27

කොළඹ

නවතම පුවත්

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

කුරුණෑගල පොලිස් බලප්‍රදේශයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019

පළාත් කිහිපයකට මි.මී.100ක පමණ තද වැසි

09:00 AM May 22 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!

හටන

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්‍රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාව ලංකාවට ආවේ 1927 නොවැම්බර් 13 වැනිදා මෙරට එවකට පැවැති ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙලෙසදැයි සොයා බලා සංශෝධන ඇත්නම් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටය.

මෙහිදී කොමිසමට සාක්ෂි දෙමින් ලංකා කම්කරු සංගමයේ නායක ඒ.ඊ. ගුණසිංහ කියා සිටියේ ලංකාවට සර්වජන ඡන්ද බලය අවශ්‍ය බවයි. මෙරට ඡන්ද බලය සම්බන්ධ ප්‍රශ්නය හේතුවෙන් ඒ වනවිටත් ඒ.ඊ. ගුණසිංහ හා ලංකා ජාතික සංගමය අතර මතභේද උග්‍රව පැවැතිණි.

1923 රාජඥා පනත යටතේ වූ ලංකාවේ ඡන්ද බලය සීමාසහිත එකක් විය. එම පනත අනුව ඡන්ද බලය හිමිව තිබුණේ උගත්කම හා ආදායම (දේපොළ) අතින් ඉහළ අයිතියක් තිබූ වයස අවුරුදු 21ට වැඩි පිරිමින්ට පමණකි. නූගත්කමක්, දිළිඳුකමක් ඡන්ද අයිතිය ලැබීමට නුසුදුසුකමක් විය.

ලංකා ජාතික සංගමය තුළ ක්‍රියාකාරීව සිටි ගුණසිංහ මුල් කාලයේ සිටම සර්වජන ඡන්ද බලය ඉල්ලා සිටියේය. එහෙත් 1927 වනතුරුම ලංකා ජාතික සංගමයේ ස්ථාවරය වෙනස් නොවීය. එම වසරේ සම්මේලනයට ගුණසිංහ ඉදිරිපත් කළ සර්ව පිරිමි ඡන්ද බලය වෙනුවෙන් කළ යෝජනාවද පරාජයට පත්විය.

ලංකා ජාතික සංගමය සර්ව පිරිමි ඡන්ද බලයට විරුද්ධ වූ නමුත් මැදිවියේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදෙන්නට විරුද්ධ නොවීය. 1925 පැවැති මහා සම්මේලනයට ඇසිලින් තෝමස් සහ ඇග්නස් ද සිල්වා මහත්මීන් සංගමයට යෝජනා කළ “මේ රටේ ස්ත්‍රීන්ට සීමාසහිත ඡන්ද බලයක් ලබාදිය යුතුය” යන යෝජනාව සම්මත වී තිබිණි.

ආරම්භයේදී කම්කරු සංගමයට ආධාර කළ ප්‍රමුඛයකු වූ ඊ.ආර්. තම්බිමුත්තු සර්වජන ඡන්ද බලයට විරුද්ධව හා ස්ත්‍රීන්ගේ ඡන්ද බලයට විරුද්ධව මෙසේ කරුණු ඉදිරිපත් කර තිබිණි.

“රටේ සමාජ ප්‍රගතියට බාධා කරන විශාලම අනතුර නම් අකුරු නොදන්නා වූ බහුතර ජනතාවයි. කිසිදු ප්‍රතිපත්තියක් නැති පුද්ගලයන්ගේ පාලනය යටතට මොවුන් පත්වූවිට විශේෂයෙන් අන්තරාදායකය. නූගත් මිනිස්සු බොහෝ හානිදායකය. නූගත් ගැහැනු ඊටත් වඩා හානිදායකය.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වූ ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාව 1928 ජූලි මාසයේදී ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කෙරිණි.

එහි ආ වැදගත්ම නිර්දේශය වූයේ ලංකාවේ වයස අවුරුදු 21න් ඉහළ පිරිමින්ටද, 30න් ඉහළ ස්ත්‍රීන්ටද ඡන්ද බලය ලබාදිය යුතු යැයි කළ නිර්දේශයයි.

මේ පිළිබඳ විවාදය 1928 සැප්තැම්බර් 27දා ඇරඹිණි. මෙහිදී බොහෝදෙනා කතා කළේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා නොදිය යුතුය යන මතයේ සිටයි. 

එම නිර්දේශයට එරෙහිව සර් පොන්නම්බලම් රාමනාදන් කළ කතාව සුවිශේෂ එකක් විය. (රාමනාදන් මහතා 1924 සැප්තැම්බර් 12දා එවකට උතුරු පළාත (උතුර) ආසනය සඳහා නිතරගයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට පත්වූ අයෙකි.)

