28

කොළඹ

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

වැල්ලවාය බෝගහ්පතන මිරිස් ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් ග

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්

හටන

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවතකින්? මම දේශපාලනයට ආවේ එය වෙනස් කළ යුතු බවට දැඩි අධිෂ්ඨානයකින්. රටක ඉහළම සම්පත වන මානව සම්පතයි. එය සංවර්ධනය නොවූ තැනක රටක් සංවර්ධිත බව අප කියන්නේ කෙලෙසද? වසර කීපයකට පෙර මම විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. ඒත් මගේ දැනුම, අවබෝධය ස්පාඤ්ඤ දේශපාලනය නව මංපෙතකට යොමු කිරීමට යොදා ගැනීම මගේ වගකීම බව මම තේරුම් ගත්තා. සමාජවාදී ප්‍රතිපත්තිවලට නවීකරණය එක් කොට නව ලෝකයට ගැළපෙන වඩා දියුණු තත්ත්වයකට මගේ රට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා.” 

ස්පාඤ්ඤයේ නව අගමැතිවරයා බවට පත් වූ ආර්ථික විද්‍යා විශේෂඥවරයකු ද වන හතළිස් හත් හැවිරිදි පේද්රෝ එසේ පවසන්නේ අද යුරෝපයේ පවතින වාමාංශික දේශපාලන පක්ෂ හිස එසවීමේ ප්‍රවණතාවට සාක්ෂි දරමිනි. එම මැතිවරණයෙන් එක් පක්ෂයකටවත් විශිෂ්ට ජයක් අත් නොවුණුද වැඩිම ආසන සංඛ්‍යාව වූ ආසන 123 ඔහුගේ ඛ්ඥදබපඥ-තඥටබ පක්ෂය ලබාගත් අතර අනෙක් වාමාංශික ප්‍රධාන පක්ෂය වූ ආසන 84ක් හිමි වූ ර්ථීධඤඥථධඵ හා තවත් කණ්ඩායම් කිහිපයක් හා එක්ව සභාග රජයක් පිහිටුවා ගැනීමට හැකි විය. 

යුරෝපා මහද්වීපයට අයත් ස්පාඤ්ඤය නිරිතදිග යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි. ස්පාඤ්ඤ භූමිය දකුණින් සහ නැඟෙනහිරින් මධ්‍යධරණී මුහුදෙන්ද උතුරින් සහ ඊසානදිගින් ප්‍රංශය, ඇන්ඩෝරා සහ බිස්කේ බොක්කෙන් ද, බටහිරින් සහ වයඹදිගින් පෘතුගාලයෙන් සහ අත්ලාන්තික් සාගරයෙන්ද මායිම් වේ. අත්ලාන්තික් සහ මධ්‍යධරණී වෙරළ තීරයන් දෙකම පවතින ප්‍රංශය සහ මොරොක්කෝව හැරුණු විට, අනෙක් එකම රට වන්නේ ස්පාඤ්ඤයයි. කි.මී. 1214ක් විහිදෙන ස්පාඤ්ඤ-පෘතුගාල දේශ සීමාව, යුරෝපා සංගමයේ රටවල් දෙකක් අතර පවතින දිගම දේශ සීමාවයි. ආගම්වලින් පුද්ගලයන්ට සිදුවන යහපතට වඩා ගැටුම් නිර්මාණයට ඇති ඉඩකඩ වැඩි බව සලකා එවකට පැවති රජය විසින් ස්පාඤ්ඤ නිල රාජ්‍ය ආගම ලෙස තිබූ කතෝලික ආගම අහෝසි කරන ලදී. ඒ නිසා ස්පාඤ්ඤයට නිල ආගමක් නැත. එහෙත් 68%ක් කතෝලිකද 26%ක් නිරාගමික ලෙසද වෙනත් ආගම් අදහන සුළු ප්‍රතිශතයක්ද එහි වේ. නිල භාෂාව ස්පාඤ්ඤ භාෂාව වේ. 

