28

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්

හටන

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බැහැරව පදිංචිව සිටියහ. පියදාස රණසිංහ මහනුවර මඩවල ප්‍රදේශයේද විජේවීර උලපනේද අමරසිංහ මීගමුවේද ආදී වශයෙන් පදිංචිය වෙනස් කළේය. එහෙත් කබ්රාල් නම භාවිත කළ සමන් පියසිරි නුගේගොඩ ප්‍රදේශයේම නිවෙසක පදිංචිව සිටියේය. ගමනායක බණ්ඩාරගම මහවිල පදිංචිය වෙනස් කළේ නැත.

උලපනේ ශාන්ත මේරි වත්තට අලුතෙන් පැමිණි පවුලක් ලෙස විජේවීරලා අවට පදිංචි අය සමඟ එතරම් සමීප නොවුණද යහපත් සබඳතා ගොඩනඟාගෙන තිබිණි. ඔවුන් පැමිණ නොබෝ දිනකින්ම නිවෙසේ වහලය දිරාපත්ව තිබූ නිසා එය නැවත සකස් කරන්නට සිදුවිය. ඒ සඳහා කැඳවා ගත්තේ උලපනේ අවට උදවිය ය. වත්ත එළිපෙහෙළි කරන ලද්දේද අවට අය විසිනි. දියණියන්ට ටියුෂන් දෙන්නට තරුණියන් දෙදෙනකු වරින් වර පැමිණි අතර ඔවුන් ද ප්‍රදේශයේ අය වූහ. විජේවීර පෙනී සිටියේ කලකට පෙර අධික ලෙස බීමට ඇබ්බැහි වී සිට දැනට ඉන් වැළකී අසනීප තත්ත්වයෙන් පසුවන ඉඩම් හිමි වැවිලිකරුවකු වශයෙනි. එය ඒත්තු යන වට පිටාවක් එහි තිබිණි. නිවෙසේ ප්‍රධාන සහායකයා වූයේ අන්කල් නමින් හැඳින්වූ වයසක තැනැත්තාය. ඔහු සෑම අවශ්‍යතාවක්ම බලා කියා ගනිමින් ආරක්ෂකයා වශයෙන්ද කටයුතු කළේය. වෙනත් පිරිමි කිසිවකු එහි සිටියේ නැත.

මහ මැතිවරණය පවත්වන ලද්දේ 1989 පෙබරවාරි 15 වන දිනය. මැතිවරණයෙන් පසුව වුවද ජවිපෙට එරෙහි මර්දනය අඩු නොවීය. රාත්‍රි කාලයේ තරුණයන් මහ මඟ මරා පුලුස්සා දැමීමත් ගංගාවල මළ සිරුරු පාවීමත් සුලබ සිදුවීම් විය. නිවෙසේ නිදා සිටි තරුණයන් රාත්‍රි කාලයේ පැමිණි ඝාතක කණ්ඩායම් විසින් පැහැරගෙන ගිය අතර පොලිසිය පැමිණිලි භාර ගැනීමෙන් වැළකී සිටියේය. ඒ වන විට හදිසි නීති රෙගුලාසි අහෝසි වී තිබූ අතර ජවිපෙ තහනමද නිල වශයෙන් ඉවත්වී තිබිණි. එහෙත් මර්දනය පෙර පරිදිම ආණ්ඩුව කරගෙන ගියේය. ආණ්ඩුව භීෂණය වැපිරීමෙහිලා උතුරේත් දකුණේත් එකම ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ආණ්ඩුවේ මර්දනය නිසා 1989 වසර ආරම්භ වනවිට ජවිපෙට අත්දැකීම් සහිත පරිණත විනයක් සහිතව ගොඩනැඟී සිටි කාඩර්වරු විශාල පිරිසක් අහිමි වී තිබිණි. එම හිඩැස පුරවන ලද්දේ අරගලයේ ආස්වාදය නිසා ඇදී ආ නවක තරුණයන්ගෙනි.

මේ තත්ත්වය පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් වටහාගෙන සිටි නමුත් ඊට විකල්පයක් ඔවුන්ට තිබුණේ නැත. සිදුවීම් එකක් පසුපස එකක් හඹා ආ බැවින් ඊට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය.