“ඔබ කාන්තාවන්ට ඡන්ද බලය දීමට විරුද්ධ දැයි එක් කොමසාරිස්වරයෙක් මගෙන් ඇසුවා. ඇත්තෙන්ම ඊට මා විරුද්ධ බව කීවා. අපි අපගේ පවුලේ පාරිශුද්ධිය කෙරෙහි සැලකිලිමත් වෙනවා. කාන්තා ඡන්දය බලය ඔබේ රටට ගැළපී ඇති නිසාම එය අපේ රටටත් ගැළපේ යැයි මම පිළිගන්නේ නෑ.”

“අපි අපේ කාන්තාව දරන තැන වෙනස් කිරීමට කැමැති නෑ. ඇගේ සියලු අවධානය ගෙදර යහපත සඳහා විය යුතුයි. එසේ නොවුණහොත් සමාජයේ දියුණුවක් ඇති නොවෙයි. ගැහැනිය සිය පවුලේ කටයුතුවලින් අෑත් කිරීමෙන් ඔබ කරන්නේ ඇගේ ශේ‍ර්ෂ්ඨත්වය කැළැල් කිරීමක්. ගැහැනියට හිමි තැනින් ඇය වෙනස් කිරීමෙන් ලොව සිදුවී ඇති විපත් සංඛ්‍යාව කොතෙක්ද?”

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පිළිබඳ යෝජනාවට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ඊ.ඩබ්ලිව්. පෙරේරා, රාජ නීතිඥ ෆ්‍රැන්සිස් ද සොයිසා, ආර්.ඇල්. පෙරේරා, එච්.ඒ.ටී. සන්දරසාගර ආදී මන්ත්‍රිවරුද එරෙහිව සිටියහ.

1929 දෙසැම්බර් 05 වැනිදා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පිළිගත යුතු යැයි මහාලේකම් පාපීල්ඩ් සාමිවරයා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට යෝජනා කළේය.

සර් පොන්නම්බලම් රාමනාදන් එදින කළ කතාව මෙරට කාන්තා පක්ෂයේ බලවත් විරෝධයට හේතුවිය. 

“අස්ථානයේ රටවැසියන්ට වධ හිංසා පැමිණවිය හැකි කාරක සභා ක්‍රමයක්, ගස් කොළං මෙන් වැඩෙන පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබීමත් යන අයෝග්‍ය කරුණු ඇතුළත් කොට සාදන ලද මේ ආණ්ඩු ක්‍රමය බාර නොගෙන තව ටික කාලයක් නිශ්ශබ්දව සිටියොත් මීට වඩා හොඳ ආණ්ඩුවක් අපට ලබාගත හැකි වේවි...”

ඔහුගේ කතාවට මුලින්ම විරෝධය එල්ල වූයේ ස්ත්‍රී පක්ෂයටත් ඡන්ද බලය ලබාදිය යුතු යැයි සටන් කළ “කාන්තා ඡන්ද සංගමයෙනි.”

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පිළිගැනීමට විරෝධය පළ කරමින් ලංකා ජාතික සංගමයේ ටී.බී. ජයා, රාජ නීතිඥ ආර්.ඇල්. පෙරේරා, ඊ.ඩබ්ලිව්. පෙරේරා, රාජ නීතිඥ එම්.ටී. ද ඇස්. අමරසේකර සහ ඊ.වී. රත්නම් ආදීහුද සංගමයෙන් ඉල්ලා අස්වූහ.

කෙසේවුවත් ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව පිහිටුවනු ලැබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල්ම රැස්වීම 1931 ජුනි මාසයේදී පැවැත්විණි. ඡන්ද අපේක්ෂකයන්ට ලැබුණේ සලකුණු නොව පාට වර්ගය. ඡන්ද දායකයන් කළ යුතුව තිබුණේ තමන් කැමැති අපේක්ෂකයාට හිමි පාට ඡන්ද පෙට්ටියට තම ඡන්දය දැමීමය.

මහා මැතිවරණයෙන් පසු මාස හතරක් ගතවෙද්දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පළමුවැනි කාන්තාව තේරී පත්ව ආවාය. ඒ රුවන්වැල්ල අසුන සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජයගත් ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මියයි.

ඉන් වසරකට පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණි දෙවැනි කාන්තාව ලෙස උතුරු කොළඹ අසුන අතුරු මැතිවරණයෙන් දිනූ නේසම් සරවනමුත්තු මහත්මිය මෙරට දේශපාලන වංශ කතාවට එක්වූවාය.



බන්ධුල ගුණරත්න