්

කොළඹ සිට ආ දුම්රියට ගල් ගහලා

කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා ගමන් කල දුම්රිය ට කපුවත්ත හා ජා

06:26 PM Jun 24 2019

පොළොන්නරුවේ 3500කට වතුර නෑ

06:20 PM Jun 24 2019

යුද සහ නාවික සෙබලුන් 26ක් DNA මකන්න සීනි සමග පෙට‍්‍රල් දමා පුලුස්සා මරා දාපු LTTE තුන්දෙනෙක්ට මහාධිකරණයේදී අධිචෝදනා

05:03 PM Jun 24 2019

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම පිළිබඳව හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

03:55 PM Jun 24 2019

ප්‍රාථමික පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යයි

03:13 PM Jun 24 2019

ආපහු ඇමතිකම භාරගන්නේ නැහැ - බතියුදීන්

01:53 PM Jun 24 2019

රාජිතට විරුද්ධව පැය 24ක් යනතෙක් කළුතර රෝහල් වල වෛද්‍යවරු සියලු වැඩ අතහරී

12:50 PM Jun 24 2019

නිකවැහැර මුස්ලිම් සුසාන භූමියේ වලදමා තිබූ මල සිරුරු දෙකක් අතුරුදහන්

12:46 PM Jun 24 2019
හටන
ඉම්රාන් ඛාන් නීතියට වැඩ හිටපු ජනපති අලි සර්දාරි අත...

“සොරකම් කළ අයට දඬුවම් දීම වගේම ඒ මුදල් නැවත රටට ලබාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න”ඒ 2019.06.10 දින ඉස්

02:00 AM Jun 22 2019
ශ්‍රී ලංකා ජනරජ පනත බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ විවා...

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනය. එහෙත් එදා

02:00 AM Jun 22 2019
කොල්වින් ඡන්දයෙන් පැරද වූ සතාසිවම් නඩුව ...

දෙහිවල - ගල්කිස්ස අසුන සඳහා බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් 1947 පැවැති මහ මැතිවරණයට තරග කර දිනුවේ ආච

02:00 AM Jun 22 2019
මහ රෑ වෙඩි තියලා ගඟට දැම්මත් එළි වනතුරුත් මාව මැරුණේ නෑ - ද...

 “මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජුනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ

02:00 AM Jun 22 2019
බළන්ගොඩ රත්වත්ත වලව්වේ දියණිවරු ...

ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ඉහළ ප්‍රභූ පවුලක ඡායරූපයක් මේ සමඟ ඇත. එය දුර්ලභ පැරැණි ඡායාරූපයකි. නවසිය ති

02:00 AM Jun 22 2019
පරවහගමදී කැප්පෙටිපොළ අල්ලාගත් බව පී්‍රතියෙන් දන්වමි...

බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ට විරුද්ධව සිංහලේ දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ උඩරට කැරැල්ල අවසන් වූයේ

02:00 AM Jun 22 2019
“One last hug” අවසන් වැලඳ ගැනීම...

මෙහි දැක්වෙන්නේ යුක්රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ඡායාරූප කලා අධ්‍යයන අංශය සංවිධානය කරන “Life Press Pho

02:00 AM Jun 15 2019
ශ්‍රී පාදස්ථාන භාරකාරත්වය සබරගමුවට පවරන ලෙස ජෝර්ජ් ටර්නර් ...

ශ්‍රී පාදස්ථානයේ වර්තමාන භාරකාරත්වය දරන්නේ බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ

02:00 AM Jun 15 2019
වෙඩි තබා කැලණි ගඟට දැමූ තරුණ ජීවිතය ගලවාගත් පියතුමා...

1989 දෙවැනි භාගය සමූහ මිනිස් ඝාතනවලින් සංලක්ෂිත වූයේය. හලාවත, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල

02:00 AM Jun 15 2019
වන උයන් පිරි අසිරිමත් ෂැංහයි නගරයේ චාරිකාවක්...

ඒ අසිරිමත් මහා දේශයේ සංචාරය කිරීමට මම ද වාසනාවන්ත වීමි. ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහ සහයෝග

02:00 AM Jun 15 2019
පොල් ඇමැති හැරල්ඩ් ගැන රහස් සමීක්ෂණයක් කළ තිස්ස අත්තනායකට...

