28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා

හටන

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්ථා ගණනාවක්ම බි්‍රතාන්‍ය පාලනය විසින් සිරගත කරනු ලැබීය. ශ්‍රී  නේරු සිරගතව සිටියදී සිය දියණිය ඉන්දිරා ගාන්ධි වෙත යවන ලද ලිපි ලෝක ඉතිහාසය කැටි කළ මහා නිබන්ධනයකි. ලොව ප්‍රකට ලියුම් ගැන සටහන් තබද්දී නේරු- ඉන්දිරා පියා සහ දියණිය අතර හුවමාරු වූ ලිපි මඟහැර යා නොහැකිය. ඓතිහාසික ප්‍රවෘත්තීන් ඊටම අවේණික ශෛලියකින් සරල සුමට ලෙස දියණියට ලියන්න නේරුතුමා කටයුතු කළේය.

එක් අතකින් දියණිය පියාගෙන් අෑත් වීමේ දුක බෙදා ගැනීමටත් ඇය යහපත් දැරියක ලෙස ශක්තිමත්ව ගොඩනඟාගන්නටත් අලහබාද් සිරගෙදර තනිකම මකා ගන්නටත් නේරුගේ ලිපි මාලාව ඉවහල් වූවාට සැක නැත. මෙහි දැක්වෙන ලිපිය ‘සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී’ තේමාවෙන් ඉන්දිරාට ලියූවකි. 

මා ආදර දියණියෙනි, 

අප ජීවත්වීමේදී හරි දේ කුමක්ද වැරැදි දේ කුමක්ද යන්න තෝරා බේරා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. හොඳයි ඔබ ජීවත්වන අතර ඔබට යම් සැකයක් ඇතිවන අවස්ථාවකදී ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? එවැනි අවස්ථාවක ඔබට අත්හදා බැලිය හැකි පොඩි පරීක්ෂණයක් ඔබට උගන්වන්නයි මා සූදානම් වන්නේ. 

ඔබ කරන කිසිම දෙයක් රහසේ කරන්න හිතන්න එපා. ඒ වගේම එදිනෙදා කටයුතුවලදී සඟවා ගන්නා අදහසින් කිසිවක් කරන්නත් එපා. යමක් සඟවන්න සිතනවා නම් පළමුවෙන් තේරුම් ගන්න ඕනෑ ඔබ සිටින්නේ බියට පත්ව බව. බය කියන එක නරක දෙයක්. ඒ නිසා එය ඔබවැන්නියකට කිසිසේත් සුදුසු නැහැ. එඩිතර වෙන්න. ඔබ එඩිතර වූ විට නිසැක ලෙසම සියලු දේ ඊට ගැළපෙන ආකාරයෙන් සිදු වෙනවා.

අපි බාබුජිගේ (මහත්මා ගාන්ධි) නායකත්වය යටතේ ඉන්දීය නිදහස් ව්‍යාපාරය ගෙන යද්දී අපට කිසිවක් රහසක් වශයෙන් තබාගන්න හෝ සඟවන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසාම අපි කරන දෙයක් ගැන හෝ කියන දෙයක් ගැන කිසිම විටෙක අපි බය වුණේ නැහැ. අපි අපේ හැම වැඩක්ම අපේ මිතුරන් සමඟ හිරුගේ ආලෝකය ඇතිව සිදුකළා. මගේ දියණිය ඔබත් එසේ කළ විට ඔබටත් දරුවන් සමඟ සන්සුන්ව කලබලයෙන් තොරව කටයුතු කරන්නට හැකි වෙනවා. 

මා ඔබේ ආදරණීය පියා ජවහර්ලාල් නේරු.



ශි්‍රයානි අජන්තා විතාන