මේ කාලය වන විට උතුරේ යුද්ධය පැවතුණේද අපරිණත දේශපාලනඥයන් හා අපරිණත හමුදා මූලෝපායවාදීන් අතය. තමන් කරමින් සිටින දෙය පිළිබඳව හා එහි දේශපාලන ප්‍රතිවිපාක ගැන ඔවුන්ගේ සැලකිල්ලක් නොවීය. තමන් ගරිල්ලා යුද්ධ සම්බන්ධව ග්‍රන්ථ රාශියක් කියවමින් සිටින බව ලලිත් ඇතුළත්මුදලි මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. යුද හමුදාව බොහෝ සෙයින් දේශපාලනීකරණය වෙමින් තිබූ අතර දේශපාලනඥයන් සිය පෞද්ගලික කැමැත්ත මත තෝරා ගත් නිලධාරීන් සමඟ කතා කරන්නටත් ඔවුන්ට උපදෙස් දෙන්නට පටන් ගැනීමත් නිසා අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වූයේය. ඒකාබද්ධ මෙහෙයුම් බළකායක් පිහිටුවා තිබූ අතර යුද්ධය හැසිරවීමේ බලය ඊට පවරා තිබිණි. පාලකයන්ගේ රුචි අරුචිකම් අනුව තෝරාගත් විශ්‍රාමික හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කළ අතර ඔවුන් සේවය කළේ දේශපාලකයන්ගේ සතුට සහ අභිලාෂයන් වෙනුවෙනි.

 රටේ හමුදා යාන්ත්‍රණය තුළ දේශපාලන ආධිපත්‍යය පෙරට පැමිණියේය. ප්‍රියතම හමුදා නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු ඔවුන්ට තානාපති පදවි පිරිනැමීමේ ක්‍රමයක්ද අලුතෙන් පටන් ගැනිණි. මේ වරප්‍රසාද හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා කිසිදු පදනමකින් තොරව සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට ආරක්ෂක අංශ පෙලඹී සිටි අතර එය සාමාන්‍ය දෙයක් බවටද පත්විය. උතුරේ තත්ත්වයද මෙයට දෙවැනි නොවීය. කිසිදු දඬුවමකට ලක් නොවී ගම්මානයකට ගොස් අස්වනු නෙළමින් සිටින සිවිල් වැසියන්ට වෙඩි තැබීම හෝ ගුවනින් ගොස් පහරදීම නිතර සිදුවිය.

 එය ආයුධ වෙළෙන්දෝ කොමිස් මුදල් මිටි අතැතිව ආරක්ෂක ප්‍රධානීන්ගේ ‍ෙදාරට තට්ටු කළ වකවානුවකි. මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ශක්තිය ඉහළ දැමීම සඳහා බි්‍රතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ගේ අනුග්‍රහයෙන් කීනි මීනි හමුදා මෙරටට කැඳවා තිබූ බව බි්‍රතාන්‍ය ආරක්ෂක සේවා මූලාශ්‍රයන් උපුටා දක්වමින් නික් ඩේවිස් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. කීනි මීනි හමුදා යනු බි්‍රතාන්‍ය සහ එක්සත් ජනපද ආණ්ඩු විසින් සිය සදාචාර විරෝධී රහස් මෙහෙයුම් සඳහා යොදා ගනු ලැබූ හමුදාවකි. එක්සත් ජනපදයේ ජනාධිපති රේගන් විසින් නිකරගුවාවේ ගෙන ගිය රහසිගත මෙහෙයුම් සඳහා කීනි මීනි හමුදාවට කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබිණි. එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි විරෝධතා වළක්වා ගන්නා අදහසින් ඔහු එම පියවර ගෙන තිබිණි.

එක්සත් ජනපදය විසින් නිකරගුවාවේ බලයට පත්කර සිටි සෝමෝසා නම් ඒකාධිපතියා පෙරළා දැමූ සැන්ඩිනිස්ටා විප්ලවකාරී ආණ්ඩුව බිඳ දැමීමට කොන්ට්‍රා කැරලිකරුවන්ට යුද පුහුණුව ලබාදීමට කීනි මීනි හමුදා යොදාගෙන තිබිණි. කීනි මීනි හමුදා සමඟ ශ්‍රී ලංකාවේ පැවැති කටයුතු සම්බන්ධව බි්‍රතාන්‍ය ලේබර් පක්ෂයේ ජෝර්ජ් නොක්ස් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වවුද ජාතික ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක් එකල පුවත්පත් මාධ්‍යවේදියකු විස්තර කර තිබුණේ මෙසේය.

ප්‍රධාන පෙළේ ජවිපෙ සාමාජිකයෝ කොපමණ සිටිනවාදැයි ජාතික ආරක්ෂක ඇමැති විමසා ඇත. “7000ත් 10,000ත් අතර සිටිනවා” යැයි පිළිතුරු ලැබිණි. “ඔබලා විසින් අත්අඩංගුවට ගන්නා 10 දෙනකුන් අතරේ සාමාන්‍යයෙන් ජේවීපීකාරයන් කී දෙනෙක් සිටිනවාද?”