පේද්රෝ සැන්චේස් 1993 සිට මධ්‍ය වාමාංශික පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට එක්ව සිටියද මෙම මැතිවරණයෙන් ඉදිරියට පැමිණෙන තුරු එතරම් අවධානයට පත්වූ නායකයකු නොවේ. සංක්‍රමණිකයන්ගේ හා සරණාගතයන්ගේ ප්‍රශ්න වැනි අන්තර්ජාතික කාරණාවලදී හා යුරෝපා සංගමයේ ආර්ථික කාරණාවලදී ඔහු දැක්වූ ප්‍රගතිශීලී, වමට බර අදහස් හා මධ්‍යස්ථ මතධාරියකු වීම ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ බව විශ්ලේෂකයන්ගේ මතයයි. එසේම ඔහු ලිංගික සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් හා ඹ්ට්ඕඊ පඪඨඩබඵ සුරකින්නකු වූ අතර කාන්තා  අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින අයකු වීම මෙම ජයග්‍රහණය පසුපස ඇති බව නොරහසකි. විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ මූලික අංගයක්ව පැවති විරුද්ධ මතධාරීන් අතර සිදුවුණු මාධ්‍ය සාකච්ඡා විවාද ආදියේදී ඔහු දැක්වූ අර්ථ පූර්ණ අදහස් හා කථිකත්වයද පියමනාප කඩවසම් පෙනුමද මෙහිදී ජනතා ආකර්ෂණය දිනා ගැනීමට තවත් හේතුවක් වූ බව වැඩි දෙනකුගේ මතයයි. 

පේද්රෝ සැන්චේස් දේශපාලන විද්‍යාවේ මාස්ටර්ස් උපාධි ලබා ඇති අයකුද වේ. ඔහු දේශපාලන ජීවිතය ඇරැඹුවේ මැඩ්රිඩ් නගර සභාවේ 2004 සිට 2009 දක්වා විපක්ෂ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමිනි. 2014දී මධ්‍ය සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණද වසර දෙකකින්ම එම නායකත්වය අහිමි වන්නේ අයහපත් මැතිවරණ ප්‍රතිඵල හේතුවෙනි. මාස හතක කාලයක් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව සිටින ඔහු සාමාන්‍ය ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් නැවත තමාගේ ඡන්ද පදනම ගොඩනඟා ගත්තේය. යළි පාර්ලිමේන්තුවට පත්ව එවකට සිටි දක්ෂිණාංශික පාලකයා වූ මාරියානෝ රාජෝයිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එමින් එය ජයග්‍රහණය කිරීම ඔහුගේ දේශපාලන ජනප්‍රියභාවය කෙටි කලකින් ඉහළට එසවීමට සමත් විය. පේද්රෝ සැන්චේස්ගේ පාලනය ස්පාඤ්ඤය නව මඟකට යොමු කරනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තු සහගතව සිටිති. 

“මැතිවරණ කෙසේ හෝ දිනාගත හැකි වුවත් ඉන් පසු නිසි පරිදි පාලනය ගෙනයෑම ඉතා අපහසුයි. දේශපාලනය යනු ගොඩනැඟීමයි. විනාශ කිරීම නොවේ. පාලකයන් හා ජනතාව අතර විනිවිදභාවයක් තිබිය යුතුයි. අද බොහෝ දේශපාලකයන් හා නිලධාරීන් පවා තමාගේ වගකීම කුමක්දැයි දන්නේ නෑ. අපට එය ඔවුන්ට ඉගැන්විය යුතුව තිබෙනවා. දේශපාලනඥයා යන උත්තරීතර තනතුර අවමානයට පත් නොකළ යුතුයි. මෙම සිස්ටම් එකම සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතුයි. රටක් ඉදිරියට ගෙන යෑමට වඩාත් අවස්ථා හිමි කර දිය යුත්තේ තරුණ ප්‍රජාවටයි. අධ්‍යාපනයෙන්, රැකියා අවස්ථාවලින් ඔවුන් ශක්තිමත් කොට ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාගත යුතුයි. නාස්තිය අවම කොට රටට ලැබෙන හැම සතයක්ම ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුයි. දියුණු සමාජයක් නම් අදහස්, ආකල්ප අතින් නවීකරණය විය යුතුයි. ඒ කටයුතු කිරීම සඳහා දේශපාලනය තුළ කොතරම් නම් මෙවලම් තිබෙනවාද? අප ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවාද?”

ඒ රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේ විරුද්ධ දේශපාලනයෙනුත්, මාධ්‍යවලිනුත් නිබඳ බැට කන වාමාශිංක ව්‍යාපාර ජයග්‍රහණය දක්වා ගෙනයෑමේ ඉමහත් දුෂ්කරතාවයේ බර හදවතේ සඟවා ගෙන සැහැල්ලු සිනාවකින් මුව සරසා ගනිමිනි. 


වෛද්‍ය ලංකා සිරිවර්ධන