26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ළමා මනසේ පුපුරන බෝම්බ

හටන

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇති කළ බලපෑම අතිවිශාලය. විශේෂයෙන් ගත් කල වසර 10ක සාමකාමී කාලපරිච්ඡේදයකට පසුව ඇති වූ මේ මහා ඛේදවාචකයේ බරපතළ කම්පනයට මුහුණදී ඇත්තේ 2009 යුද්ධය අවසන වන විට වයස අවුරුදු 10ට අඩුව සිටි අද යෞවනයේ පරම්පරාව සහ 2009ට පසුව උපන් පරම්පරාවයි. 

මේ හේතුව නිසා මෙම පරම්පරාව ගැන නොසලකා හැර මෙම අර්බුදයට ප්‍රවේශ වීම බරපතළ අඩුවකි.

ළමයින් අඩුවෙන් හෝ වැඩියෙන් නොහිතයි. ඔවුන් වෙනස්ව හිතයි. මේ නිසා මෙම ඛේදවාචකයේදී ළමයින් සාධකය අමතක කර කටයුතු කිරීම සහමුලින්ම වැරැදිය. නමුත් බලධාරීන් මේ වන විට මෙම සාධකය ගැන ගැඹුරින් සලකාබලා කටයුතු කරන බවක් මට නම් නොපෙනේ. 

මෙම දරුවන් ආමන්ත්‍රණය කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සකස් විය යුතුය. 

ළමා පරපුර දැන් “බෝම්බ සෙල්ලම්” පටන්ගෙන ඇති බව මට අසන්නට ලැබිණි. ළමා මනසට කාවැදුණු පීඩනය එළිදැක්වෙන්නේ මෙම ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය වීම හරහා බව තේරුම්ගත යුතුය.

ළමයින් ලියන දේ තුළ ළමයින් චිත්ත රූප චිත්‍ර බවට පෙරළීමේදී මෙම සිතිවිලි වචනවලට නොපෙරළී ළමා මනස පිළිබිඹු වන අයුරු දැකගත හැක. මේ නිසා වැඩි වැඩියෙන් චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට ලබාදිය යුතුය. මින් අදහස් කරන්නේ ඒවා ගැන චිත්‍ර ඇඳීමට ඔවුන් උපදෙස් දීම නොවේ. ඔවුන් අඳින චිත්‍ර තුළ ඔවුන් කරන සාමූහික ක්‍රියා තුළ මෙම සිදුවීම ප්‍රතිනිර්මාණය වන අයුරු බලා ඊට ගැළපෙන ලෙස මැදිහත්වීම් කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමය. 

තවද යෞවනයේ දරුවන් තුළ වෛරය, කේ‍රා්ධය ඉස්මතු විය හැකිය. මේ තත්ත්වය තුළ මේවා කතා නොකර සිටීම නොව සාධනීය ලෙස නිෂේධනීය ක්‍රියාදාමය සාකච්ඡා කළ හැක්කේ කෙසේදැයි ගුරුවරුන් දැනුවත් කළ යුතුය.

මෙවැනි ව්‍යසනයකට පසුව බොහෝ දෙනා බිය වීම, අනේ‍යාන්‍ය සැකය, තරහ, නින්ද නොයෑම, අලස ගතිය, බිය සැක, සිදුවීම් ගැන නැවත නැවත මෙනෙහි වීම ආදිය ස්වාභාවික බව තේරුම් ගත යුතුය. 

මෙම සිද්ධීන්ට මුහුණදෙන සෑම දෙනාගේම මනසට යම් වික්ෂිප්තභාවයක් ව්‍යාකූලත්වයක් ඇති වුවද මේවා මානසික රෝග නොවන බව තරයේ වටහාගත යුතුය. මේ කිසිවක් සඳහා උපදේශනය අනිවාර්ය නොවන බවද හොඳින් තේරුම් ගත යුතුය. 

බටහිර යුරෝපීය ඇමෙරිකානු සංකල්පයක් වන වියට්නාම් යුද්ධයෙන් පසු කරළියට බට Posl Traumatic Stren disorder (PTSD) පශ්චාත් ව්‍යසන ක්‍රමත අක්‍රමතා නමින් හඳුන්වන රෝගී තත්ත්වය මේ සියලු දෙනාට හෝ බහුතරයකට ඇති නොවන බව වටහාගත යුතුය. 

මෙම ඛේදවාචකයට ලබාදිය යුතු ප්‍රධානතම ප්‍රතිකර්මය මුලින්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත් මෙම සමස්ත ව්‍යසනය තුළ පැහැදිලි දේශපාලන නායකත්වයක් හා ජාතික වැඩපිළිවෙළක් තහවුරු කිරීමත්ය. ජන මතය සන්සුන් කොට ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතාවකට රට ඇදගෙන යෑම වැළකීමට අත්‍යවශ්‍ය ප්‍රධාන දේ ජාතික ආරක්ෂාවයි. මේ  හරහා ජන මතය  යම් පමණකට සන්සුන් කළ හැකිය. එවිට ජනතාව නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාව තම අතට ගැනීමට කල්පනා නොකරනු ඇත. අවස්ථාවාදීව කැලඹුණු මතය නිශේෂනිය විනාශකාරී අන්තයකට තල්ලු කිරීමට ඉඩ නොසැලසෙනු ඇත.

ජන මනස සන්සුන් කිරීම පෙරළා ජාතික ආරක්ෂාවට හා ත්‍රස්තවාදී වුවමනාවන් පරාජය කිරීමට පිටිවහලක් වනු ඇත.

මේ තත්ත්වය තුළ මේ රටේ වෘත්තිකයන්ට මානසික රෝග විශේෂඥයන්ට, අධ්‍යාපනඥයන්ට ඇති සුවිශේෂ කාර්යභාරය එයයි. ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, තහවුරු කිරීම සඳහා, වැඩිදියුණුකිරීම සඳහා කළ හැකි මනෝ සමාජීය ප්‍රතිකර්මය ප්‍රධාන කොටගත යුතුව ඇත.

එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මානසික චිකිත්සාව පිළිබඳ 

මහාචාර්ය අතුල සුමතිපාල