“එක් අයෙක් පමණ” යැයි ඊට ලැබුණු පිළිතුර විය.

“එසේ නම් ඔබ කියන්නේ 70,000ක් මරා දැමීමෙන් අපට ප්‍රශ්නයේ කෙළවර දැකිය හැකි බවයි. ඒක ඉතා හොඳ තත්ත්වයක්. අදම පටන් ගන්න” ජවිපෙ සාමාජිකයකු ගැන ඔත්තු සපයන්නකුට අපි රුපියල් 10,000 බැගින් ගෙවනවා යැයි රන්ජන් විජේරත්න ප්‍රකාශ කළේය. එතැන් සිට දඩ කෙළිය ඇරඹිණි. පුද්ගලයන් අතුරුදන් කිරීම සම්බන්ධව ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගේ නම් පසු කලෙක අතුරුදන් වීම් සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභා වාර්තාවන්හි සඳහන් විණි. බොහෝ තොරතුරු බටලන්ද කොමිසමේ වාර්තාවේද ඉදිරිපත් විය. මේ දිනවල නීතිය, සාධාරණය, සදාචාරය යන සියල්ල සුනු විසුනුව ගියේය.

1994 ආණ්ඩුව මාරු වීමෙන් මඳ කලකට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ලියන ලද වැදගත් ලිපියක් 1994 සැප්තැම්බර් 5 දා The Island පුවත් පතේ පළ විය. එදා මනුෂ්‍යත්වය වල් වැදී තිබූ තරම වටහා ගැනීමට එය හොඳ උදාහරණයකි. මේ එම ලිපියෙන් ජේද කිහිපයකි.

“.... පොලිසියේ ඉහළ ධූරාවලිය මිනීමරුවන්ට හා තක්කඩියන්ට ඉහළම සම්මාන පුදා දෙන ලදී. ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා පොලිස් අධිකාරිවරුන්ට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග පිරිනමන ලදී. මොවුන්ට කිසිදු ත්‍යාගයක් ලැබීමට නීතිගරුක හෝ යුක්තිගරුක හිමිකමක් තිබුණේ නැත. ඒ අධම දිනවල සිය ජේ‍යෂ්ඨ නිලධාරීන් ඉදිරියේ බියෙන් හැකිළුණු සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු හා පොලිස් අධිකාරිවරු දිනපතා පොලිස් මූලස්ථානය වෙත බඩගෑම සාමාන්‍ය සිදුවීමක් විය.

ඔවුහු එහි ගොස් තමන් විසින් මරවන ලද, පුලුස්සන ලද, බෙලි කපා දමන ලද, හෝ ගංගාවල පාකරන ලද තරුණයන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි වාර්තා කරති. ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ධූරාවලියේ නිලධාරීහු මේ ගෙස්ටාපෝ නායකයන්ට ත්‍යාග දීමේ මහත් ආශාවෙන් පසු වූහ. එක්තරා දිනයක පෙ.ව. 9.00ට නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් රුපියල 2,00,000 ත්‍යාග මුදලක් ලබා ගැනීම පිණිස වාර්තා ඉදිරිපත් කළේය. ඔහුට එදිනම සන්ධ්‍යාවේ ත්‍යාග මුදල වැඩි කොට රුපියල් ලක්ෂ 3ක් පිරිනමන ලදී....”