වයඹ පළාතේ වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය සමීප මන්ත්‍රි ආසන දෙකකි. 1950 ගණන්වල සිටම මේ අසුන් දෙකින් තරග කර

02:00 AM Jun 15 2019
Why un is silent ? ISIS රටවල් 31 දී සිදුකළ මිනිස් ඝාතනවලට ...

කුරිරු ත්‍රස්තවාදයට පිළිතුර යුද්ධයකින් එය පරාජය කිරීම පමණද? එය හැර වෙනත් විකල්පයක් නැතිද? අද ලෝකයේ ම

02:00 AM Jun 15 2019
රුසියානු සබ්මැරීන් නියමුවෝ 118 මරණය දැක දැක ලියූ ලිපි...

ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු

02:00 AM Jun 08 2019
ගාන්ධිලා නැති ලංකාවේ අනාගතය...

ඔබ ඉන්දියාවේ අතරමං වුවහොත් ඔබට ඉඳහිට හෝ දකින්නට ලැබෙන දන්නා හඳුනන එකම තැනැත්තා මේ කෙසඟ මිනිසාය. මුළු

02:00 AM Jun 08 2019
බදුල්ල රෝහලේදී විජේවීර බිරියගේ හදවත තිගැස්සුණු දවසක්...

ඉන්දු - ලංකා ගිවිසුමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 1989 ජූලි මාසයේය. ඒ වන විට රටේ පාලනය අස්ථාවර කිරීම

02:00 AM Jun 08 2019
නැතුවම බැරි පත්තර...

පත්තර කන්තෝරුවල ලොක්කෝ සිටියාට පත්තරවලට ලොක්කන් නැත. පත්තරයට එංගලන්ත මහ රැජනත් රටේ සාමාන්‍ය පුරවැසිය

02:00 AM Jun 08 2019
රන්ජන් ජේ.ආර්.ට ඇණයක් වූ හැටි...

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.)දේශපාලනයේ හොඳටම තෙම්පරාදු වී සිටි ජනාධිපතිවරයාද ඊ.එල්. රන්

02:00 AM Jun 08 2019
ආදරය එපා ජපන් තරුණ පරපුර කියති NO sex please. We Are Japanes...

“දැන් කලවයසත් හරි නේද? නැතිද විවාහ වෙන්න අදහසක්?”ඔබ ජපානයේදී තිස් වැනි විය ඉක්මවූ තවමත් අවිවාහකව සිට

02:00 AM Jun 08 2019

ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම රටටත් ආදරෙයි

හටන

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපතිවරයාය. දකුණු අප්‍රිකාවේ බි්‍රතාන්‍ය පාලනයට හා වර්ණ භේද වාදයට විරුද්ධව අප්‍රිකානු නිදහස් සටන ප්‍රථමයෙන් ආරම්භ වූයේ සන්නද්ධ සටන්කාමී ව්‍යාපාරයක් වශයෙනි ඔහු අප්‍රිකානු කොංග්‍රසයේ නායකයා වූයේය.

නෙල්සන් මැන්ඩෙලා ස්වාධීනත්වයේත් සමානාත්මතාවයේත් සංකේතයකි. ඉංග්‍රීසි ආණ්ඩුවේ කෘෘරත්වය හමුවේ දැඩි මර්දනයට ලක්වූ මැන්ඩෙලා අවුරුදු 27ක් සිරගතව සිටියේය. 1962 සිට 1990 දක්වා රොබෙනි ග්ලෑන්ඩ් දූපතේ සිරගත කරසිටි මැන්ඩෙලා එකී කාලය මුළුල්ලේද අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වය දැරුවේය. මැන්ඩෙලා ඉන්දීය නිදහස් සටනේ නායක මහත්මා ගාන්ධි අනුගමනය කළේය. සතුරු පාර්ශ්වයන්ට සමඟියේ හස්තය දිගු කළ ඔහු හැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටියේය. මැන්ඩෙලාගේ ජීවිතය ලොව බොහෝ සටන්කාමී දේශපාලකයන්ට පරමාදර්ශයකි. ඔහු විරුද්ධවාදීන් සමඟ ගෞරවනීය කටයුතු කිරීමෙන් සියල්ල ජයගත්තේය.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා වූ හෙතෙම 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය. අද අප ඉදිරිපත් කරන්නේ නෙල්සන් මැන්ඩෙලා සිරගතව සිටියදී සිය දියණියට යවන ලද ලිපියකි. ඔහුගේ බිරිය විනී මැන්ඩෙලා සිරගත වූ ආරංචිය අසා ඔහු දියණියට මෙම ලිපිය යවා ඇත්තේ 1992 වසරේය.