“.... ඒ වන විටත් ලංකාවේ පැවති නීතියට එළිපිටම ගර්හා කළ පුද්ගලයන්ට මෙසේ ත්‍යාග පිරිනැමීම මඟින් මෙරට පොලිස් සේවාව කුණු කිරීම ආරම්භ කළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේ බවට පසුව පොදුවේ පිළිගැනිණි. එකල ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් අසුන්ගත් සමුළුවකදී තරුණයන්ගේ හදවත් දිනාගැනීම සඳහා ආරක්ෂක අංශ ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු යැයි හමුදා නිලධාරියකු පවසා තිබිණි. ඔහු දෙස අවඥා සහගත බැල්මක් හෙලූ මුලසුනේ සිටි ජනාධිපතිවරයා පැවැසුවේ ඒ සියල්ලට පෙර ආරක්ෂක නිලධාරීන් තරුණයන්ගේ වෘෂණකෝෂ තළා දැමීමෙන් ඒ කටයුත්ත ආරම්භ කළ යුතු බවය. ජනාධිපති ප්‍රේමදාස පාලනය මේ කටයුත්ත ඒ වූ පරිද්දෙන්ම ඉදිරියට ගෙන ගියේය....” (උපුටා ගැනීම අවසන්) ආණ්ඩුව කල්පනා කළේ දඩයමට ගොදුරු වූවන්ගෙන් කොටසක් ජවිපෙ සාමාජිකයන් වනු ඇත යන්න පමණය. ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව සමහර වාමාංශිකයෝද මිනීමරු ඝාතක කණ්ඩායම් පිහිටුවා ගැනීම ආරම්භ වූයේ 1988 අග භාගයේ සිටය. තමන් අනුගමනය කළ ම්ලේච්ඡ භාවය වසන් කර ගැනීම සඳහා වාමාංශික කණ්ඩායම් අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබිණි. තමන් පැත්තක් නොගෙන පසෙකට වී බලා සිටියා නම් ආණ්ඩුව වඩ වඩා නිර්දෝෂී තරුණයන් ඝාතනය කරන්නට ඉඩ තිබූ නිසා තමන් ආණ්ඩුව සමග එක්ව ඥානවන්ත ලෙස ක්‍රියාකොට ජීවිත රැසක් බේරාගත් බව ඔවුන් ප්‍රකාශ කොට තිබිණි.

අතුරු ඝාතක කණ්ඩායම්වලින් ඉදිරියෙන් සිටියේ මහජන විප්ලවවාදී රතු හමුදාව නම් වූ “ප්‍රා” සංවිධානයයි. පසුව සමාජවාදී විප්ලවවාදී රතු හමුදාව “ශ්‍රා” නමින් තවත් ඝාතක කණ්ඩායමක්ද බිහිවී ඇත. ඒවා පවත්වාගෙන යනු ලැබුවේ ආණ්ඩුවේ දේශපාලනඥයන් හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේද සම්බන්ධතාවයෙනි. වයඹ පළාත කොටස් දෙකකට බෙදා පළාතේ මහ ඇමැතිට සහ කැබිනට් ඇමැතිවරයාට පවරා තිබිණි. 1988 අවසානයේ සිට කර්නල් ජානක පෙරේරා වයඹ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත්ව ආවේය. වාමාංශික කණ්ඩායම් සමඟ ජවිපෙ සාමාජිකයන් ලුහුබැඳීම පිණිස උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු ප්ලොට් සංවිධානයද එක්ව සිටියේය. ප්‍රා සංවිධානයට අනුගතව සිටියේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයන්ය. 1989 සිට 1991 දක්වා පොඩි සිල්වා ප්‍රා කණ්ඩායමේ නායකත්වයේ සිට ඇත. බටලන්ද නිවාස සංකීර්ණයේ නිවෙසක පවත්වාගෙන යනු ලැබූ වධකාගාරය සමඟද පොඩි සිල්වා සම්බන්ධකම් පැවැත්වූ බව බටලන්ද කොමිසමේදී හෙළිවිය. එම නිවසේ ඉදිරිපස තාප්පයේ ‘ඕතචජඬ ඛ්චබ’ යනුවෙන් කොළ පැහැති තීන්තෙන් ලියා තිබූ අතර වධ බන්ධනයට ලක්වූවන්ගේ ශරීර කොටස් එම නිවෙසේ තිබී හමුවූ බව කොමිසමේ සාක්ෂිවලින් හෙළිවිය. එකල පොඩි සිල්වා සිය මූලස්ථානය වශයෙන් යොදාගෙන තිබුණේ වෙන්නප්පුවේ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවෙසය. කොළඹ ප්‍රදේශයේ දඩයම් මෙහෙයවන ලද්දේ බස්නාහිර පළාත් සභාවේ මහජන පක්ෂ මන්ත්‍රිවරයකුගේ නිවෙසේ සිටය. කෙසේ වවුද මෙම අපරාධ ජාලයේ සැබෑ තොරතුරු අඩංගු වූයේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේය. අභියාචනාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම සහ කොළඹ මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක. කොමිෂන් වාර්තාව 1997දී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට භාර දෙනු ලැබූ අතර මාස 21කට පසු එය 1999 දෙසැම්බර් මස පැවැති ජනාධිපතිවරණයේදී ඇය එය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තේය. බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවටද ඉදිරිපත් කර තිබූ අතර පසු අවස්ථාවක එය සොයා බලද්දී යතුරු ලියන්නියක ඇගේ පුටුව උස මදි නිසා බටලන්ද කොමිෂන් වාර්තාව පුටුවට දමා ඒ මත අසුන්ගෙන තිබිණැයි පුවත්පතක පළවිය.