ආදරණීය දියණියෙනි,

ඔබේ අම්මාද සිරගත කළ බව දැනගන්න ලැබුණා. ඉතින් ඔබේ අම්මයි තාත්තයි දෙදෙනාම දැන් සිරගත වෙලා. අම්මා නිවෙසින් බොහෝ අෑති ප්‍රදේශයක පොලිස් සිර මැදිරියක තනිවම ඇති. ඇය හුදෙකලාව දවසේ පැය 24 අසීරුවෙන් ගෙවනවා ඇති. මාස ගණනක් ඇතැම් විට අවුරුදු ගණනක් ඔබට ඇය දකින්නට නොලැබේවි. ඇයට අපේ ස්වාභාවික ආදරය නොලැබී යාවි. හැමදේකින්ම අප තව තවත් දුරස් වෙනවා.

අම්මාට ඇති ආදරය පළ කළ හැකි මාර්ග බොහෝ තිබෙනවා. මම කියන්නම් දුව උපන් දින සහ නත්තල් උත්සව ගන්න එපා. අලුත් ඇඳුම් නොගෙන ඉන්න. සපත්තු, සෙල්ලම් බඩු ඔයාට ඕනේ නැහැ නේද? අම්මාට උණුසුම් පොරෝණයක් සහ පිරිසුදු තුවායක් අවශ්‍යව ඇති. දැන් ඔයාව නාට්‍ය සන්දර්ශන බලන්න එක්ක යන්න කෙනෙක් නෑ. දුවට ලස්සන කතන්දර කියා දෙන්න වෙන්නෙත් නෑ. ඔයා පත්තර පොත් කියවන්න. මොකද අම්මා හමුවුණොත් ඇය අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න දුව හැම දෙයක් ගැනම දැනුවත්ව ඉන්න ඕනෑ.

අම්මා 1958 දීත් වරක් සිරගත වුණා. අපේ විවාහයෙන් මාස 4කට පසුව. එදා ඔයාගේ අම්මටත් තාත්තටත් පළමු වරට වෙන් වෙන්න සිදුවුණා. එදා අම්මා පොලිස් අත්අඩංගුවට පත්වුණේ කාන්තාවන් දෙදහසක් සමඟ ජොහැන්නස්බර්ග් නුවර විරෝධතාවක් මෙහෙයවූ නිසා. දුවේ ඔයාගේ අම්මා ඔයාට වගේම රටටත් ජනතාවටත් ආදරේ බව ඔයා දන්නවා නේද?

මා ආදරණීය

තාත්තා

නෙල්සන් මැන්ඩෙලා

නෙල්සන් මැන්ඩෙලා සිරගත කරන ලද්දේ 1962 වසරේදීය. එතුමා සිරභාරයෙන් නිදහස් වූයේ 1990 දීය. ඔහුගේ දින පොතේ පිටුවක ඔහු විසින් නිදහස ලබන දින ගණන් හැදූ කටු සටහනකි. පළමුවැන්න 1990-1962=28 ඒ ඔහු සිරගෙදර ගෙවූ කාලයයි. ඔහු උපන්නේ 1918 දීය. සිරගත වන්නේ 1962 දීය. දෙවැනි ගණන 1962 - 1918=44 ඒ සිරගත වන විට මැන්ඩෙලාගේ වයසය. තුන්වැනුව ඔහු සිරගෙයින් නිදහස ලැබූ දිනයෙන් උපන් දිනය අඩුකර බලා ඇත. 1990-1918 = 72 ඒ නිදහස ලබන විට ඔහුගේ වයසය.


ශි්‍රයානි අජන්තා විතාන